Vision Care එකෙන් Spectacles ගන්නකොට පරිස්සමින්

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    සතියකට විතර කලින් Vision Care Ward Place එකන් spectacles හදාගන්න ගියා එතනදි මට service එක දුන්න ඔෆිසර්ව මට ශුවර් උනේ නෑ මොකද මට ගෙනල්ල දුන්න ෆ්‍රේම් එකක්වත් මගෙ මූණෙ පලලට හරි ගියෙ නෑ. මගෙ ඉස්සරහ තිබුණ ෆ්‍රේම් එකක් පෙන්නල ඉල්ලුවම පොර අතට දුන්නෙත් නැතුව කිව්වා ඒක ඔයාට මදී කියලා ඊට පස්සෙ පොර කිව්වා අපි සන්ග්ලාස් ෆ්‍රේම් එකක් හදමු කියලා ලෙන්ස් මාරු කරලා කියලා මම කිව්වා හරි එහෙනම් ගේන්න කියලා (Tommy Hilfiger 25000 LKR) එකක් ගෙනාවා ඒක මට සෙට් උනා මම කිව්වා හරි එහෙනම් මේක හදමු කියලා. මම සල්ලිත් සේරම (32000 LKR) ගෙවලා ආවා. සතියකට විතර පස්සෙ ගිහින් අදට දවස් දෙකකට වගෙ කලින් ගත්තෙ මම. ඒ වෙලාවෙ ඇත්තටම වැඩිය බැලුවෙත් නෑ ගියා ගත්තා ආවා එහෙම්ම මම වැඩ කරන තැනට ගියා. ඊයෙ බලනකොට එකේ Arm Balance නෑ මේසෙ උඩ තිබ්බම Unbalance එක හොදට පේනවා තව එකේ සීරියල් නම්බර්ස් මැකිලා Brand name එක මැකිලා මම අද උදේ google කරා අම්මටසිරි මේක දාර කොපියක් අද නිදහස් දවස නිසා උන්ගෙ Land Line වැඩ නෑ වෙලාවට මට service එක දුන්න එකාගෙ කාඩ් එක දීලා තිබුනා උට කතා කරා ඌ නම් කිව්වෙ වෙන්න බෑ කියලා කොහොම හරි හෙට උදේ අරන් එන්න කිව්වා. දැන් මම මේක හෙට උදේ අරන් යනවා. බලමු මොකද වෙන්නෙ කියලා. මේ නූල දැම්මෙ තව කෙනෙක් අමාරුවෙ නොවැටෙන්න. හෙට මේකට මොකද උනේ කියලා update එකක් දෙන්නම්

    :

    2022 February 05 Update

    උදේ පාන්දර කුකුළ අතේ අරන් ගියා එතනට 7.15 විතර උට එපා වෙන්න ඇති 😂 කරන්න දෙයක් නෑ මම කිව්වා මේක මෙහෙම වෙන්න බෑ මේ වගේ ආර්ම් එකෙ තියන ඒවා මැකෙන්න බෑ කියල ඌ පිලිගන්නෑ මම වීඩියො දාගෙන හිටියෙ ඌ පිළිගත්තොත් වැරදිලා හරි උන්ට බඩු බනිස් නෙහ් ඒ පාර මට ෆ්‍රේම් අනන් මනන් ගෙනල්ල පෙන්නුව ඒව අවුලක් නෑ ඒවා මෙඩිකල් ලෙන්ස් නෙහ්. මම කිව්වා ඕවා වැඩක් නෑ මට දුන්න වගේ සන්ග්ලාස් එකක්ම අරන් එන්න කියල වෙන බ්‍රැන්ඩ් එකකින් කියලා අරන් ආවෙ නෑ මෙඩිකල් ඒවමයි අරන් ආවෙ උට මම කිව්වා මෙහෙම වෙන්නෑනෙ බන් ඔරිජිනල් එකක කියලා දැන් ඌ මේක එහාට මෙහාට අරන් ගියා මම කිව්වා මට ෆුල් රිෆන්ඩ් එක ඕන කියලා. කිව්වා දවස් 4-5 යනව කියලා මම කිව්වා මට එහෙම වැඩක් නෑ ඔයාලගෙන් ලියුමක් දෙන්න කියලා. දෙන්න බෑ කිව්වා.මම කිව්වා මට දවස් 10 දාල දෙන්න කියලා. ඊට පස්සෙ කිව්වා මැනේජර් එනකම් පොඩ්ඩක් ඉන්න කියලා විනාඩි 5 යන්න උන්නැ ආවා පොර කඩ්ඩෙන් ටෝක් කරන්න ගත්තා හිතන්න ඇති කොර වෙයි කියලා මමත් කතා කරා විනාඩි 2-3 යන්න උන්නෑ පොර ස්වදේශී භාශාවට මාරු උනා මමත් මාරු උනා පොර වැඩි වාද කරන්න ගියෙ නෑ තේරුනා වැඩේ රිෆන්ඩ් එක දෙන්නම් කිව්වා මගෙ ෆයිල් එක අස්සෙ ඔෆිස් එකෙන් කණ්නාඩියට ක්ලේම් කරන්න දාපු කොලේ කොපියක් තියනව දැකලා ඒ ක්ලේම් එක කැන්සල් කරලා මේල් එකක් ඉල්ලුවා ඒක දාපු ගමන් රිෆන්ඩ් එක දෙන්නම් කිව්වා. පොරගෙ කාඩ් එකක් දීලා ඒකෙ පිටිපස්සෙ විස්තරෙ ලියලා අත්සනත් දාලා දුන්නා ෆ්‍රේම් එක එයාලා තියාගත්තා. අහ් තව ඇහුව අපි මේක අපේ ස්ටෝස් එකට යවල එහෙන් මේ ජාතියෙ හොද ෆ්‍රේම් එකක් ගෙන්නගෙන හදල දෙන්නද කියලා මම කිව්වා එපා මට සත පහකට ශුවර් නෑ ඔයාලව කියලා. ෆ්‍රේම් එකේ නෝස් පෑඩ් එක ඉදලම දෙපැත්තෙ හැඩ දෙකක් මම ඒව පෙන්නුව ඒක නම් එක පාරට පේන්නෑ ටිකක් හොදට බලන්න ඕන. දැන් ඉක්මනට රිෆන්ඩ් එක ගන්න තමයි ඕන. මේක මම ගත්තා කියමු මෙතනින් ඉවර වෙයි හැබැයි තව සෑහෙන්න අහු වෙයි. මෙහමයි මේ වගෙ ලාභ හොයන්න යන්නෙ මනුස්සයෙක්ගෙ ලෙඩකින් නෙහ් ප්‍රතිඵල හම්බෙයි එයාලට. කිරියෙ නැද්ද කවුරුත් Ministry of Consumer Affairs Authority එකේ.
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මටත් ඔය වගේ අත්දැකිමක් තියෙයි. තාත්තට කන්නාඩියක් අරන් දුන්නා 2020. මුං ඉතින් සැහෙන දත ගලවන්න එක එක ගනන් වැඩි රෙද්දවල් කියනවා. කොහොම හරි එක පාරක් 2021 ඇස් පෙන්වන තැනකට ගියාම උන් බලල කිව කණ්ණාඩියේ අවුලක් තියෙයි කියල. ඒ කිව්ව තැන අන්ෂුවර් තැනකුත් නෙමේ. විෂන් කෙයාර් උන් ආතල් එකක් දිල වගේ කියල මට තේරුනේ. එතකොට අරන් අවුරුද්දකටත් කිට්ටුයි. මුකුත් කරන්න ගියේ නැ .. ගත්තේ කොලඹින් නම් නෙමේ
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    Google / Facebook Reviews wala danna photo ekka.

