Vessyl මේ මොකද්ද?

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    10314556_455113967966374_1401082695749625088_n.png


    Vessyl: A Cup That Uses Molecular Sensors To Track Everything You Drink

    maxresdefault.jpg




    ජලය…, අපි හැමෝටම නැතුවම බැරි දෙයක් … හොඳයි…, කවුරු හරි ඇහුවොත් අද ඔබ කොච්චර ප්‍රමාණයක් ජලය භාවිතා කරාද කියලා ? .. අපිට එකපාරටම පිළිතුරක් දෙන්න බෑ ගණනය කිරිමකින් තොරව. ජලය විතරක් නෙවෙයි වෙනත් පානීය ද්‍රව්‍යක් භාවිතා කරත්, එහි ප්‍රමාණය, එහි ඇති සංඝටක ප්‍රමාණය, ශරීරයට වැටෙන කැලරි ප්‍රමාණය අපට දැනගත හැකිවන්නේ නෑ.
    මේ විස්තරෙ කිව්වෙ අද කටියට අළුත්ම ආකාරයෙ ගැජට් එකක් ගැන කියලා දෙන්න.

    මේකත් අපෙ ජිවිතයේ සුපුරුදු වචනයක් වන ස්මාට් උපකරණයක්, ඇත්තටම මේක ස්මාට් කොප්පයක්. මේ කොප්පය නිශ්පාදනය කරල තින්නේ Yves Behar සහ Mark One ආයතන එකතු වෙලයි. මෙය නම් කරලා තියෙන්නෙ Vessyl කියන නමින්. මේ ස්මාට් කප් එකට හැකියාව පවතිනවා අප භාවිතා කරන දියරයේ කැලරි ප්‍රමාණය ගණනය කිරිමට.එමෙන්ම එහි සංඝටක අඩංගු ප්‍රතිශත ද ගණනය කිරිමේ හැකියාව පවතිනවා. මෙම කප් එක ක්‍රියා කරන්නේ ස්මාට් ජංගම දුරකථනයක් මගින් .

    බ්ලු‍ටුත් මගින් මෙම කප් එක හරහා අපට සන්නිවෙදනය කරන්න පුළුවන්, ඒ සඳහා අවශ්‍ය App එකකුත් නිර්මාණය කරලා තිනවා.මෙම ඇප් එක ඇපල් , ඇන්ඩ්‍රොයිඩ් ඔනම මෙහෙයුම් පද්ධතියක භාවිතා කරන්න පුළුවන්. මේ කප් එකෙ ඇති තිරයක් මගින් ඉහත කී දැ අපට නිරික්ෂණය කරන්න පුළුවන්.එමෙන්ම මේ කප් එක වයර්ලස් තාක්ෂණය මගින් ආරෝපණය කිරිමක් සිදුකල යුතු වෙනවා..මේ කප් එක $99 ක් වැනි මුදලකට අපට මිලදි ගන්න පුළුවන්.


    aaw9cbbbxok0zxnzrfvd.png


    Vessyl-Smart-Cup-Tasse-Connectee-1.jpg


    Vessyl-Smart-Cup-1.jpg
     
    Last edited: