Wagon R ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කරයි - හ#
Wagon R මෝටර් රථ ආනයනය නැවැත්වීමට තමන්ට සිදුවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඊයේ (27) පැවති ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය හමුවක දී ඔවුන් මේ බව සඳහන් කළේය.
රේගුවේ වර්ගීකරණ කමිටුව (NC Committee) මගින් MH55S Wagon R රථ ද හයිබ්‍රිඩ් නොවන මෝටර් රථ ගණයට අයත් බව පවසා, ඒවා සඳහා පෙට්‍රල් මෝටර් රථ සඳහා අයකරනු ලබන බදු කාණ්ඩයට යටත් කිරීම හේතුවෙන් ආනයනික හයිබ්‍රිඩ් වැගන් ආර් රථ සඳහා ඉහළ බදු ප්‍රතිශතයක් අය කිරීම මීට හේතුව බව ඔවුන් සඳහන් කළේය.
මෙහිදී වාහන ආනයනකරුවන් වැඩිදුරටත් පැවසුවේ, රේගුවේ වර්ගීකරණ කමිටුව විසින් C200 Benz රථ හයිබ්‍රිඩ් නොවන බවට ලබාදුන් තීරණය සමඟ ගලපා MH55S Wagon R රථ පිළිබඳ කිසිදු තාක්ෂණික සොයා බැලීමක් සිදුනොකොට, රේගුවේ මෝටර් රථ අංශය විසින් MH55S Wagon R රථ හයිබ්‍රිඩ් ලෙස නොව, පෙට්‍රල් රථ ලෙස නිෂ්කාෂණය කිරීමට පසුගිය 22 දා සිට තීරණය කර ඇති බවය.
රේගුවේ මෙම තීරණය හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන MH55S Wagon R රථයක මිල රුපියල් ලක්ෂ 36-37 ක් පමණ වනු ඇති බවට ආනයනකරුවන් මෙහිදී කියා සිටියෝය.
මෙම මිලට ශ්‍රී ලංකාව තුළ වැගන් ආර් රථ අලෙවි කිරීමට නොහැකි හෙයින්, වැගන් ආර් මෝටර් රථ ආනයන නැවැත්වීමට තමන්ට සිදුවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.
http://nethgossip.lk/article/33540