Wagon R New Model - අළුත් මාදිලිය
ලංකාවේ ඉක්මනින්ම ප්‍රචලිත වුණ වාහනයක් තමයි SUZUKI WAGON R හයිබ්‍රිඩ් මෝටර් රථය. මේ දවස් වල SUZUKI WAGON R වල මිල පොඩ්ඩක් අඩු වෙලා ඒකට හේතුව තමයි ජපානයේ SUZUKI සමාගම 2017 පෙබරවාරි 1 දින නවතම මාදිලිය හදුන්වලා දුන්නා. ඒත් මේ වාහනය තවම ආනයනය කරන්න නම් අවසර ලැබිලා තියෙන්නේ සීමිත වාහන ප්‍රමාණයකට. ඊයේ දවසේ, ඒ කියන්නේ 2017 පෙබරවාරි 10 USS NAGOYA වාහන වෙන්දේසියේ මේ අලුත් මාදිලියේ STRINGRAY X පලමු වාහනය ඉතා ඉහල මිලකට අලෙවි වුණා. මගේ ගණනයට අනුව රුපියල් 3,900,000 වගේ වෙනවා. CIF අගය ¥ 1,850,000 වගේ වෙන නිසා. මේ වාහනය ගන්න මෙච්චර ගාණක් යයිද? ඇත්තටම නෑ. මම මේ ලිපිය දාන්න හේතුව වුණේ පාරිබෝගිකයන් නිකරුණේ මුදල්
වියදම් කරන එක වලක්වන්න. වර්තමාන වෙලඳපොලේ ඉන්නවා වාහන ආනයනය කර දීමේ සේවා සපයන සීමිත පිරිසක් ජපානයේ වාහන නිශ්පාදනය කරන ආයතන හරහා ඔබට අවශ්‍ය වාහන නිපදවා දීමේ හැකියාව සහිත අය (අප ද ඇතුලුව). එවැනි සේවා සපයන්නෙකු වෙත යන්න. වෙන්දේසියේ CIF ¥1,850,000 වුණ වාහනය ඉහත දැක්වූ සීමිත පිරිස ඔබට ලබා දෙන්නේ ¥1,620,000 වගේ මිලකට.
SUZUKI WAGON R නවතම මාදිලියේ WAGON R FX, WAGON R FZ, STRINGRAY X, STRINGRAY T ලෙස මාදිලි 4 ක් තියෙනවා.
STRINGRAY මාදිලියේ වාහන වල රේඩාර් තිරිංග පද්ධතිය අනිවාර්යය (STANDARD OPTION) අංගයක් වුණත් අනෙක් මාදිලි වලට එය අවශ්‍ය නම් වෙනම මුදල් ගෙවා ඇතුලත් කල යුතු (OPTIONAL OPTION) එකක් ලෙස හදුන්වා දී තියෙනවා.
කොහොම වුණත් මේ හැම මාදිලියකටම අවශ්‍ය නම් ඉල්ලුම් කල හැකි NAVIGATION හා කැමරා පද්ධතියක් හදුන්වා දී තියෙනවා.
ඉතින් තවත් දුරට විස්තර ඕන නම් අමතන්න.
ස්තූතිය පසන් සහෝදරයා