Virgin Mojito බීල තියනවද කට්ටිය? මම නං මාරම ආසයි මේකට. මේ වෙලාවට බොන්න කියාපු බඩුව. ආසාව නිසාම පොඩ්ඩක් හොයල බැලුව හදන්නේ කොහොමද කියලා. හරිම ලේසියි. වැඩි වියදමකුත් නෑ..
මෙන්න මෙහෙමයි..
අවශ්‍ය ද්‍රව්‍ය..
1. මින්ට් කොළ 10 ක් පමණ.
2. සීනි මේස හැඳි 2 යි.
3. ලෙමන් ගෙඩි 1 යි.
4. Sprite හෝ 7 UP මිලිලීටර් 200 ක් පමණ.
5. අයිස් කැට අවශ්‍ය පමණට.
සාදන ක්‍රමය..
1. මින්ට් කොළ හා ලෙමන් ගෙඩිය කුඩාවට කපාගන්න.
2. කුඩා කැබලි වලට කපා ගත් ලෙමන් ගෙඩිය හා මින්ට් කොළ වීදුරුවකට දමා එයට සීනිද එක් කරන්න.
3. ඒවා වීදුරුව තුලදීම ලී හැන්දක් වැනි යමකින් තලාගන්න.
4. අයිස් කැට කිහිපයක් එයටම එක්කර වීදුරුව පිරෙන තෙක් Sprite හෝ 7 UP එක්කරන්න.
5. ඕනේ නං ඉතින් වීදුරුවට උඩින් ලෙමන් කෑල්ලක් ගහගත්තට කමක් නෑ
හදල බලලා හොඳයි නං කියන්න..

have to try..but where to find mint leaves??