Vijaya Kumarathunga ~~ ජනහද විල මැද පිපුණු විජය කුමාරතුංග

CeylonVideoOne

Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    Vijaya Kumarathunga ~~ ජනහද විල මැද පිපුණු විජය කුමාරතුංග

    gR9IPyD.jpg

    GesdyyF.gif

    ජනහද විල මැද පිපුණු විජය කුමාරතුංග​

    27 වැනි ගුණ සමරුව නිමිත්තෙනි

    Source:http://www.divaina.com/2015/02/13/cineart01.html

    දේශපාලන හා ජාතික නායකයන් හඳුන්වා දීමේදී එම නමට ඉදිරියෙන් ගෞරවාන්විත වදන් යොදන්නට යොමුවීම සම්ප්‍රදායකි. දේශපාලන ජන නායකයන්ට එවන් වදන් යෙදීම සුලබ වුවත් කලාකරුවකුට එවන් ගෞරවයක්‌ ලබාදීම විරල සිදුවීමකි. මා එසේ කියන්නේ ඔහුගේ නමට පෙර යොදන්නට ව සඳහන සුවිශේෂ වන්නක්‌ හෙයිනි. අද අප සිහිපත් කරන විජය කුමාරතුංග නම් වූ ඔහුගේ නමට ඉදිරියෙන මානව හිතවාදී යන්න බොහෝ විට යොදන්නට යොමු වූයේ ඔහු එවන් බුහුමනක්‌ ලබන්නට වාසනාවන්ත වූ මෙන්ම ඊට සියලු සුදුසුකම් සපුරාලූ උතුම් මිනිසකු, කලාකරුවකු හා ජනතාවාදී දේශපාලනඥයකු ද වූ හෙයිනි.

    විජය කුමාරතුංගයන් අපට අහිමි කොට ලබන සඳුදාට (16 දා)ට වසර 27 ක්‌ සම්පූර්ණ වෙයි. ඔහු පිළිබඳ මතකය අප හදවත්වල සදාකාලිකව ලියෑවී තිබේ. ජීවිතයේ කිසිදු දිනෙක ගම්සභාවක, පාර්ලිමේන්තුවක අසුනක්‌ පවා නියෝජනය නොකළ විජය කුමාරතුංගයන් එදා මෙරට උතුරේ මෙන්ම දකුණේ ජනතාවගේ ද නොමඳ ආදරයට පාත්‍ර වූයේය. ඔහුට තම ජීවිතය අහිමි වූයේ ද ඔහුගේ සිනමාව නිසා නොව දේශපාලනය නිසාමය. 1988 පෙබරවාරි 16 වැනිදා දහවල ඔහු ඝාතනයට ලක්‌වූ පුවත දිවයිනට එදා ලියූ මට එදා පටන් අද දක්‌වා වසර 27 ක්‌ පුරාම සිහිපත් කිරීම් කරන්නට දෛවය ඉඩ ලබාදී තිබේ.

