virtual ට්‍රිප් එකක් /කැපවීමෙන් උගන්නන ගුරුවරු /ඔන්ලයින් අධ්‍යාපනය

salitha22

Well-known member
  • Feb 8, 2015
    5,271
    7,975
    113

    ට්‍රිප් එකක් යමුද?​

    ට්‍රිප් යන එක අපේ ගෙදර කට්ටියට නම් ලොකු දෙයක් නෙවෙයි. මේ කොරෝනා නැති කාලේ මාසෙකට එකක් ගෙදර අයත් එක්ක ට්‍රිප් එකක් ගියා. අම්මා තාත්තා එක්ක තව එකක්. යාලුවෝ එක්ක තව එකක්. ඔහොම හිතුන හිතුන වෙලාවක ට්‍රිප් ගිය කාලයක් තිබ්බා.
    අද ඔන්න අපි ට්‍රිප් එකක් ගියා. කොරෝනා හින්දා පාරවල් වල ඇවිදින්න බැහැනේ. ඒ හින්දා අපි කැලේ ඇවිදින්න ගියා. එහෙම ගියේ රටේම පොඩ්ඩෝ ගොඩක් දෙනෙක් එකතු කරගෙන.

    1.jpeg


    ඇත්තම කිව්වොත් අද මගේ ජීවිතයේ ගොඩක්ම සතුටු වෙන දවසක්. මොකද දන්නවද? ඇත්තටම මේක virtual ට්‍රිප් එකක්. ඒ ට්‍රිප් එක අපිව එක්කන් ගියේ මගේ නෝනා සාරංගා. ඒ වැඩේට සම්පූර්ණ තාක්ණික සහය දුන්නේ දුව විහින්දි. මං කලේ පැත්තකට වෙලා බලාගෙන හිටපු එකයි, පින්තුර ටිකක් ගත්තු එකයි විතරමයි.


    2.jpeg


    ඔන්ලයින් අධ්‍යාපනය කියන්නේ මොකක්ද ඇහුවොත් මට මේක බය නැතිව පෙන්නන්න පුලුවන් එකක්. ඒ වගේම උගන්වනවා කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවත් බය නැතිවම පෙන්නන්න පුලුවන් එකක්. මොන්ටිසෝරි වයසේ දරුවෝ හැත්තැවක් අසූවක් ලස්සනට පාලනය කරගෙන එයාලට ඇත්තටම දැනෙන විදියට කරපු වැඩසටහනක් තමයි ඒක.

    ගුරුතුමියගේ තියෙන නිර්මාණශීලිත්වය එක්ක පාඩමක් ගලාගෙන යන අපූරුව බලන්න මේ වීඩියොව මුල ඉදලා අගටම බලන්න.


    3.jpeg


    දවසේ වැඩකටයුතු පටන් ගන්නේ ව්‍යායාම කරලා. ඒත් දරුවො දන්නේ නැහැ එයාලා ව්‍යායාම කරනවා කියලා. එයාලා කරන්නේ සිංදුවකට නටන එක. ඊලගට එයාල ට්‍රිප් එකක් යන්න ඔනේ දේවල් ලැස්ති කරගෙන පයින්ම යනවා. කැලයට තමයි යන්නේ. කැලයෙදි එයාල කැලය ගැන දැනගන්නවා. සත්තු දකිනවා. ඒ වගේම වනාන්තර ආරක්ෂා කරන එක ගැනත් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා නෙවෙයි ඇත්තටම එයාලා ඒවා ප්‍රායෝගිකව අත්විදිනවා. කැලයේ ඇතුලෙදි කෑම කාපු කොලේ පවා ගෙනිච්ච මල්ලේ දාගෙන එන්නට පුහුණු වෙනවා.

    ඒ ඇවිල්ලා කැලේදි දැකපු සතෙක්ව කඩදාසි වලින් නිර්මණය කරනවා. දරුවගේ ඇගිලි වලට විවිධ අභ්‍යාස ඒත් එක්ක ලැබෙනවා. අවසානයේදි ඒත් එක්ක සෙල්ලම් කරන්න එයාට පුලුවන්. මේ දවස් වල දවසම ගත කරන්නට දෙයක් එයාට ලැබෙනවා.

    4.jpeg


    මේ වැඩේ ගුරුතුමියට තනියෙන් කරන්නට බැහැ. තාක්ෂණය ඉහලින්ම ඔනේ වෙනවා.

    දරුවෝ ඉන්නේ whatsapp ගෲප් වලයි facebook ගෲප් එකකයි. එයාලගේ දෙමාපියන්ට දවසට ඔනේ දේවල් කලින් දවසේ දැනුවත් කරලා ලැස්ති කරලා තියන්න කියන්න ඔනේ. ඒ වගේම ඒ වැඩසටහනට අවශ්‍ය දේවල් ගුරුතුමියත් ලැස්ති කර ගන්න ඔනේ. දැන් වැඩසටහනේදි පෙන්නන පින්තුර වීඩියෝ එහෙම කලින් හොයලා ඒවා ඒ වෙලාවට ගානටම පෙන්නන්න වැඩසටහන කරන අම්මයි දුවයි දෙන්න පුරුදු වෙන්නේ කලින් දවසේ මහ රෑ. ගොඩක් වෙලාවට ඒ වැඩේ පටන් ගන්නේ දුවගේ පන්ති ඉවර වෙලා. ඒ කියන්නේ රෑ දහය විතර පහුවෙලා. සමහර දවසට දෙන්නා නිදා ගන්නේ පාන්දර දෙකට තුනට විතර. මට නං එතකං ඇහැරලා ඉන්න තරං අමාරුවක් නැ ඉතිං.

