Vehicle Business

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Machan mama hithagena innawa used vehicle business ekak karanna.Mata loku idea ekak na machan used vehicles gana.danna aya udau karanawada
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    විකුනන්න ගද්දි මාකට් තියෙන ඕනෙ වෙලාවක දෙන්න පුලුවන් මොඩ්ල් ගන්න. කන්ඩිශන් හොඳයිනම් ඕනෙ වෙලාවක දෙන්න පුලුවන්.
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    විකුනන්න ගද්දි මාකට් තියෙන ඕනෙ වෙලාවක දෙන්න පුලුවන් මොඩ්ල් ගන්න. කන්ඩිශන් හොඳයිනම් ඕනෙ වෙලාවක දෙන්න පුලුවන්.

    ehema models monawada machan thiyenne.market price ehema dannawanam post karanna.

    thanks for the reply...
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ඕනි වෙලාවක ඉල්ලුමක් තියන ඒව ගන්න​... FB15, Toyota 110 වගේ. වාහනේ සුවඳින් ලෙඩ කියන්න පුලුවම් තරම් දැනුමක් ඕනි.. නැත්තම් ලෙඩ ගොඩවල් සෙට් වෙලා අතේ තියන ගාන කෙලවගන්න තමයි වෙන්නේ. මුලින්ම ලොකු ඒවට යන්න එපා. රත්තරං ලොක්කාද කොහෙද දාල තිබ්බ ඔය ගැන Thead එකක්
     
    Last edited:

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    ඕනි වෙලාවක ඉල්ලුමක් තියන ඒව ගන්න​... FB15, Toyota 110 වගේ. වාහනේ සුවඳින් ලෙඩ කියන්න පුලුවම් තරම් දැනුමක් ඕනි.. නැත්තම් ලෙඩ ගොඩවල් සෙට් වෙලා අතේ තියන ගාන කෙලවගන්න තමයි වෙන්නේ. මුලින්ම ලොකු ඒවට යන්න එපා. රත්තරං ලොක්කාද කොහෙද දාල තිබ්බ ඔය ගැන Thead එකක්

    ela thanks machan.buddy van gena mokada hithanne.thawa suzuki swift wage , toyota vitz, passo wage ewa kohomada
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ehema models monawada machan thiyenne.market price ehema dannawanam post karanna.

    thanks for the reply...

    ඕක අනුන්ගෙන් අහගෙන කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බන්. මාලුවට කවුරුවත් පීනන්න කියල දෙන්න නෑනෙ.
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    issella market thiyana wahana warga ekak hari thoraganna. ita passe hariyata e wahana gena igana gannama wenwa. ekata elakiriye inna ungenuth loku support ekak ganna puluwan wei. Ita passe business ekata bahinna. nethnam athe thiyana ganatath kelawiima sure machan.
    Ex: van ekak gannawanam monawada balanna ona kiyalawath(pili wage dewal ehema)
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    issella market thiyana wahana warga ekak hari thoraganna. ita passe hariyata e wahana gena igana gannama wenwa. ekata elakiriye inna ungenuth loku support ekak ganna puluwan wei. Ita passe business ekata bahinna. nethnam athe thiyana ganatath kelawiima sure machan.
    Ex: van ekak gannawanam monawada balanna ona kiyalawath(pili wage dewal ehema)

    thanks machan
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    :lol: නොදන්න මගුල් කරන්න නියම ප්ලේස් එකෙන් තමා හෙල්ප් ගන්න එන්නෙ. වාහන ගැන නොදැන වාහන බිස්නස් කරන්න බෑ. උබව බිස්නස් වෙයි වාහන බිස්නස් කාරයෝ අතරෙ :rolleyes::rofl:
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    :lol: නොදන්න මගුල් කරන්න නියම ප්ලේස් එකෙන් තමා හෙල්ප් ගන්න එන්නෙ. වාහන ගැන නොදැන වාහන බිස්නස් කරන්න බෑ. උබව බිස්නස් වෙයි වාහන බිස්නස් කාරයෝ අතරෙ :rolleyes::rofl:

    thanks
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Machan mama hithagena innawa used vehicle business ekak karanna.Mata loku idea ekak na machan used vehicles gana.danna aya udau karanawada

    එහෙමනම් කියන්න තියෙන්නේ එකම එක දෙයයි... කෙලවෙලාම යන්න ඕනේනම් වැඩිම සතියක් යයි...:sorry::sorry:

    රත්තරං;13610595 said:
    Car-Sale.jpg


    ඉතින් කොල්ලනේ අද ඔන්න වෙනස්ම ආකාරයක ත්‍රෙඩ් එකක් දාන්නයි යන්නේ.. මේක දාන්නේ විශේශ කාරනාවක් සමරන්නයි.. ඒක ලගදීම කියනවා