    සීදුව මහ විදුහල, කඳාන ඩි මැසනඩ් විදුහල හා කොටහේන සාන්ත බෙනඩික්‌ විදුහල යන පාසල්වලින් ඔහු අධ්‍යාපනය හැදෑරුවේය. සිනමා රංගනය තුළ ඔහු මුල් පියවර තැබුවේ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්‍ෂණය කළ හන්තානේ කතාව චිත්‍රපටයෙනි. පාසල් අධ්‍යාපනයෙන් ඉක්‌බිතිව රැකියාවක්‌ සොයමින් කල් ගෙවූ ඔහු පසුව පොලිස්‌ සේවයට බැඳීමට අයෑදුම්පතක්‌ යොමු කර ඒ අනුව පැවැති සම්මුඛ පරීක්‍ෂණයෙන් ද සමත්ව සිටියේය. එහෙත් රංගන ශිල්පියකු වීමේ මහත් වූ ආශාවක්‌ ඔහු තුළ තිබිණි. මේ නිසාම පුවත්පතක පළවූ දැන්වීමකට අයෑදුම්පතක්‌ යොමුකළ විජය සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගි විය. සුගතපාල සෙනරත් යාපා, විජය ධර්ම ශ්‍රී, සෝමපාල ලැනරෝල්, දයානන්ද ගලප්පත්aති සහ ඒ. බී. රාඡ් වැන්නන් සම්මුඛ පරීක්‍ෂණ මඩුල්ලේ වූහ. එම පරීක්‍ෂණයෙන් තෝරාගත් විජයට හන්තානේ කතාවේ රඟපෑමේ වරම ලැබීම ඔහුගේ දෛවය විසින් ජීවිතය වෙනස්‌ මඟකට යොමු කළේය. ටෝනි රණසිංහ, ස්‌වර්ණා මල්ලවආරච්චි, සෝබනී අමරසිංහ, අමරසිරි කලංසූරිය, සමන්ති ලැනරෝල්, දයා තෙන්නකෝන් ආදී පිරිසක්‌ සමග ඔහු මුල්වරට සිනමා කැමරාවට මුහුණු දුන්නේය. පොලිසියේ රැකියාවට යැම පසෙක දැමූ විජය රංගනය තෝරා ගත්තේය.


    කලාවට තිබූ අතිශය කැමැත්ත නිසාම ශේෂා පලිහක්‌කාරයන් මෙහෙය වූ සෙරන්ඩිබ් කලායතනයට බැඳී එහි නැටුම් හා රංගන පාඨමාලාවක්‌ ද හැදෑරීය. හන්තානේ කතාව් රඟපාද්දී විජයට ලැබුණු ආරංචියක්‌ වූයේ සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන් ක්‌ෂිතිජය නමින් ගීත නාටකයක්‌ නිර්මාණය කරන බවය, ඒ අනුව දිනක කේමදාසයන් සොයාගෙන ගියේය. එම හමුව වරෙක කේමදාසයන් මෙලෙස සඳහන් කළේය. "ඒ කාලේ මම මරදානේ තට්‌ටු ගොඩනැඟිල්ලක සංගීත මංජරිය පවත්වාගෙන ගියා. දිනක්‌ මම එහි සංගීත නිර්මාණයක නිරත වනවිට මදක්‌ සිහින් සිරුරකින් යුත් දැකුම්කළු තරුණයකු මා අසල සිටගෙන සිටියා. ඔහු තමන් කවුදැයි පළමුව මට පළ කළා. ඒ දිනවල තමන් හන්තානේ කතාවෙ චිත්‍රපටයේ රඟපාන බවත් මට කීවා. ඔහුගේ සුදුසුකම් මම පරීක්‍ෂා කලා. සංගීතය පුහුණු කර නොතිබුණත් ශ්‍රැතියට අනුව ගීත ගායනා කිරීමේ සහජ හැකියාවත් ගැඹුරු කටහඬක්‌ ද මේ කඩවසම් තරුණයා තුළ තුබුණා. ප්‍රවීන පුවත්පත් කලාවේදීයකු වූ තිලකරත්න කුරුවිට බණ්‌ඩාරයන් රචනා කර තිබ මගේ ක්‌ෂිතිජය ගීත නාටකයට අප විජය තෝරා ගත්තා. සමන් බොකලවෙල ඇතුළු නළු නිළි පිරිසක්‌ සමග ඉතා දක්‍ෂ ලෙස විජය එහි රඟපෑවා. විජය ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි මුල්ම මොහොතයි ඒ..."

