Virus epa උද්ඝෝෂණය නිසා දැඩි රථවාහන තදබදයක්
ලාඳුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පත් කිරීමට විරෝධය පල කරමින් ක්‍රියාත්මක උද්ඝෝෂණයක් හේතුවෙන් හැඳල, හේකිත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
උද්ඝෝෂකයින් මට්ටක්කුළිය - හැඳල ප්‍රධාන මාර්ගය හේකිත්ත මංසන්ධියෙන් අවහිර කරමින් අද(06) උදෑසන සිට උද්ඝෝෂණයේ නිරතව සිටින බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
මේ හේතුවෙන් හේකිත්ත-වත්තල සහ හේකිත්ත-හැඳල යන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
කොරෝනා වෛරසය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමේ අරමුණින් වැලිසර ලාදුරු රෝහල මෙරට ප්‍රති නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තීරණය කළේය.
කෙසේවෙතත් ඊට එරෙහිව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර අද එය මෙලෙස ක්‍රියාත්මක වන්නේ තුන්වන දිනටයි.
Ada derana
ලාඳුරු රෝහල අසල විරෝධයක්-දැඩි රථවාහන තදබදයක්