Warning !!! Plan to kill AKD

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,911
    113
    ජනාධිපතිවරණයක් දක්වා පළාත් පාලන මැතිවරණ හෝ වෙනත් මැතිවරණ නොපැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව ලංකා ඊ නිව්ස් මීට පෙර වාර්තා කර තිබේ. දැනට කටයුතු සිදුවෙමින් පවතින ආකාරය අනුව අපගේ හෙළිදරව්ව බොහෝ විට සත්‍ය විය හැකිය.

    අද හෙළිදරව් කිරීමට යන්නේ කෙස් කෙළින් කරවන කුමන්ත්‍රණයකි. ඒ නම් "මීලඟ ජනාධිපතිවරණය වන විට අනුර දිසානායක කෙනෙකු නැතැ"යි යනුවෙන් කුමන්ත්‍රණකරුවන් විසින් කරන ලද ප්‍රකාශයකි. ඒ සමගම ආණ්ඩු විරෝධී දේශපාලනයට සහාය දක්වන, විප්‍රවාස ගත, රටේ ප්‍රකට වෙබ් අඩවියක් ද 'මීලඟ ජනාධිපතිවරණය වෙද්දී නැතැ'යි එම කුමන්ත්‍රණකරුවෝ වහසි බස් දොඩති.

    මෙහි 'නැත' යන්නෙන් අදහස් කරන්නේ ශාරීරිකව විනාශ කිරීම මිස අන් කිසිවක් නොවේ. මේ කුමන්ත්‍රණයට විදේශ රාජ්‍යයක් ඍජුවම සම්බන්ධ ය.


    අනුර දිසානායක නායකත්වය දෙන ජාතික ජන බලවේගයට විශාල ජනතා ප්‍රසාදයක් රටේ හිමිව තිබේ. ඒ සමගම සජිත් ප්‍රේමදාස නායක්තවය දෙන සමගි ජන බලවේගයට ද ඒ හා සමානම ජනතා ප්‍රසාදයක් හිමිව තිබේ. අනුර දිසානායක 'නැති' කර සජිත් ප්‍රේමදාසට කුට්ටිය අරන් දීම ද කුමන්ත්‍රණකරුවන්ගේ සැලැස්මේ නැත. වාර්තා වන අන්දමට එක ගලින් කුරුල්ලන් දෙදෙනාම නැති කිරීම ඔවුන්ගේ සැලැස්ම ය. දැනට ඒ සැලසුම ගැන අපට හෙළිදරව් කළ හැක්කේ එපමණකි.

    ලංකාවේ හරි ජනාධිපතිවරණයක් තිබුනේ එකකි..​

    කෙසේ වෙතත් ලංකාවේ පැවැති එක් ජනාධිපතිවරණයක් හැර අනෙක් සියල්ල නිදහස් සහ සාධාරණව ජනතා මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසුන ඒවා නොවේ. ජේ.ආර්. පළමුව ජනාධිපතිවූයේ ජනාධිපති ඡන්දයකින් නොවේ. දෙවැන්නේ දී ඔහු තම ප්‍රධාන ප්‍රතිවාදිනිය ගේ ප්‍රජා අයිතිය අහෝසි කර එය පැවැත්වීය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවූයේ දැවැන්ත ඡන්ද වර්ජනයක් මධ්‍යයේ ය. ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපතිවූයේ අනුප්‍රාප්තිකව ය. චන්ද්‍රිකා ද පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී ඇයගේ ප්‍රධාන ප්‍රතිවාදියා ගාමිණී ඡන්ද සටනේදීම ඝාතනය වී තිබිණ. ඇයගේ දෙවැනි අවස්ථාවේ දී ඇය ඝාතනයට ඉලක්ක වී ඇසක් අහිමි වීම නිසා විශාල අනුකම්පා ඡන්දයක් ඇයට හිමිවිය. ඊලඟට මහින්ද ජනාධිපතිවරණය දිනුවේ එල්ටීටීඊයට මුදල් දී දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගෙන ය. මහින්ද දෙවන වරට ද දිනුවේ 'කොම්පියුටර් ජිල්මාට්' එකකිනි. ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකාට ඡන්දය සලකුණු කළ ඡන්ද පෙට්ටි වෙල් යායවල් වල තිබී හමුවිය. යාන්තම් මහජන මතය රිසි ලෙස, නිදහස් හා සාධාරණ ලෙස ප්‍රකාශ වීමට අවස්ථාව සැලසී ජනාධිපතිවරණයකින් ජය ගත්තේ මෛත්‍රීපාල සිරිසේන පමණි. ඉන්පසු ආ ගෝඨාභය ජනාධිපති වූයේ පාස්කු බෝම්බ මාලාවකට මහජනතාව සියගණනින් බිලිකරවමින් ඒ ජනතා ආතතිය මතය. වත්මන් රනිල් ජනාධිපති වී ඉන්නේ කෙසේද යන්න අමුතුවෙන් කිව යුතු නැත. ඒ අනුව ශ්‍රී ලංකාවේ නායකයා, ජනාධිපතිවරයා තෝරා ගැනීමට මහජනතාවට නිදහස් හා සාධාරණව අවස්ථාව ලැබී ඇත්තේ එකම එකක් පමණි.