    1945 ඔක්‌තෝබර් 09 වැනි දින ජන්ම ලාබය ලැබූ විජයගේ දෙමවුපියන් වූයේ සීදුව ප්‍රදේශයේ ගම්මුලාදැනියකු වූ බෙන්ජමින් කුමාරතුංග සහ බ්‍රියටි්‍රස්‌ කුමාරතුංග යුවළයි. සාමාජිකයන් 4 දෙනකුගෙන් යුත් පවුලක බාලයා වූයේ විජය ය. ඔහුගේ වැඩිමහල් සොහොයුරා සිඩ්නි කුමාරතුංගයි. (ඔහු ජීවන් කුමාරතුංගයන්ගේ පියා වෙයි) විවියන් හා රූපා සොහොයුරියෝ වූහ.

    හන්තානේ කතාවෙන් ඇරඹි ඔහුගේ සිනමාව රංගන චාරිකාවේ මතක සටහන් බොහෝය. අතිශය ජනප්‍රසාදය දිනාගත් තුෂාරා, සංගීතා, මේ දැස කුමටද, දුලීකා, වාසනා, අභිරහස, ජය අපටයි, නැවත හමුවෙමු. මමයි රජා, ඔබටයි ප්‍රියේ ආදරේ ඇතුළු වාණිජ චිත්‍රපට රාශියක ද බැද්දේගම, පාරදිගේ, බඹරු ඇවිත්, අහස්‌ ගව්ව, කරුමක්‌කාරයෝ, දියමන්ති , පොඩි මල්ලී, හිඟන කොල්ලා, ගඟ අද්දර, මරුවා සමග වාසේ, කැඩපතක ඡායා, ක්‍රිස්‌තු චරිතය දක්‌වා වූ මැද මාවතේ හා කලාත්මක සිනමා පට රාශියකද රඟපෑවේය. (විජය පිළිබඳ මෙම ලිපියට සම්ප්‍රදායිකව ඔහුගේ ඉතිහාසය බිඳක්‌ සඳහන් කළේ වත්මන් පරපුරට ඔහු පැමිණි ගමන ගැන දැනුවත් කරණු පිණිසය). විජයගෙ රංගනය ගැන වරෙක ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසූ සඳහන මෙහිලා ඉතාම වැදගත් වන්නකැයි මට හැඟේ.

    අපූර්ව රොමැන්ටික්‌ බවක්‌ විජයගේ රංගනය තුළ තිබුණා. මොන ප්‍රශ්න තිබුණත් ජීවතය දිහා සුබවාදීව බලන ජයග්‍රාහී ලීලාවක්‌ එහි විද්‍යමාන වුණා. මේ නිසා ඔහුගේ රංගනයේ තමන්ටත් ආවේණික ශෛලියක්‌ ප්‍රකට කළා. මම හිතන විදිහට විජය තමයි සිංහල සිනමාවේ සිටි එකම රොමැන්ටික්‌ නළුවා. විජය රඟපෑ ඇතැම් වාණිජ චිත්‍රපට හින්දි චිත්‍රපටවල අනුකරණ වුණත් ඔහු කිසිදාක වෙනත් නළුවකු අනුකරණය කළේ නැහැ - (අරුණ ගුණරත්න සමග සංවාදය - සරසවිය පුවත්පත)

    ගඟ අද්දර ඇතුළු සිනමා පට රැසකට පසුබිම් ගායනයට ද පිවිසුණු හෙතෙම ඉන් ඔබ්බට යමින් ගායන ක්‌ක්‍ෂේත්‍රය තුළ තම හඬ පෞරුෂය දිග්විජය කරන්නට සමත් වූයේය.

