කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂයකු වන මහින්ද රාජපක්ෂ අද (15) කුරුණෑගල විහාරස්ථාන රැසකට ගොස් සිල්රෙදි බෙදා දී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
මහින්ද රාජපක්ෂ ගේ මනාප අංක සහ සලකුණ සහිත වාහන 12කින් පමණ ගොස් වාරියපොල, දෙමටලුව, දික්වැහැර, වෑදන්ඩ, කොළඹගම සහ රන්දෙණිය ආදී ප්‍රදේශවල විහාරස්ථාන රැසකට සිල් රෙදි බෙදා ඇති බවත්, ඇතැම් විහාරස්ථානවල සිල් රෙදි බෙදීම පොලිස් විශේෂ කාර්ය බළකායෙන් වලක්වා ඇති බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
මේ ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළ බව ද එම සංවිධානය කියයි