    කාර් සේල් එකක් දාමු

    කියවපු ගමන්ම කට්ටියට හිතෙන්න ඇත්තේ, මේ මොන මගුලක්ද කාර් එකක් ගන්න දහසක් පෙරුම් පුරද්දි මූ සේල් දාන්න කතා කරනවා... කියලා... එහෙම නේද?
    නෑ යාලුවනේ.. ගොඩ එන්න කැමති කොල්ලෙක්ට අද අදහසක් දෙන්නයි යන්නේ

    බොහොම සුලුවෙන් වාහන බිස්නස් එකක් කරන හැටි, පාඩු නොවී වාහන විකුනගන්න හැටි , ගන්න හැටි ගැන.ලංකාවේ සේල් කාරයෝ ගැන පොඩි අදහසක් දෙන්නයි යන්නේ

    ඉස්සෙල්ලම බලමු මේක කාටද කරන්න පුලුවන් , කරන්න බැරි කියලා

    මේක කරන්න බැරි ( අමාරු ) මෙන්න මේ අයට
    1. එකපාර ලක්ශ ගානක් දාන්න හිතන් ඉන්න අයට
    එකපාර ලක්ශ ගානක් දාලා සෙකන්හෑන්ඩ් වාහන බිස්නස් කරන්න හදපු හුගදෙනෙක් මේකෙන්ම නැතිවෙනවා. මේක කරනවනම් ටිකෙන් ටික ඒකෙන්ම ඉගෙනගෙන වැඩේට බහින්න ඔනේ. සල්ලි තිබ්බ පලියට කරන්න බෑ. සෙකන්ඩ් හෑන්ඩ් වාහන කියන්නේ සමහර වෙලාවට ලෝක මරන සෙට් වෙනවා. සල්ලි දීලවත් ගොඩ එන්න බෑ, නඩු පොලිස් කේස් විමානයයි. ඒ නිසා මේකට මේ ෆීල්ඩ් එකේ තෙම්පරාදු වෙන්න ඕනේ

    2. වාහන ගැන දැනුමක් නැති අයට
    සල්ලි තන්හාවට මේක කරන්න ගියොත් ඉස්සෙල්ලම තමන්ගේ සල්ලි ටිකට තමා තට්ටු වෙන්නේ.. වාහනයක් දැක්කහම මිල කියන්න පුලුවන් තරමට...මලකඩ සුවදට අන්ජනම් කියන ගානට වාහන ගැන ඇගට පයිත්තියන් කරගන්න ඕනේ

    3. අවන්කව වැඩේ කරන්න බැරි උන්ට
    මිනිහෙක් වාහනයක් ගන්නේ දාඩිය මහන්සියෙන් හම්බකරලා නොකා නොබී ඉතුරු කරලා දවසින් දවස ආසාවන් පොදි බැදන් එකතුකරපු සල්ලි වලින්.. ඒවගේ මිනිහෙක්ට ගින්නක් දුන්නොත් අනිවා පටිසන් දෙනවා

    මේ වැඩේට ලක්ශ 15ක් හොදටෝම ඇති

    මේක කරන්න පුලුවන් කාටද?

    වාහන උන ඇගේ තියන, ලක්ශ 10-20ක රෝලක් ගහගන්න පුලුවන් , උත්සාහයක් තියෙන කොල්ලන්ට

    වාහන බිස්නස් එක ලාභදායී වෙන්නේ කොහොමද? අපි හිතමු A B C කියලා 3දෙනෙක් ඉන්නවා

    A - බැංකු කලමනාකරුවෙක්. වාහනයක් ගන්න කියලා හිතන් FB15 එකක්ම හොයනවා. හොද කාර් එකකට වැඩිපුර 50ක් 60ක් දෙන්න ලෑස්තියි

    B - බිස්නස් කාරයෙක් ඕනේ වාහනයක් වටින්න අහුවුනොත් ගන්නවා

    C - මුදලාලි කෙනෙක්..එයාගේ ටොයොටා 110 එක මුදල් හදිසියකට විකුනනවා. ටිකක් අඩුව උනත් ලෑස්තියි

    Aගේ අවශ්යතාවට C ගේ වාහනේ සෙට් වෙන්නේ නෑ. ඒ නිසා නිකන් දුන්නත් ගන්නේ නෑ. ඒත් මේ දෙන්නගේම අවශ්යතා සපුරන්න Bට පුලුවන්. ඔනේ වෙන්නේ කාලය විතරයි