    මේ රටේ නිර්ධන පන්තික ජනතාවගේ විමුක්‌තිය උදෙසා දේශපාලන වේදිකාව තුළ විජය තම අභිත හඬ එදා අවදි කළේය. 1977 කටාන ආසනයට ඔහු තරග කළේ පළමුවරට ඡන්ද සටනකට පිවිසෙමිනි. එහෙත් ඉන් ඔහු පරාජයට පත්විණි. 1978 වසරේ පෙබරවාරි 20 වැනිදා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මෙනෙවිය සමග විජය විවාහ ගිවිස ගත්තේය. ශ්‍රී ලංකාව නිදහස්‌ පක්‍ෂයේ ජව සම්පන්න ක්‍රියාකාරකයකු වූ විජය එම පක්‍ෂයේ උප ලේකම්වරයකු ලෙසද තේරී පත්විය. විජය තුළ තිබූ චතුර කථිකත්වය හා දුප්පත් ජනතාව කෙරේ හදවතින්ම දැක්‌වූ අසීමිත දයාවද ඔහු කෙරේ තිබූ ජන ආකර්ෂණය තවත් වැඩිවන්නට හේතු විය.

    1980 පක්‍ෂයේම පිරිසක්‌ ශ්‍රීලනිපයෙන් වෙන්වී ගොස්‌ පක්‍ෂ මූලස්‌ථානය බලයෙන් අත්පත් කරගත් අවස්‌ථාවේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට උපරිම සහාය පළ කළ විජය, බණ්‌ඩාරනායක මැතිනියට අධිකරණයට පැමිණීමට සිදුවෙද්දී එතුමිය සමග සිටි අයුරු අපට මතකය.

    1982 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කළ හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතා ජයග්‍රහණය කරලීම වෙනුවෙන් ඔහු සමග රට වටා යමින් විජය කළ අභීත කැපවීම් හා ඔහු කළ කාර්යභාරය ඉමහත්ය. ඉන් ඉක්‌බිතිව 1982 එල්ලවුණු ජනමත විචාරණයේදී රාජ්‍ය විරෝධි ක්‍රියාවල නිරතවීමේ චෝදනාවකට ලක්‌ව සිරගත වන්නට ද ඔහුට සිදුවිය.

    ශ්‍රීලනිපයෙන් වෙන්වී විජය කුමාරතුංගයන් 1984 ජනවාරි 22 වැනිදා ශ්‍රී ලංකා මහජන පක්‍ෂය පිහිටුවා ගත්තේය. මින්නේරිය (1984) හා මහර (1983) ආසනවල අතුරු මැතිවරණවලට විජය අපේක්‍ෂකයකු ලෙස තරග කළේය.

    මින්නේරිය අතුරු මැතිවරණයට ඔහු හා තරග කිරීමට ස්‌වාධීන අපේක්‍ෂකයකු ලෙස මේ ලියුම්කරුටද අවස්‌ථාව ලැබිණි.

    1986 දී මෙරට ප්‍රධානතම ප්‍රශ්නය වූ ජනවාර්ගික අරගලයට විසඳුම් ලබාදීම ප්‍රමුඛතම කාර්ය ලෙස විජය තීන්දු කළේය. මෙරට පළපුරුදු වාමවාදීන් හා පළපුරුදු දේශපාලනඥයන්ද අභිබවා යමින් ඔහු ඒ වෙනුවෙන් කැප වූයේය.

    උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක අවශ්‍යතාව අවධාරණය කළ විජය තම දේශපාලන ජීවිතය හා තම අනාගතය පරදුවට තබා ඒ වෙනුවෙන් යාපනයේ සහ ඉන්දියාවේ ද සංචාරය කළේය. ඉන්දීය තමිල්නාඩු නායකයන් හා එවක ක්‍රියාත්මකව තිබූ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ක්‍රියාකාරීන් ද සමග සාකච්ඡාවන්ට සහභාගි විය. උතුරේත්, දකුණේත් දහස්‌ ගණන් ජීවිත විනාශ, නතර විය. යුතු බව ඔහු අවධාරණය කළේය. එකල පැවැති දේශපාලන හා සමාජ පසුබිම තුළ ඔහු දැරූ වෑයම මතවාදයන් අද ඇතැමුන් බෙදුම්වාදී වපර ඇසින් බලා දොa දර්ශනයට ලක්‌කළ ද ඔහු කළ කැපවීම සුළු කොට තැකිය හැකිද?

