washi gurukam wiswasa karanawada?

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Owage monawa hari aththak athi. Nathnam owa me tharam kalayak pawathagena eida?

    අවුරුදු 1000 ගානකට පස්සෙත් අදටත් ඉන්දියාවෙ යක්ශ ආගම් තියෙනවා :yes:
    මිනිස්සු කොයිතරම් බුද්ධිමත් උනත් ප්‍රඤාව අතින් අන්තිම අන්ධයි මචං:yes:
     

    WPN Sampath

    Member
    Sep 3, 2012
    196
    6
    0
    Nodanna Gonnu kiyanawa "Mama nam owa satha 5ta wath ganan ganne nathilu.owa borulu" uba danne nathnam kata wahan idapan.uba ithin colombo awata ne oi pathe kohenda ithin hariyata manthara,gurukam danna aya.boru kiyanna ona na.mama onatharam dakala thiyenawa manthara gurukam walin karapu wada.samharu kohoth boru karanne eth manthara gurukam hariyata karana aya thamath lankawe innawa.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ඔබට ඇත්තටම මේ ගැන දැන ගන්න ඕනි නම් ගලිගමුවේ ඥාණදීප හිමියන් ලිවූ "අමනුශ්‍යයන්ගේ ගොදුරක් නොවෙන මඟ" පොත බලන්න.
     

    aruna47

    Well-known member
  • හරි උන් ඉන්නවා හැබැයි ඔය ලේ අරන් කරන වැඩේ කරොත් කෙල්ල හෝ කොල්ලා ජීවත් වෙන්නේ ටික කාලයයි.. බුලත් කොලේ seen එකක් තියනවා එක කලොත් අවුරුදු 3යි ලු. මේ බුලත් කොලේ seen එක තමයි දැනට හරිම එක. ඔය ලේ අරන් අර හුල වාලි මේ හුලවාලි කියන උන් බොරු කරන්නේ.. :yes::yes::yes:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,462
    1,028
    113
    KANDY
    mannam wishwasa karanwa ban..
    man dakala thiyanwa.
    eth godak aya boruwane dan karanne..
    aththatama hariyata karanna danne nathi nisa horu bo wela dan..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    “ලෝකය මිථ්‍යාවන්ගෙන් පිරිලා. සමහරු හිතන්නේ ඡ්‍යොතිෂය හා ගුප්ත ශාස්ත්‍රය මිථ්‍යාවක් කියලයි. නමුත් ඇත්ත කතාව නම් ඡ්‍යොතිෂය හා ගුප්ත විද්‍යාව මුවාවෙන් සමහරුන් නොයෙකුත් මිථ්‍යා මත වැපිරීමයි. ඇත්ත හා බොරුව වෙන්කොට දකින්න බැරි අය සියල්ල ඇත්ත හැටියට ගන්නවා, නැතිනම් සියල්ල බොරුවක් හැටියට ගන්නවා.

    මෙන්න මෙතනයි ප්‍රශ්නය තියෙන්නෙ. මා හොඳ උදාහරණයක් දෙන්නම්. ඒ තමා වශී ගුරුකම්. කෙනෙකුගේ කැමැත්ත, ආදරය දිනා ගන්න පිට කොන්දක්, හැකියාවක් හෝ වාසනාවක් නැති සමහරුන් වශී ගුරුකම්වලින් ආදරය දිනාගන්න උත්සාහ දරනවා. මෙන්න මෙතනත් මිථ්‍යාවක් සහ නොපනත්කමක් දකින්න ලැබෙනවා...”

    වශී ගුරුකම් ආශි‍්‍රතව පවතින සැඟවුණු රහස් පිළිබඳව මෙවර අදහස් පළ කරනුයේ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියකු හා පාරම්පරික ගුප්ත ශාස්ත්‍රඥයකු වන මීපේ ගණිතගේ චන්ද්‍රභාරතී මහතා ය.