    A හොයන වාහන කුලකය අඩුයි.. C ගේ වාහනේ ගන්න ඉන්න කට්ටියගේ කුලකයත් අඩුයි.. ඒත් ඕනේ මගුලකට කරගහන Bගේ කුලකය වැඩී, ඒ නිසා ඌට ලග ලග බිස්නස් එනවා .එපා එකාගෙන් අවශ්යතාවක් නැති තැන අරන් ඕනේ එකාට අවශ්යතාවක් ඇති තැන විකුනනවා.මාස ගනන් වේලි වේලි ඉන්නවා වගේ පෙනුනත් ඔන්න ඕකයි සේල් කරන අයට ලාභ ලැබීමේ රහස

    ලංකාවේ secondhand වාහන බිස්නස් කරන අයගේ විවිද ප්‍රබේද ඉන්නවා.. අපි පොඩ්ඩක් බලමු උන් මොක්කුද කියලා

    පලවෙනි කොටස - ඕනේ මගුලක් ඕනේ එකකට මාරු කරන, ඕනේ ලබ්බක් ගන්න ඩයල්. අපි මුන්ට කියන්නේ වැල සේල් කාරයෝ කියලා.

    දෙවෙනි කොටස - ටොයොටා නිසාන් කාර් විතරක් කරන උන්. උන් කොමන් කාර් විතරයි කරන්නේ. මාකට් අඩු මොඩල් වලට අත ගහන්නේ නෑ. සුලු ලාභයයි මේ මොඩල් වලින් එන්නේ.ඉල්ලුම වැඩි නිසා ඒත් ලග ලග විකිනුවහැකියි..

    තුන්වෙනි කොටස - මුන් කරගහන්නෙම ලොවෙත් නැති මාකට් එක අජූත මොඩල් වලට. ඕපල්, පෝජොට්, අව්ඩි වගේ ඒවා. අපි මේවා විකුනගන්න බෑ කිව්වට සේල් කාරයෝ මේවයින් පට්ට ගනන් හොයනවා., හැබැයි විකුනගන්න මාස 2ක් 3ක් යනවා. හැබැයි යනකොට යන්නේ කුට්ටියක් දීලා.. ඒ කොහොමද??? මෙහෙම හිතමු. 300- නොම්බර 1999යේ අව්ඩි ඒ4 එකක් තියෙනවා. කියපන් බලන්න ගානක්?? හෙන වැඩ්ඩෙක්ට උනත් හිතාගන්න බෑ නේද? ඕවා බොහොම අඩුවට හොයාගන්න පුලුවන්... ඒ වගෙම මේවගේ ඔප්ට්ශන් සැපපහසුව ජපන් ඒවට වඩා 100ගුනයක් හොදයි..ඉතින් ගෙනල්ලා ඔටවන් ඉන්නවා උන කාරයෙක් එනකන්.. ආවහම 13ට ගෙනාපු කාර් එක 18යි කිව්වත් නියමිත මිලක් නැති නිසා ගන්න එකාට සෙට් වෙනවනම් ඌ ගෙනියනවා. අනික මේ කාර් එකක් දැක්කහම පිත්තාශ ගල් වෙනවා බන් සැපපහසුව සයිස් එක දැක්කහම, ඇත්තම කතාව මේවට කෙලවෙලා තියෙන්නේ ලංකාවේ තෙල් මිල හා අමතර කොටස් ප්‍රශ්නේ නිසානේ, නැත්නම් මේවා පට්ට බඩු.. කෙලින්ම හෙන කුට්ටියක් අතේ

    හතරවෙනි කොටස - වෑන් විතරයි කරන්නේ. මුන් නම් ලෝක අන්ඩපාලයෝ.. ඔය ඔන්ලයින් සයිට් එකක, පත්තරේ එහෙම එක පාර වෑන් 4ක් 5ක් වැටිලා තියෙන වෙලාවක හොදට බලපන්.. එකම ෆෝන් නොම්බරෙන් තියෙන්නේ., ඔය එක්තරා තුන්කාලේ ජාතික පිරිසක් ඉන්නවා ඩොල්ෆින් හොමි පුදුම විදිහට පාවිච්චි කරන. ඩොල්ෆින් වලටනම් පුදුම මාෆියාවක් උන් ගෙනියනවා. මේවා කිව්වොත් ආයෙම කියයි මම ජාතිවාදේ අවුස්සනවා කියලා. ඒ නිසා කෙටියෙන් කියන්නම් තුන්කාලේ ඩොල්ෆින් ගන්න එපා. උන්ගේ එක්තරා ගමකට (නම හොයාගන්න ඕනෙනම් පත්තරයක් අරන් බලපන් තුන්කාලේ නම් වලින් ඩොල්ෆින් වැඩියෙන්ම තියෙන ගම මොකක්ද කියලා, මේ ඩොල්ෆින් කතාව හරි ප්‍රසිද්දයි. දන්නෝ දනිති ) ගෙවල් වලට ගෙනත් දාලා වෙන වෙන නම් වලින් විකුනන්නේ එකම පුද්ගලයෙක්. ඌ හුගක් වෙලාවට පිට්ටුගලින් හරි ලදරන් වෙච්චා පුත්තලම් පැත්තෙන් හරි ඇදලා මවලා විකුනන්නේ. නයිස් පැක් ජස්ලෝ මුන් පාත් කරනවා

