Viagra for Women

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,737
    9,412
    113
    කාන්තාවන්ටත් දැන් ලිංගික උත්තේජනයට ව්‍යාඝ්‍රා

    pill.jpg

    කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා තීව්‍ර කෙරෙන ‘ෆ්ලිබන්සේරින්’ නමින් හඳුන්වා ඇති ඖෂධයකට ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

    ‘ෆ්ලිබන්සේරින්’ නමින් හඳුන්වා ඇති මෙම ඖෂධය ‘කාන්තා ව්‍යාඝ්‍රා’ ලෙසින් ද හැඳින්වෙනවා.

    පිරිමින්ගේ ලිංගික උත්තේජනය වැඩි කිරීමට භාවිතා කරන වයග්‍රා නම් ඖෂධය හා සමානකම් ඇති මෙය මගින් කාන්තා මොළයේ හෝමෝනවලට බලපෑමක් සිදු කරන අතර ප්‍රතිපල ලබා ගැනීමට නම් ඖෂධය මාසයක කාලයක් පාවිච්චි කිරීමට සිදු වන බවයි පැවසෙන්නේ.

    එහෙත් පුරුෂයන්ගේ ලිංගික උත්තේජනය වැඩි කිරීමට භාවිතා කරන ව්‍යාඝ්‍රා මගින් සිදු කරනු ලබන්නේ පුරුෂ ලිංගයට ගලා යන රුධිරයේ වේගය සහ ගලා යාම තීව්‍ර කිරීමයි.

    විවිධ අතුරු ප්‍රතිපල ඇති කිරීමට පවතින ඉඩකඩ හේතුවෙන් ‘ෆ්ලිබන්සේරින්’ නැතහොත් ‘කාන්තා ව්‍යාඝ්‍රා’ ලෙසින් කතා බහ කෙරෙන මෙම ඖෂධය දැඩි විවේචනයට ද ලක් වෙමින් තිබෙනවා.

    මෙම ඖෂධය ස්ටෙරොයිඩ් අඩංගු තවත් ඖෂධ සමග භාවිතයෙන්, මත්පැන් සමග භාවිතයෙන් සහ අක්මාවේ රෝග සහිත පුද්ගලයන් විසින් භාවිතා කිරීම මගින් හානිකර අතුරු ප්‍රතිපල ලබා දිය හැකි බවයි විවේචකයන් පවසන්නේ.

    ඇතැම් කණ්ඩායම් පවසන්නේ කාන්තා ලිංගිකත්වයට අවධානය යොමු කෙරෙන මෙම ඖෂධය කාන්තාවන්ට සහනයක් වනු ඇති බවයි.



    neth