විශේෂඥ දන්ත වෛද්‍යවරයා විදුලි සරින් මරුට
විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරයකු ඔහුට අයත් අලුතින් ඉදිකරමින් පවතින දෙමහල් ගොඩනැඟිල්ලකදී විදුලි සර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලීසිය පවසයි.
විදුලි සර වැදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ විශ්‍රාමික දන්ත විශේෂඥ වෛද්‍යවරයකු වූ රංජිත් ලාල් කන්දේවත්ත (65) මහතාය.
මෙලෙස විදුලි සර වැදීමෙන් මියගිය වෛද්‍යවරයාට අයත් රත්නපුර මල්වල ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් තුළදී මෙම අනතුර සිදුව ඇත්තේ පෙරේදා (17) සවසය. මියගිය විශේෂඥ වෛද්‍යවරයාගේ හදිසි මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ටී.එම්. හරින්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා විසින් සිදු කළේය.
එහිදී සාක්කි දුන් එන්.පී. චමින්ද නාලක යන අය සඳහන් කළේ තමා විශේෂඥ ෙවෙද්‍යවරයාට අයත් රත්නපුර මල්වල ගොඩනැඟිල්ලක පෙදරේරුවකු ලෙස සේවය කළ බවයි.
සිද්ධිය වූ දින (17) උදෑසන තමා තවත් සහායකයකු සමඟ එහි සේවය කරමින් සිටියදී ෙවෙද්‍යවරයා ජලය ඉසින පීඩන යන්ත්‍රයකින් ගොඩනැඟිල්ලේ පඩි පෙළ සෝදමින් සිටි බවත් තමාත් සහයකයාත් අසල කඩයකට ගොස් තේ පානය කර එද්දී ෙවෙද්‍යවරයා බිම වැටී සිටි බවත් සාක්ෂිකරු පැවැසීය. ජලය ඉසින යන්ත්‍රය සහ විදුලි රැහැන් කිහිපයක් බිම වැටී තිබුණු බැවින් ප්‍රධාන විදුලි මේනුව වසාදමා කන්දේවත්ත මහතා ත්‍රිරෝද රථයකින් රත්නපුර රෝහලට රැගෙන යෑමට පිටත් වූ බවත්
ඔහුගේ බිරිය වන ෙවෙද්යවරියට සහ පුතා වන ෙවෙද්‍යවරයාට දුරකතනයෙන් සිද්ධිය දැනුම් දුන් බවත් සාක්කිකරු පැවැසීය.
රත්නපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ උත්පල ආටිගල මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලද අතර එහිදී නිගමනය වූයේ විදුලි සර වැදීමෙන් මරණය සිදුවී ඇති බවය.
source: gossiplankanews