    පස් වෙනි කොටස - ජල්ටෝන් සේල් , අපේ ලයින් එකේ ඉන්නෙම මේ වගේ බුවාලා තමයි. මීගමුවේ සිට කුරුනෑගල දක්වා බුවාලගෙන් කාර් ගන්නකොට හොදට හොයලා බලන්න.. උන් ගාව මාර බඩු තියෙන්නේ උන් ගාව K නොම්බර ටොයොටා AE100 තියෙනවා.. 32 අලුත් මොඩල් නිසාන් පැට්‍රල් තියෙනවා. 300 ඩෑශ් FB15 තියෙනවා ලේට් ලෙජිස්ටර් කරපු බ්‍රෑන්ඩ්නිව් කාර් තියෙනවා.. බ්‍රෑන්ඩ්නිව් ඩොමෙස්ටික් කාර් තියෙනවා ,,,මේවා ගත්තගම පුදුම හත කැලේ.


    ඔන්න ඔය කිව්ව ජාති වලින් 2,3 කාන්ඩයේ ගේමක් ගහන එක තමා නුවනට හුරු

    කවදාවත් සෙකන්හෑන්ඩ් කාර් අරන් අව්රුදු 4 කට වඩා දුවන්න එපා. එතකොට උන් පව්ලේ සාමාජිකයො වෙනවා.

    අරන් හදනවා කියලා හිතන් වාහන ගන්න එපා. ලක්ශ 15කට කබල් 110 එකක් අරන් හදාගන්නවා කියලා හිතලා ගන්නවට වඩා හොදයි 15ට 100 එකක් ගන්නවා. ඔය වාහන හැදිල්ල සංසාරේ එපාවෙන වැඩක්.. පේන්ට් එක ගහනව කියලා හිතන් ගත්තහම.. පේන්ට් එක ගැහුවහම සීට් කවර.. ඊට පස්සේ පේන්ට් එකට ගලවලා බ්‍රේක් අව්ල.. ඒපාර බ්‍රේක් පිස්ටන් බුශ් ගගහා අටවන්න ඕනේ.. ඔන්න ඊට පස්සේ අරක අවුල් මේක අවුල් ආයේ බයිලා..ගැරිජ් එකක හරියට කට්ට කෑවොත් ඉස්පිරිතාල හොදයි කියලා හිතෙනවා

    එහෙනම් ඉතින් එකපාර ලොකු එකක් අරගන්න සල්ලි නැතුව වාහනයක් අරන් පැදලා විකුනලා තව කීයක් හරි දාලා තව එකකට... එහෙම එහෙම ඉස්සරහට යන්න හිතන් ඉන්න කොල්ලන්ට මේක වැදගත් වෙයි කියලා හිතුනා. මාත් මේ රෝලම ඉස්සර ගැහුවා. කරනවනම් මේක හොද බිස්නස් එකක් කොල්ලනේ. කඩ කුලී, ලයිට්බිල් , වතුර බිල්,tax මොකුත් නෑ.. මමනම් කවදාවත් වාහනයක් ගත්ත ගානට අඩුවට දීලා නෑ. ඉතින් අපේ කොල්ලන්ටත් එහෙමම කරගන්න පුලුවන් වෙන්න වැදගත් වෙයි කියලා හිතුන නිසයි රත්තරං මේ ටික කිව්වේ..

    ඔන්න ඊලග ත්‍රෙඩ් එකෙන් කියන්න ඉන්නේ කොහොමද තමන්ගේ බජට් එකට තමන්ට ගැලපෙන වාහනයක් ගන්නේ කියලා

    වැඩක් උනා කියලා හිතෙනවනම් රෙප් දෙක තුනක් දීලා බම්ප් එකක් එහෙම දාලා යන්න හොදේ



    ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය













    තෙරුවන් සරණයි!!!!​
    goldenman_s.jpg

    ...........රත්තරං...........



    http://www.elakiri.com/forum/showthread.php?t=1494825