    “...මා මුලින්ම කියන්න කැමතියි. වශි ගුරුකම් කියන්නේ පුරාණ සෘෂිවරුන්ගේ කාලයේ සිට එන බලගතු ගුප්ත ශාස්ත්‍රයක්. අන් අයගේ ආකර්ෂණය, සෙනෙහස, කැමැත්ත දිනා ගැනීම තමා වශී යනුවෙන් අදහස් කරන්නේ. දැන් රාජ වශීය කියන්නේ විභාග, සම්මුඛ පරීක්ෂණ, මහජන කැමැත්ත දිනා ගැනීම වගේ අවස්ථාවල භාවිතයට ගන්නා වශී ක්‍රමයක්. මෙය හානිකර - විපත්තිකර තත්ත්වයක් නොවන බවත් කිව යුතුයි.

    ජන වශී, තෛ‍්‍රලෝක වශී කියන්නෙත් ඒ වගේ අවස්ථා දෙකක්. හැබැයි මේවා කෙටිකාලීනයි. හැමදාම දිගු කාලීනව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.”

    “...ස්ත්‍රී - පුරුෂ වශී ගුරුකම් කියන්නේ තවත් බලගතු ගුප්ත ශාස්ත්‍ර කොටසක්. හැබැයි මේ තත්ත්වය ඉතාම හානිකරයි. අනිත් පැත්තෙන් සංසාරයේ පන්න පන්නා විපාක දෙන අකුසල කර්මයක්. වශී ගුරුකම්, වාල් ගුරුකම් කරන ඇදුරන්, එය කරවන පුද්ගලයාත් යන දෙදෙනාම අපාගත වෙන බව සිහිකළ යුතුයි.

    තමා කෙරෙහි ඇල්මක්, ආදරයක් නැති කෙනෙක් කාම චේතනාව මුල්කොට ගෙන අනිසි මාර්ගයෙන් ලබා ගැනීම වශී ගුරුකම්වලින් කෙරෙනවා. වරු තුනෙන්, දින හතෙන්, ප්‍රතිඵල පෙන්වන වශී ගුරුකම් තියෙන බව ඇත්ත. නමුත් තමා පසුපස හඹා එන අකුසල කර්මය ඊට වඩා මහා බලගතු බව සිහි කළ යුතුයි.

    අද මේ රටේ වශී ගුරුකම්, වාල් ගුරුකම් කරන බොරු ඔස්තාද්ලා වැහි වැහැලා. ඔය විදිහට නියම වශී ගුරුකම් කරන්න බෑ. ඇත්තම කියනවා නම් ශාස්ත්‍රානුකූලව වශී ගුරුකමක් කරන්න නම් කලමනා රාශියක් හොයා ගන්න ඕනේ. ඉන් පස්සේ ඉතා දුෂ්කර ක්‍රියාමාර්ගයක් මැදයි කටයුතු කරන්න වෙන්නෙ. තව සමහරු ලේ සහ සීනි මතුරලා අදාළ පුද්ගලයාට බොන්න දෙනවා.

    මේකට කියන්නේ කැවිලි කියලයි. මේ විදිහට කවන්න පොවන්න ගන්න සමහර ඖෂධ වර්ග ශරීරයට හානිකරයි. ඒවා කාලයක් යනතුරු ආහාර මාර්ග පද්ධතියේ ඇලිලා තියෙනවා. පිළිකා වගේ රෝග ඇති වෙන්නත් ඒක හේතුවක් වෙන්න පුළුවන්. පැන්නිලි හා පෙන්නිලි කියන්නෙ තවත් වශී ක්‍රම දෙකක්. ඔය කොයි ක්‍රමයෙන් කළත් වශීයට ගොදුරු වන ස්ත්‍රිය හෝ පුරුෂයාගේ ත්‍රිධාතු විකෘති වෙලා මනසත් විකෘති වෙනවා

    . ඒ පුද්ගලයා පසු වෙන්නේ පියවි සිහියෙන් නෙවෙයි. මේකට කියන්නෙ නුහුගුණ හෙවත් ඔළුව විකාර වෙනවා කියලයි. ගුප්ත ශාස්ත්‍රය භාවිත කරලා උමතු බවට පත් කළ කෙනෙක් ළඟට ගෙන්වා ගත්තේ ඇයි කියලයි මම අහන්නෙ. මේක හැබෑ සෙනෙහසක් ආදරයක් නොවෙයි. තවත් සමහරු වශී ගුරුකම්වලට එක්තරා පාෂාණ වර්ගයක් යොදා ගන්නවා. මේ ද්‍රව්‍යය ශරීරගත වීම ඉතා හානිකරයි.

