World record, 219: Sehwag runs past Sachin, hits highest in ODI
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අද (8) ඉන්දෝර් හිදී පැවැත්වෙන සිවුවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවැග් (219) එක්දින තරගයක ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්විය. ෂෙවැග් එක්දින තරගයක ඉනිමකදී ද්විත්ව ශතකයක් ලබාගත් දෙවැනි පිතිකරුවා වන අතර ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් පසුගිය වසරේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලකුණු 200 ක් ලබා ඉනිමකදී වැඩිම ලකුණු ලාභියාව සිටියේය.
සෙවැග් පන්දු 149 කදී හතරේ පහර 25 ක් සහ හයේ පහර හතක් සමග ලකුණු 219 ලබා ගත්තේය.
,Ow bn World cup final eketh aththatama api 275 neme 375 gahuwath un gahanwa.