    ඉහත පැහැදිලි කිරීම කෙළේ අද කියන "ඊලඟ ජනාධිපතිවරණයේ දී අනුර දිසානායක කෙනෙක් නැතැ"යි යන්න නිකම්ම නිකම් කතාවක් ලෙස අහක දැමීමට නොහැකි බව තහවුරු කිරීමට ය.

    ලංකාවේ ජනාධිපතිවරණ ලේ වැකි ඉතිහාසයකි..​

    ලංකාවේ ජනාධිපතිවරණ ලේ වැකි ඉතිහාසයකට හිමිකම් කියයි. ජනාධිපති ජයග්‍රහණ පතා මිනිසුන් සිය ගණන් බිලිගෙන තිබේ. ජනාධිපති අපේක්ෂකවරුන්, වරියන් මරා දමා තිබේ. මරා දැමීමට තැත් කර ඇස් අහිමි කර තිබේ. ජනාධිපතිවරු ද මහ පාරේ මරා දමා තිබේ. ඒ සියල්ලම සිදුව ඇත්තේ අප රටේ කිසිදු ජනතාවකගේ අවශ්‍යතාවයකට වුවමනාවකට අනුව නොවීම ද සැලකිල්ලට ගත යුතුය. මේ අපරාධවලට වගකිව යුතු අපරාධකරුවෙකු සිටිය ද ඒ පසුපස වූ අදිසි හස්තය තවමත් සොයාගෙන නැත. එබැවින් ඒ සියල්ල කුමන්ත්‍රණයන් ය.

    එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගත් අවස්ථා..​

    එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගත් අවස්ථාද නැත්තේ නොවේ. ඊට හොඳම උදාහරණය ලලිත් ඇතුලත් මුදලි ඝාතනය කර එහි වගකීමේ අපවාදය ආර්. ප්‍රේමදාස වෙත පටවා ජනතා අප්‍රසාදය මධ්‍යයේ, ප්‍රේමදාසගේ පක්ෂයේම බොහෝ දෙනාගේ අප්‍රසාදය මධ්‍යයේ ප්‍රේමදාස මහ පාරේ ඝාතනය කිරීමයි. මේ ඝාතන වල දිග පළල තෙරුම් යන විට බොහෝ කාලයක් ගත වීය.

    එබැවින් ඉහත අප හෙළිදරව් කළ "අනුර දිසානායක නැති කරන" කුමන්ත්‍රණය ගැන සැලකිලිමත් වන ලෙස සියළු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිමු. මන්ද යත් අප රට නායකයන් අහිමි කරගත්තා හොඳටම ඇතිය. අවශ්‍ය නව නායකයන් බිහි කර ගැනීම ය.

    -චන්ද්‍රප්‍රදීප්​

    Copied form Lankaenews
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    මූනේ අර මොනාහරි උනාට පස්සෙ ඒක ඌ කළා වගේ චමුදිතයගේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා කෑගහන්නේ

    අනුරව මරලා මොනා ගන්නද

    උබලා ළඟදීම රටේ ලොකු කුමන්ත්‍රණයක් කරනවා කියලා පේනවා, පව් නොදී පලයන් බං, කොහොමත් public enterprise උන් ගොඩක් ළඟදීම ගෙදර යනවා

    Add AKD to suicide watch anyway lol
     
    • Like
    Reactions: chami2015