    කලින් zoom ලින්ක් එකයි youtube ලින්ක් එකයි හදන්න ඔනේ. Zoom මිටින් එක youtube එකේ live යන්න සකස් කරන්න ඔනේ. ඒකේ වටිනාකම තියෙන්නේ ඒ වෙලාවෙ සම්බන්ධ වෙන්න බැරි දරුවන්ට පස්සේ වීඩියෝව බලලා එකතු වෙන්න පුලුවන් එක. ඇත්තම කියනවා නම් මේ විඩියෝ එකත් එක්ක පොඩි දරුවෝ කතා කරනවා. ඒවා අම්මලා තාත්තලා වීඩියෝ කරලා එවලා තියෙනවා. වැඩසටහන කොච්චර තාත්විකද කියලා තේරෙන්නේ ඒවා බලනකොට

    Youtube වීඩියෝ එකට thumbnail එක හදන්න ඔනේ. දුව ඒකට එක එක app පාවිච්චි කලාට වැඩියෙන්ම canva වලින් තමයි කරන්නේ. DSLR කැමරාවයි, වෙබ්කැම් එකයි, තව ෆෝන් එකකුයි කැමරා තුනක් විතර හසුරවන්න වෙනවා. ඒකට පාවිච්චි කරන්නේ OBSStudio එක. DSLR කැමරාව video capture card එකක් පාවිච්චි කරලා තමයි එකතු කරන්නේ.



    වැඩසටහන යන අතරතුර පෙන්වන පින්තුර කලින් ලැස්ති කරගෙන ඉන්නවා. ඒවගේ backgroud එක අයින් කරලා සකස් කරගෙන ඉන්න ඔනේ. ඒකට ගොඩක් වෙලාවට online web apps පාවිච්චි කරනවා. සත්තු ඇවිදින පින්තුර වගේ ඒවා ගොඩක් වෙලාවට ගන්නේ Gif images.

    මේ ඔක්කොම එක්ක වැඩසටහන යන වෙලාවේ ස්ක්‍රින් 3 ක් නැත්තං හතරක් පාවිච්චි කරනවා. ලොකුවට පේන්න TV එක දාලා තියෙනවා. කම්පියුටර් එකේ තිරයයි, තට Tab එකක් හරි ෆෝන් එකක් හරිත් පාවිච්චි කරනවා. මොකද zoom මීටින් එකේ වගේම ඒ වෙලාවටම youtube එකෙත් හරියටම යනවද කියලා බලන්න එපායැ. එතකොට
    devises දෙකකින් හෙඩ්ෆෝන් දෙකක් කන් දෙකට ගහගෙන තමයි වැඩ කරන්නේ. ඒ දෙකේ එකවැර නෙවෙයි ඇහෙන්නේ. මටනං එහෙම දා ගත්තොත් පිස්සු හැදිලා තවත් හැදෙනවා.

    ඔච්චර වැඩ දානවා වුනත් ඒවා මම කියලා දුන්න දේවල් නම් නෙවෙයි. මොකද මගේ දරුවා දැන් ඉන්නේ අම්මලා තාත්තලාට වඩා වැඩිපුර දන්නවා කියලා හිතාන ඉන්න වයසේ. ඒ හින්දා එයාට උගන්නන්න අමාරුයි. මොකද මම එයාගේ සර් නෙවෙයිනේ. මොකක් හරි දෙයක් කිව්වම ඒ වෙලාවෙ ගස්සලා ගිහාට පස්සේ හෙමීට අම්මත් එක්ක එකතු වෙලා ඒවා අත්හදාබලලා තියෙනවා කියලා මටත් තේරෙන්නේ ඒවගෙන් වැඩ ගන්නවා දකිනකොට. ඉතිං එතකොට හිත යටන් හිනාවෙලා ඉන්නවා ඇරෙන්නට මට කරන්නට දෙයක් නැතිය.

    කොහොම හරි අවසානයේ විශිෂ්ට නිර්මාණයක් බිහිවෙලා තියෙනවා. මට කියන්න තියෙනනේ එච්චරයි. මෙන්න ඔයාලටත් වැදගත් වේවි මේ ලින්ක් ටික පහලින් තියෙනවා . පෙර පාසල් වයසේ දරුවෝ ඉන්නවා නම් එකතු වෙන්න. ගුරුවරු නම් මේ වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම. Fb group එකටත් ගිහින් අනිවාර්යයෙන්ම බලන්න.

    Youtube වීඩියෝව –
    http://vihindi.blogspot.com/2021/09/blog-post_8.html