    බලන්න කෙනෙකුව ශාරීරිකව හා මානසිකව රෝගාතුර කිරීම කොයිතරම් අකුසලයක් ද? ගුප්ත ශාස්ත්‍රය නො දන්නා තවත් බොරුකාරයෝ නොයෙකුත් වස - විෂ බොන්න දෙනවා. මේවා නිසා මොනතරම් හානියක් වෙනවද කියලා හිතාගන්න බෑ. යම් පුරුෂයෙක් වාල් ගුරුකමක් කළොත් ඒ තැනැත්තා නැවත පිරිමි ආත්මයක් ලබන්නෙ නෑ කියලා පිළිගැනීමක් තියෙනවා.”

    “...වශී ගුරුකම්වලදී මදන යකුන්, මදන මෝහිණි ගේ දිෂ්ටිය ගෙන්ව ගන්නවා. මේක තනිකරම කාමය මුල් කොට ගත්ත ක්‍රියාවක්. ඒ මිස මනුස්ස සෙනෙහසක් මෙතන නෑ.”

    “හැර ගිය ස්ත්‍රිය හෝ පුරුෂයා වරු තුනෙන් ගෙන්වලා දෙනවා කියලා අද දැන්වීම් දකින්න ලැබෙනවා. හොඳයි හැර ගිය පුරුෂයා හෝ ස්ත්‍රිය වශී ගුරුකම් කරලා ගෙන්න ගත්තා කියමු.

    මතක තියා ගන්න. ඒ ආපසු එන්නෙ මනස විකාර වුණ, ශරීරය රෝගාතුර වුණ මනුස්ස පරාණයක්. හිතෙත් ලෙඩ. ඇඟෙත් ලෙඩ. මේ විදිහට කෙනෙකුව අනිසි විදිහට ගෙන්වා ගැනීමේ තේරුමක් නෑ. මොකද ඒ ළඟට එන්නේ දෙපැත්තෙන්ම හානියට පත් වුණ ලෙඩෙක්.”

    “...සමහර විවාහක ස්ත්‍රි - පුරුෂයන් එකිනෙකාගෙන් වෙන් වෙලා යනවා. ඒක වැරැදි වැඩක්. එහෙම ගිය කෙනාව නැවත ගෙන්වා ගන්න මේ වගේ කැවිලි, පෙන්නිලි, පැන්නිලි කියන වශී ක්‍රම යොදා ගැනීම ඊටත් වඩා වරදක් හැටියටයි මා දකින්නෙ. පියෙක්, ස්වාමි පුරුෂයෙක් සහ ගුප්ත ශාස්ත්‍රඥයෙක් හැටියට විවෘතව යමක් කියන්න කැමතියි.

    පවුල් ජීවිතයේ හැල හැප්පිලිවලට කවදාවත්ම වශී ගුරුකම් වගේ පාප වැඩ කරන්න එපා. එක පැත්තකින් තේරුමක් නෑ. අනිත් පැත්තෙන් ඒක දෙලොවටම විපාක දෙන කරුමක්කාර වැඩක්. ස්ත්‍රිය හෝ පුරුෂයා එකිනෙකා ගෙන් වෙන් වෙන්නෙ ඇයි? කොතනක හරි නොගැලපීමක් වරදක් තියෙන්න ඕනේ. අන්න ඒ අඩුපාඩුව හොයා ගෙන මනුස්සයෙක් වගේ බුද්ධිය යොදලා ප්‍රශ්නය විසඳා ගැනීම තමා දෙලොවටම යහපත ගෙන දෙන්නේ. හොඳින් - ආදරයෙන් ඉන්න දෙන්නෙක් විරසක කරන්නත් ගුප්ත ක්‍රම තියෙනවා.

