VLC එකෙන් ගන්නවා නම් මෙන්න වැඩ...!

no love

Member
Feb 28, 2011
194
22
0
මගේ දින පොතේ
VLC එකෙන් ගන්නවා නම් මෙන්න වැඩ...!

attachment.php


VLC Player ගැන අපේ අයට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑනේ. අපි එදිනෙදා පාවිච්චි කරන ගොඩාක් ගොඩක් file formats play වෙන ඒක ලෝකේ තියෙන ජනප්‍රියම නිදහස් මාධ්‍ය ධාවකයක්නේ. අපි හැමෝම VLC Player එක පාවිච්චි කරන්නේ මොනාහරි audio, video play කරගන්න විතරයිනේ සාමාන්‍යයෙන් නේද? අද මම කියන්න යන්නේ ගොඩාක් දෙනෙක් පාවිච්චි නොකරන VLC Player එකෙන් ගන්න පුළුවන් නියම වැඩ කෑලි ටිකක් ගැන. බලන්නකෝ ඔයා දන්න දේවල් එහෙමත් මේකේ තියෙනවද කියලා...:P:P:P


1. Burn DVD

VLC Player එකේ සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ DVD Burn කරනැනීමේ හැකියාවක් තියෙනවා. බැරිවෙලාවත් අපි ළඟ තියෙන DVD Burn කරන මෘදුකාංගය අවුලක් ගියොත් මේකෙන් සෑහෙන හොඳ මට්ටමේ Output එකක් ගන්න පුළුවන්. ඔයාට මොනාහරි Write කරගන්න ඕනේ නම් මෙහෙම කරන්න. යන්න
Media ->Convert/Save වලට, ඒකේ Disc tab එක තෝරන්න. ඊටපස්සේ ඒකේ settings තියෙනවා ඔයාට ඕනේ නම් වෙනස් කරන්න. අපිට පුළුවන් Starting position, subtitles.... වගේ එක එක ඒවා හදන්න. අන්තිමේට මතක් කරන්නම ඕන දේ තමයි Disc එකේ නම දෙනකොට අන්තිමේට .MPG විදියට දෙන්න ඕනේ. අන්තිමට Save කරන්න. දැන් වැඩේ හරි.


2. Record Videos :


මම හිතන්නේ මේක නම් ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති! අපි VLC එකේ මොනාහරි play කරමින් ඉද්දි ම අපිට ඕන තැනින් Save වෙන්න දෙන්න පුළුවන්. මේ option එක සාමාන්‍යයෙන් සඟවලා තමයි තියෙන්නේ. ඒක ගන්න නම් Tools->Advanced Control ගිහින් ඒක උඩ tik කරන්න. එතකොට Record button එක පෙනේවි. Movie/Video එක play වෙනකොට ඔයාට ඕන තැනින් click කරලා ඉවර කරන්න ඕන තැනින් ආයෙමත් click කරන්න, එතකොට වැඩේ ගොඩ.

rep +++
 

Attachments

  • VLC_Media_Player.jpg
    VLC_Media_Player.jpg
    11.5 KB · Views: 399
Last edited: