WDJ Next President

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    බියර් නෙවෙයි ගල් අරක්කු මිල අඩුකරන්න – WDJ

    බියර් මිල අඩුකිරීම වෙනුවට ගල් අරක්කු බෝතලයක මිල අඩුකර දුප්පත් ජනතාව වෙනුවෙන් සහනයක් සලසා. දෙන ලෙස කම්කරු හා වෘත්තිය සමිති සබදතා ඇමති ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදි මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

    අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඊයේ (11දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කීවේය. බියර් කෑනයක බදු අඩු කිරිමෙන් නීතීවිරෝධි මත්පැන් භාවිතය වැළැක්විය නොහැකි බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.

    “බියර් මිල අඩුකළා කියලා කසිප්පු බොන එක නවත්වන්න බැහැ. ඒනිසා ගල් අරක්කු බෝතලයක බදු අඩු කරලා සාමාන්‍ය දුප්පත් ජනතාවට සහනයක් ලබා දෙන්න කියලා මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලනවා. කුලි වැඩ කරන මිනිහා, පතල් වැඩ කරන මිනිහා, වතුවල කම්කරුවා හවසට අඩියක් ගහන එක තමන්ගේ දෛනික ජිවිතයේ ප්‍රධාන ක්‍රියාකාරකමක් බවට පත්ව තිබෙන්නේ. අරක්කු බොන එක ප්‍රවර්ධනය කිරිමට මට කිසිදු අවශ්‍යතාවයක් නැහැ.

    මොන ප්‍රතිපත්ති ගෙනාවත්, මිනිස්සුන්ගේ ඔළු හදන වැඩිසටහන් ගෙනාවත් බොන මිනිහා බොනවා. බියර්වලට පනවා ඇති බදු අඩු කිරිම හොදයි. නමුත් අපේ ගම්වල සාමාන්‍ය කුලී වැඩ කරන අය, වතු කම්කරුවෝ, පතල්වල වැඩකරන අය දුප්පත් ජනතාව වැඩියෙන් පානය කරන්නේ බියර් නොවෙයි ගල් අරක්කුයි. ගල් අරක්කු මිල දැන් විශාල ලෙස ඉහල ගිහිල්ලා ඒ නිසා දුප්පත් ජනතාව කසිප්පු ඇතුළු විෂ මත්පැන් වර්ගවලට යොමුවිමේ ප්‍රවණාතවය වැඩි වෙලා.

    ඒක නිසා මම මුදල් ඇමතිවරයාගෙන් බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා සාමාන්‍ය දුප්පත් ජනතාවගේ ගල් අරක්කු බෝතලයෙන් බදු අඩු කරලා මේ ජනතාවට සහන දෙන්න කියලා. ඔබතුමාට අවශ්‍ය නම් විස්කි, බ්‍රැන්ඩිවල බදු තව වැඩිකළත් කමක් නෑ” යැයි අමාත්‍යවරයා කීවේය.
     
    • Like
    Reactions: barath dpriye

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,231
    1,155
    113
    අන්න නියම ෙපාරක්. අාසවකට ගල් ෙෂාට් එකක් ගහන්න අපිට චෑන්ස් එකක් දීපල්ලාෙකා් ෙන්ද...... හැබැයි රට පුරාම ෙහාර ගල් වැහි වැහැල. එ්වා ෙබානවට වඩා ෙහාදයි අැති හිටියා ගහන එක...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    බලන්ඩ ඉතින් මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්න එක රටවැසියෝ හැටියට අපිට කොච්චර ආඩම්බරයක්ද :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    මොනවද බං මේ අරක්කු ප්‍රශ්න? බොන මිනිහා බොතලේ ලක්ශයකට ගියත් බොනවා.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ඇත්ත බන් ඔය කතාව අපේ ගෙදර concrete වැඩ වගයක් කරන්න ආපු බාස්ගෙනුයි, ගෝලයගෙනුයි මන් ඇහුව බොන්නේ නැතුව සල්ලි ඉතුරු කරන්නේ නැත්තේ මොකද කියල මිනිහ කිවුව මහත්තයෝ මේ අත පය ඔක්කොම කැක්කුමයි රෑට නින්ද යන්නේ නෑ එකයි පොඩ්ඩක් බොන්නේ කියල. ඔච්චර අමාරුද කියල බලන්න මමත් ගත්ත concrete ටික අනන්න උදව් වෙන්න කොට්ට 3යි ඇනුවේ ඇඩුණා ඒ මිනිස්සු පට්ට දුකක් විදින්නේ හැමදාම ඒ දේ කරන මිනිස්සුන්ට කොච්චර අමාරු ඇත්ද? ඕවා ගණන් වැඩි කරාම උන් කීය උනත් බොනවා ඉතින් ඒ මිනිස්සුන්ට හම්බකරන එක ඉතිරියක් නෑ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇත්ත බන් ඔය කතාව අපේ ගෙදර concrete වැඩ වගයක් කරන්න ආපු බාස්ගෙනුයි, ගෝලයගෙනුයි මන් ඇහුව බොන්නේ නැතුව සල්ලි ඉතුරු කරන්නේ නැත්තේ මොකද කියල මිනිහ කිවුව මහත්තයෝ මේ අත පය ඔක්කොම කැක්කුමයි රෑට නින්ද යන්නේ නෑ එකයි පොඩ්ඩක් බොන්නේ කියල. ඔච්චර අමාරුද කියල බලන්න මමත් ගත්ත concrete ටික අනන්න උදව් වෙන්න කොට්ට 3යි ඇනුවේ ඇඩුණා ඒ මිනිස්සු පට්ට දුකක් විදින්නේ හැමදාම ඒ දේ කරන මිනිස්සුන්ට කොච්චර අමාරු ඇත්ද? ඕවා ගණන් වැඩි කරාම උන් කීය උනත් බොනවා ඉතින් ඒ මිනිස්සුන්ට හම්බකරන එක ඉතිරියක් නෑ.

    :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඇත්ත බන් ඔය කතාව අපේ ගෙදර concrete වැඩ වගයක් කරන්න ආපු බාස්ගෙනුයි, ගෝලයගෙනුයි මන් ඇහුව බොන්නේ නැතුව සල්ලි ඉතුරු කරන්නේ නැත්තේ මොකද කියල මිනිහ කිවුව මහත්තයෝ මේ අත පය ඔක්කොම කැක්කුමයි රෑට නින්ද යන්නේ නෑ එකයි පොඩ්ඩක් බොන්නේ කියල. ඔච්චර අමාරුද කියල බලන්න මමත් ගත්ත concrete ටික අනන්න උදව් වෙන්න කොට්ට 3යි ඇනුවේ ඇඩුණා ඒ මිනිස්සු පට්ට දුකක් විදින්නේ හැමදාම ඒ දේ කරන මිනිස්සුන්ට කොච්චර අමාරු ඇත්ද? ඕවා ගණන් වැඩි කරාම උන් කීය උනත් බොනවා ඉතින් ඒ මිනිස්සුන්ට හම්බකරන එක ඉතිරියක් නෑ.

    උබේ කතාව ඇත්ත. කොන්ක්‍රීට් ස්ලැබ් දාන ගොඩක් අය ඔහොම තමයි. දන්න ඉස්සෙල්ලා කුඩු ගහලා එන්නෙ නැත්නම් මලක් ගහලයි එන්නෙ. අතරමැද විවේකයක් ගත්තොත් ඒකෙත් මොනා හරි ගහනවා. ඒත් ඇත්තටම ඕක අපේ මිනිස්සුන්ගෙ හිතට දෙන ඩිස්ට්‍රෑක්ශන් එකක් විතරයි. ඒ මිනිස්සු පුරුදුවෙලා තියෙනවා ගල් මල් කුඩු ගැහුවම ඇඟේ අමාරුවය යනවා කියලා. උන් ඒක උන්ගෙ මනසට කාවද්දලා තියෙන්නෙ. දැන් තමන්ගෙ ඇඟත් ඒවම ඉල්ලනවා.

    ඕක මම හරියටම දැනගත්තෙ ගොවිතැන් කරන කෙනෙක් එක්ක බස් එකේ කතාවට වැටුන දවසෙයි. එයාට අවුරුදු 45ක් වගේ ඇති. ගොවිතැන් හේන් කරලයි ජීවත් වෙන්නෙ. මම ඇහුවා ඕවා කරන්න අමාරු වැඩනෙ හවසට මොනා හරි එහෙම ගන්නවද කියලා. කිසිම දෙයක් ගන්නෑ කිව්වා. උදැල්ලක් අල්ලන්නැතුව නිකන් හිටියොත් ඇඟට හරි නෑවගේලු. මොනාම හරි යන්නමලු ඕනේ. ඒ මිනිස්සුන්ගෙ මයින්ඩ් සෙට් එක එහෙමයි.