    එල්. ටී. ටී. ඊ. අත්අඩංගුවේ සිට හමුදා භටයින් දෙදෙනා මුදවා ගැනීම සඳහා විජය එදාගත් උත්සාහයත්, යුද ගිනි මැද යාපනයට ගිය විට විජය නමැති කලාකරුවා හා දේශපාලනඥයා උතුරේ ජනතාව උණුසුම් ලෙස පිළිගත් ආකාරයත් අපට මතකය.

    ජනවාර්ගික සාමය හා එකමුතු උදෙසා විජය කුමාරතුංගයන් එකල දැරූ උත්සාහය ගැන ප්‍රන්ට්‌ ලයින් සඟරාවට විශේෂාංගයක්‌ එක්‌ කළ තෝමස්‌ ඒබ්‍රහම් විජයව හඳුන්වා දුන්නේ
    ධෛර්යවන්ත භාවයේ පැතිකඩක (ඡරදසෙකැ දෙ ඤමර්ටැ) යනුවෙනි. සිනමා කර්මාන්තයේ නිරත වූවන් තුළ එකමුතු භාවයක අවශ්‍යතාව ඔහු හැම විටකම අවධාරණය කළේය. නැති බැරි අහිංසක අසරණ ජනතාව මෙන්ම ආර්ථික අතින් දුර්වල ජීවිත ගත කළ කලාකරුවන් උදෙසා ද තම මුදල් පසුම්බිය ඔහු හැම විටම නොමසුරුව විවර කළේය. ඇතැම් චිත්‍රපටවලට කිසිදු මුදලක්‌ නොගෙන ඔහු රඟපෑවේය. මේ සියල්ලෙන්ම ඔහු තුළ තිබූ අප්‍රමාණ අව්‍යාජ මිනිස්‌කම අපට කියා පෑවේය. රූපවාහිනි මාධ්‍ය එකල කෙමෙන් ව්‍යාප්ත වෙමින් පැවතියද රූපවාහිනිය වෘත්තාන්තවල රඟපෑමට දායක නොවූ ඔහු සිනමා නළුවකු ලෙස වෘත්තීය වටිනාකම රැක දෙන්නට ඔහු මියයන තුරුම ක්‍රියා කළේය. තමන්ට සම්මානයක්‌ නැතත් සෑම සම්මාන උළෙලකටම සහභාගි වී තම සහෝදර කලා ශිල්පීන් හා ශිල්පිනියන් ලබන සම්මාන සතුට ඔහු බෙදා හදාගත්තේ අපේ කලාකරුවන්ට එදා විරල පූර්වාදර්ශයක්‌ සපයමිනි. ඒ ඇතැම් සම්මාන උළෙලවලට බිරිඳ චන්ද්‍රිකා, දියණිය යශෝධරා සහ පුත් විමුක්‌ති කැටුව ඔහු පැමිණියේය.

    දේශප්‍රේමි යෑයි කියා ගත් ඇතැමුන් දකුණේ සිදු කළ මිනිස්‌ ඝාතන හෙළා දුටු විජය එලෙස මියගිය ඇතැමුන්ගේ අවමඟුල් උළෙලට ද සහභාගි වී කතා කළ වග මම දනිමි.

    "මගේ දරුවෙක්‌ ඉස්‌කෝලේ ඉගෙන ගන්න කොට ඔයාගේ තාත්තා මළේ කොහොමද කියලා යමෙක්‌ අහන වෙලාවක චිත්‍රපටයක පෙම් ජවනිකාවක්‌ රඟපාත්දී පපුවේ අමාරුවක්‌ හැදිලා තාත්තා මළ කියන්න නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මිනිසුන්ට යහපතක්‌ කරන්න කැප වෙලා, උතුරේ දකුණේ ජීවිත විනාශය නවත්වලා, මේ රටේ සියලු ජාතීන්ට සාමයෙන් සමගියෙන් ජීවත් කරවන්න ජීවිතය කැප කරලා එහෙම සටනකදී මට වෙඩි තියලා මරා දැම්මා කියලා අහන්න ලැබුණොත් ඒක මටත් දරුවන්ටත් සැනසීමක්‌" යෑයි විජයම වරෙක රැස්‌වීමකදී පැවසීය.

