ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික විජය මල්යා ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.
ලන්ඩන් පොලීසිය සඳහන් කළේ, වංචා චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් කළ ඉල්ලීමකට අනුව ඔහුව අත්අඩංගුවට ගත් බව ය.
ඈවර කෙරුණු කිංග්ෆෂර් එයාර් ලයින්ස් සමාගමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
ඊට අමතරව යුරෝ මිලියන 600ක බැංකු ණය ගෙවීම් පැහැර හැර ඇති බවට ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
newsfirst


