viva elite windows controller switch එක හොඳ තත්වයේ පවත්වා ගැනීම

sameera_1986

Active member
  • Sep 20, 2016
    227
    38
    28
    viva elite windows controller switch එක හොඳ තත්වයේ පවත්වා ගැනීම

    ඔබේ විවා එලයිට් කාරයේ viva elite windows controller switch එක බොහෝ අවස්ථා වල අපට Service කර ගැනීමට නොහැකි වන මෙවලමක්. බොහෝ වර්ෂාව පවතින අවස්ථාවල ඔබ රියදුරු අසුන ඇති පැත්තේ වීදුරුව විවෘත කරන විට ඔබ නොදැනුවත්වම windows controller switch එකට වතුර වැටෙන්න පුළුවන්. තව විදියක් තමයි වහනය සෝදන අවස්ථාවලත් මේ විදියට වතුර යන්න පුළුවන්. එහෙම උනොත් Switch එක වැඩ කරන්නේ නැතුව යනව.හොඳයි එහෙමනම් අපි කොහොමද Switch එක හොඳින් Maintain කරන්නේ..
    01. viva elite windows controller switch එක පහසුවෙන් ගැලවිය හැකි එකක්. ( ඔබ නිවසේදී එය කරන්න යන්න එපා, වහනය Service කරන්න ගිය අවස්ථාවක එහි Mechanical සේවකයෙකු ලවා switch ගලවා ගන්න )
    02. switch බුරුල් කළාට ඊට සම්බන්ද Power වයර් ගැලවෙන්න ඉඩ දෙන්න එපා.
    03. ඉන් පසුව switch එකේ Touch කොටස හොඳින් පිරිසිදු කොට contact cleaner එකක් පාවිච්චි කර නැවත පිරිසිදු කරන්න.
    අවම තරමින් අවුරුද්දකට 3 වතාවක් හෝ viva elite windows controller switch මේ ආකාරයෙන් පිරිසිදු කිරීමට වගබලා ගත්තොත් එය ඉතා දීර්ඝකාලීනව භාවිත කල හැකියි.
     

    Attachments

    • 14480569_1768917006714675_1009769456123738350_o(1).jpg
      14480569_1768917006714675_1009769456123738350_o(1).jpg
      63.6 KB · Views: 40
    • 14543911_1768917013381341_841191925393492759_o.jpg
      14543911_1768917013381341_841191925393492759_o.jpg
      72.3 KB · Views: 42
    • 14519925_1768917000048009_359797707054495815_n.jpg
      14519925_1768917000048009_359797707054495815_n.jpg
      10.8 KB · Views: 39

    Similar threads