VIP ලොක්කන් ස්කෑන් කරන්න ගුවන් තොටට අලුත් යන්ත්‍ර

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන තිබේ.

    ගුවන් මගීන් රැගෙන එන අත්බෑග් පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බව රේගු නිලධාරීහු සඳහන් කරති.

    එම නිසා විශේෂ මගී පර්යන්තය හරහා එන ප්‍රභූන්ගේ අත්බෑග් පරීක්ෂා නොකෙරෙන බව එම නිලධාරීහු පවසති.

    විදේශ රටවල බොහොමයක විශේෂ මගී පර්යන්ත වල මෙන්ම අතිවිශේෂ මගී පර්යන්ත වලද අධි තාක්ෂණික ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර සවි කර තිබේ. එමගින් ගුවන් මගීන් අත්බෑග් වලින් ගෙන එන නීති විරෝධී භාණ්ඩ සහ බදු ගෙවීමකින් තොරව ගෙනෙන භාණ්ඩ පිටතට රැගෙන යාම වැලකෙන බව රේගු නිලධාරීහු කියති.

    ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැලැක්වීම සඳහා ජනාධිපති ජනාධිපතිවරයා දුන් උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ මෙම උපකරණ විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන පර්යන්තයේද සවි කරන ලෙසයි.

    ඊට අදාළ වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබේ.

    රත්‍රං කිලෝ තුනක් හා ජංගම දුරකතන සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රේගුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඒ ගැන සොයා බැලූ ලේකම්වරයා මෙම උපදෙස් දී තිබේ.

    https://www.lankadeepa.lk/news/ලොකු-ලොක්කන්-ස්කෑන්-කරන්න-ගුවන්-තොටට-අලුත්-යන්ත්‍ර/101-633803
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මෙච්චර කල් තිබිලා නැද්ද? මුන්ගේ අප්පාගේ air port එකක් නේ ඒක. හැම පර්යන්තයක ම තියෙන්න එපැයි

    ඔය දැන් දානව කිව්වට අපි බලන් ඉන්නවද ඒවා හරියටම කරනවද කියලා..ලංකාවේ උන් කැමති හොරුන්ටම තමා..ඒකනේ ජන්දෙ දීල හොරු රට හදනකන් බලන් ඉන්නෙ..😅
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,481
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇත.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන තිබේ.

    ගුවන් මගීන් රැගෙන එන අත්බෑග් පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බව රේගු නිලධාරීහු සඳහන් කරති.

    එම නිසා විශේෂ මගී පර්යන්තය හරහා එන ප්‍රභූන්ගේ අත්බෑග් පරීක්ෂා නොකෙරෙන බව එම නිලධාරීහු පවසති.
    පොන්නය කියනකල්ම හිටියනේ මේ රේගු අධ්‍යක්ෂක කියන එකා. මුන් මේ තනතුරු වලට පත්වෙන්නෙ කොහොමද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාවෙ තිබ්බ ඩොලර් අතුරුදහන් වෙන්න ඇත්තෙ එහෙමයි
    VIP හිකිල්ලක් :lol:
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,158
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැබැයි ඕක සමහර වෙලාවට හිටි හැටියේම අක්‍රිය වෙයි හැබැයි :P
    මා හින්ද මාතියා, බෑ සිල් මාතියා යන දවස් වලට එහෙම මැසිම ලෙඩ දෙයි 😊
     
    Similar threads