    ඒකත් මහා පාපයක් හැටියටයි මම දකින්නෙ. අර කියමනක් තියෙනවා, කරන කලට පව් මිහිරිය මී සේ කියලා. හැබැයි විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ කියන කතාවත් මතක තියා ගන්න ඕනේ. අන්න ඒකයි මම පුන පුනා කියන්නෙ පවුල් ජීවිතේ දෙන්නා දෙමහල්ලන් ගේ ප්‍රශ්න විසඳා ගන්න හිතාගෙන කොයි මොහොතක වත් මේ වශී ගුරුකම් - වාල් ගුරුකම් කියන දෙක යොදා ගන්න එපා කියලා.”

    “...ජොතිෂයෙන් ජීවිතය ගැන හොඳ විවරණයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම ගුප්ත ශාස්ත්‍රයෙන් ජීවිතයට සහනයක් ලබාගන්න පුළුවන්. බුද්ධිය යොදවලා කළ යුතු යහපත් ම දේ තෝරා ගත්තොත් ඒක දෙලොවටම ආලෝකයක්. එහෙම නැතිව බලහත්කාරයෙන් කැමැත්ත දිනාගන්න හදන්න එපා.

    ඒක මනුස්සකමක්වත් පිරිමිකමක්වත් නෙවෙයි. පෞරුෂයක් නැති හැකියාවක් ආකර්ෂණයක් නැති දුර්වල මිනිසුන් තමා මේ වශී ගුරුකම් පස්සෙ දුවන්නෙ. එහෙම ගිහිං අනුන්වත් අසරණ කරලා තමනුත් අපාගත වෙනවා.

    ඒ නිසා මම අවධාරණයෙන් කියන්න කැමතියි, මේ වශී ගුරුකම් කියන පිළිකාවට ගොදුරු වෙන්න එපා. මොකද ඒ විපාකයෙන් කවදාවත් ගැලවීමක් ලැබෙන්නෙ නෑ. මේ වශී ගුරුකම් - වාල් ගුරුකම් කියන පාප ක්‍රියා කරන අයත්, කරවන අයත් කියන දෙකොට්ඨාසයම යන්නෙ එකම තැනට. ඒ තමා අපාය.”
     

    Lasithxyz

    Member
    Mar 21, 2013
    197
    11
    0
    Anuradhapura
    අන්න සහො එකනම් වැරදියි. බුදු හාමුදුරුවො අපිට ඉල්ලපු දෙ දෙන දෙවියෙක් වත් වෙන එ වගෙ කෙනෙක් නෙමෙ. බුදු හාමුදුරුවො කියන්නෙ නිර්වානය කරා යන පරම සත්‍ය් ඉගෙන්වපු උතුම් මනුස්සයෙක්. එතුමාගෙ ආදර්ශය සහා දෙශනා අනුව අපෙ ජිවිතත් හරි මාරිගයට ගන්න පුලුවන්.
    කවදාවත් අපි කිසිම දෙයක් යදින්න නරකයි. අපි හරියට ඉන්නවානම් අපිට එ දෙ ඉබෙම ලැබෙනවා. අපි තියෙන්නෙ හරි මාර්ගය තොරා ගෙන එ පාරෙ යන එක විතරයි.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    hadahan galapenna ona mona magula karath. ekinekata ekinekawa balance eke wenne eya ge sithuwili anith kenage ekath ekka same yanawanam witarai.

    samahru innwa itin eth godak ayage hadahana set wenne nathnam kochchra adare karala set unath lamayi lapati hadila enakota wenas wenna puluwan.

    wadaka baryawak wenna puluwan. mul kale tea eka kama lagata genalla dwi passe itin ganitath uyanna sidda wenawa.

    job 2k karana aya nam oka oyagollontama terum ganna pulouwan.


    * hadahana dennagema gala penne ona. e gala penne anthi dennek washi karala bandath eka break wenawa. pawul awul. gani pita or miniha pita*