    වරෙක තම උපන් ගමේ (සීදුව) පැවැති උළෙලකට එවකට ලංකාවේ ජනප්‍රියතම නළුවා වූ ගාමිණි ෙµdන්සේකා පැමිණි විට ඔහු වටකරගත් ජනතාව ගාමිණීට දැක්‌වූ උණුසුම් පිළිගැනීම දුටු විජය "මටත් හිතුණා ගාමිණි වගේ කවද හරි ජනප්‍රිය නළුවකු වන්නට" විජය කීවේය. ගාමිණිගෙන් පසු මෙරට ජනප්‍රියත්වයේ කිරුළ හිමිකරගත් නළුවා වූයේ විජයයි. ජනකාන්ත ගායක එච්. ආර්. ජෝතිපාලයන් මා සමග පැවැත් වූ පුවත්පත් පිළිසඳරකදී විජය ගැන මෙවැන්නක්‌ කීවේය.

    විජය මගේ කල්‍යාණ මිත්‍රයෙක්‌. විජය කටාන ආසනයට 1977 ශ්‍රීලනිපයෙන් ඡන්දය ඉල්ලුවා ඔහුගේ දේශපාලනයට මගේ දේශපාලනය විරුද්ධයි. එජාප වේදිකාවේ මම සින්දු කිව්වත් විජය තරග කරපු කටාන ආසනයේ පමණක්‌ එජාප රැස්‌වීම්වල මම සිංදු කිව්වේ නැහැ. ඒ විජයට මා තුළ තිබූ ගෞරවය නිසයි

    විජය කුමාරතුංගයන් තුළ තිබූ ජනතාවාදී බව ගැන තිස්‌ස අබේසේකරයන් වරෙක මෙවැනි සඳහනක්‌ කළේය.

    ඔහු වාහනයෙන් බසින විටම මිනිස්‌සු ඔහු වටකරගත්තා. දහඩිය පෙරාගෙන, නාවර පෙරාගෙන ඉන්න අයකු පවා ළඟට ආවාම ඔහුගේ කරට අත දමා කතා කළේය. මේ පොදු ජනතාවගේ ස්‌පර්ෂය පවා ඔහුට දැණුනා. මගේ කරුමක්‌කාරයෝ චිත්‍රපටය රූපගත කරද්දී මහ දවල් ගිනි ගහන අව්වේ සරම විතරක්‌ ඇඳගෙන කුඹුරට බැහැලා ගොවියෝ සමග ඔහු කතා කර කර ඉන්නවා. එවන් අවස්‌ථාවල අව්වේ පිච්චෙන්නෙ නැතිව මෙහාට එන්න කියල සැරකරන්නත් මට සිදු වුණා. සාමාන්‍ය ජනතාවත් සමග බද්ධ වී ජීවත්වීමේ අසීමිත අශාව සාමාන්‍ය ජීවිතයේ මෙන්ම චිත්‍රපට දර්ශන තලයේදී පවා දක්‌නට තිබුණා.

    යුක්‌තිය උදෙසා කෑමොර දීමයි....

    දඟගෙයි ලෑමට අප කළ පව

    මුකවාඩම් බැඳ එකෙකු නසන කළ

    දනිව් සුවහසක්‌

    තව උපදින බව...."


    විජය වරෙක එසේ ගැයුවේය. ඔහු තමන් ගැයූ එම ගීතයට බෙහෙවින්ම ආශා කළේය.

