හිටපු කොටි ජාත්‍යන්තර අංශ නායක සහ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඇතුළු ප්‍රභූවරුන් රැසකගේ ඝාතනයට වරදකරුවකුවන කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී. ව ආණ්ඩුව විසින් යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ වවුනියාවේ රැගෙන ගිය වීඩියෝ පටයක් අන්තර් ජාලයට නිකුත්වී තිබේ.
එම වීඩියෝ පටයට අනුව මෙම බරපතල චෝදනා එල්ලවී ඇති ත්‍රස්තවාදී නායකයා කිසිදු බාධාවකින් තොරව උතුරේ ජනතාව ආමන්ත්‍රණය කරන අතර ඒ සදහා ඔහුට ආරක්ෂක හමුදාව යොදා දැඩි ආරක්ෂාවක්ද ලබා දී තිබිණි.
කෙසේ වෙතත් රජය විසින් පසුගියදා ප්‍රකාශ කළේ දැනට රැදවුම්බාරයේ සිටින බරපතල චෝදනා එල්ලවී ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 1335කට එරෙහිව නඩු පවරන බවයි. නමුත් කොටි සංවිධානයේ ආරම්භක සාමාජිකයකු සහ ප්‍රධාන පෙළේ නායකයකුවන කේ.පී. එරෙහිව කිසිදු නීතිමය පියවරක් මේ වන තෙක් ගෙන නොමැත. ඒ වෙනුවට රජය ප්‍රකාශ කළේ ඔහු රජයේ සාක්ෂිකරුවකු කර නිදහස් කිරීමේ හැකියාවක්ද පවතින බවයි.