සම්බුදු තුන් මඟුල් සැමරුම යෙදෙන දින
වෙසඟේ සොඳුරු අසිරිය සිහියටම ගෙන
අරුතින් බරවූ නුඹෙ නිමැයුම සිතට ගෙන
බැති බර සිතින් යමි යලි බුදු හිමි සරණ
අප හට තිබෙන වටිනම වස්තුව ලෝකේ
බුදු හිමි දෙසූ දහමයි නැත සැක ඒකේ
ඒ ගැන නොම සිතා සමහරු මේ ලෝකේ
බලු පොරයක යෙදෙති ඒකයි සිත සෝකේ
නිතරම අන් අයගෙ යහපත පතන ගතී
ඇති නුඹ සම්පතකි සොයුරිය අපට ඇතී
තව තව මෙවැනි නිමැයුම් කර දෙමින නිතී
අපි යමු සැවොම අත්වැල් බැඳ එකට එතී....!