    ඔහු මනුෂ්‍යත්වයට ආදරය කළේය. මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ඔහු පෙනී සිටියේය. මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ පරිදි විජය කුමාරතුංග නමැති මානව හිතවාදී කලාකරුවාත් දේශපාලනඥයාත් ලාංකීය ජන හදවත් තුළ අමරණීය වන්නට එම ජීවන ගුණ සුවඳ හේතු වූ බව ද සඳහන් කළ යුතුය.

    නාරද නිශ්ශංක



    34.jpg
    774.jpg
    775.jpg
    777.jpg
    39.jpg
    779.jpg
    782.jpg
    Vijaya-Kumaranatunga2252.jpg
    Vijaya-Kumaranatunga1702.jpg
    Vijaya-Kumaranatunga2253.jpg
    Vijaya-Kumaranatunga2591.jpg
    Vijaya-Kumaranatunga2595.jpg


    ආදරණීය මිනිසෙකුගේ හඬ පෞර්ෂ්‍ය



    රූස්ස ගහ ළඟ පාළු මාවතේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල මචන්.මම කැමතිම නළුවෙක්,ගායකයෙක්.උබ මේක හදන්න සෑහෙන මහන්සි වෙලා තියෙනවා.අදට මගේ රෙප් ඉවරයි.නැත්නම් මේකට නොදී යන්නෙ නෑ එල මචන්.මම කැමතිම නළුවෙක්,ගායකයෙක්.උබ මේක හදන්න සෑහෙන මහන්සි වෙලා තියෙනවා.අදට මගේ රෙප් ඉවරයි.නැත්නම් මේකට නොදී යන්නෙ නෑ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියම චරිතයක් බං.. කාලකන්නි ටික ඉතුරු කරලා හොඳ මිනිස්සු ටික මරලා දැම්මා..
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    ජීවත් වෙලා හිටියානම්, කලාවට දේශපාලනයට ලොකු සේවයක් කරන්න හිටපු නිහතමානී මනුස්සයෙක් :sorry:
     

    CeylonVideoOne

    Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    එල මචන්.මම කැමතිම නළුවෙක්,ගායකයෙක්.උබ මේක හදන්න සෑහෙන මහන්සි වෙලා තියෙනවා.අදට මගේ රෙප් ඉවරයි.නැත්නම් මේකට නොදී යන්නෙ නෑ එල මචන්.මම කැමතිම නළුවෙක්,ගායකයෙක්.උබ මේක හදන්න සෑහෙන මහන්සි වෙලා තියෙනවා.අදට මගේ රෙප් ඉවරයි.නැත්නම් මේකට නොදී යන්නෙ නෑ

    thanks macho ලිව්වෙනම් මම නෙමෙයි මේ දිවයින පත්තරේ ගිය article එකක්
     

    CeylonVideoOne

    Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon




    නියම චරිතයක් බං.. කාලකන්නි ටික ඉතුරු කරලා හොඳ මිනිස්සු ටික මරලා දැම්මා..

    patta machan rep+

    ජීවත් වෙලා හිටියානම්, කලාවට දේශපාලනයට ලොකු සේවයක් කරන්න හිටපු නිහතමානී මනුස්සයෙක් :sorry:

    bump macho

    කලාවට ඒවගේ තරුවක් ආයි බිහිවෙන්නෙනෑ මචච්:no::no:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    thanks macho ලිව්වෙනම් මම නෙමෙයි මේ දිවයින පත්තරේ ගිය article එකක්

    පත්තරේ ගිය එකක් බව දන්නව මචන්.මමත් ඕක කිරියෙ දාන්න ටයිප් කලා.ඔන්ලයින් ටයිප් කලේ.කරුමෙට අන්තිම ටිකේදි ක්ලෝස් වුනා:(.මමත් ඕක ටයිප් කරන්න පට්ට කට්ටක් කෑව.