    oya hora weda kohoma hari nawath wanna ona.
    එක පාරක් යාලුවෙක්ගෙන් ෆ්‍රේම් එකක් ඉල්ලගෙන ලෙන්ස් එක දාලා හදාගත්තා අඩු ගානකට ඒක මාස 6 යනකොට ලෙන්ස් එක සවුත්තු උනා හීරිලා වගෙ බිම වැටිලවත් නෙමෙයි. කීය ගියත් කමක් නෑ කියලා හොද තැනකට ගියාමත් උනුත් අපට අරිනවා මේක නම් අමුතුම ඇටයක්

    හොර හැත්ත
    ඔය පලවෙනිපාර නෙවේ ඕකුන් ඩුප්පා විකුණපු
    mewata action ekak ganne nadda kawuruwat?
    ------ Post added on Feb 4, 2022 at 1:22 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    දෙනකොට දේන්නේ ඔක්කොම balance කරලා එහේමනේ. ගන්නකොට බලලා ගන්න එපැයි. ඔක උන් හදලා දෙයි. මන්නම් තැන් දේකතුනකින්ම ගිහින් උන්ගෙන් service එක අරන් තියනවා. ඇත්තටම උන් history එක හොදට බලලා තමා බඩු දේන්නේ. ගානනම් වැඩි උනත් මන්නම් කියන්නේ උන් ලගට යනවානම් වෙනම Dr කෙනෙකුට ගෙවලා check කරගන්න ඔනේත්නෑ.
    මේ ලගදි තව වැඩක් උනා. ඔක ගත්තේ තියන coating ඔක්කොම ගහලා. මේ ලගදී ඇස් බලන්න ආපු කෙනෙක් කීවා එක coading එකක් අඩුයි කියලා. හොයන්න ගියේ නම් නෑ. :lol: :lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවරත් තියෙනවා.... ඔහොම එකක්. කැරියෝ ටිකක් ඉන්නෙ. එක ගෑනියක් ඉන්නවා. ගහන කෙප්ප වල හැටියට අපිට තමා තියෙන ලෙඩ ඔක්කොම තියෙන්නෙ වගේ. වැහියන් ඔකුන්ගෙ හොර ගුහාව
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මමත් හදාගත්තා ගොඩක් කාලෙකට කලින්.
    Lens දෙක දාන්න පුලුවන් ඔක්කොම Coatings දාල දෙන්නම් කිව්ව.වතුර වැටුනත් හිටින්නෙ නෑ කිව්ව.
    ගත්තට පස්සෙ මෙලෝ රහක් නෑ.
    frame එක ගත්තෙ oakley එකක් 15 කට.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මමත් හදාගත්තා ගොඩක් කාලෙකට කලින්.
    Lens දෙක දාන්න පුලුවන් ඔක්කොම Coatings දාල දෙන්නම් කිව්ව.වතුර වැටුනත් හිටින්නෙ නෑ කිව්ව.
    ගත්තට පස්සෙ මෙලෝ රහක් නෑ.
    frame එක ගත්තෙ oakley එකක් 15 කට.

    මේක දැක්කම මතක් උනේ. මෙන්න මේකම තමයි මටත් කිව්වෙ. වතුර වැටුනම හිටින්නෙ නෑ, ඇඟිලි සලකුණු හිටින්නෙ නෑ කියලා මොකක්ද coating එකක් ගානව කියල තමයි වැඩිපුර සල්ලි ගත්තෙ. හැබැයි ඒ එකක්වත් නෑ දීපු එකේ. , කලින් වෙන තැන්වලින් හදපුවට වඩා අන්තයි.

    ලංකාවෙ බිස්නස් කාරයො කියාගන්න හොර හැත්ත. :angry: