We are brain washed part 1

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මිනිසුන්ට මරණින් පසු පවතින ආත්මයක් තිබේද?

ඉපදුන සෑම මිනිසෙකු ම මැරෙනවා එය පරම සත්‍යයකි. එහෙත් කිසිවෙකු නැවත උපදින්නේ නැත. සැබෑ බුදු දහමේ ඉගැන්වීම අනාත්මය යි. එනම් හින්දූන් විසින් උගන්වන ලද පෙර භවය, මතු භවය ප්‍රතික්ෂේප කරයි. විකෘති කරන ලද බුදු දහමක් අදහන ලාංකිකයන් නැවත ඉපදීමක් ඉහලින් ම අදහයි. ලාංකික රූපවාහිනී සහ අනෙකුත් මාධ්‍යයත් මෙම මිත්‍යාව නිරන්තරයෙන් සමාජ ගත කරයි. පාසල් සිසුන් පවා එය විද්‍යාත්මක සත්‍යයක් යැයි කියන තරමට මාධ්‍ය විසින් මෙම බොරු සමාජ ගත කරමින් සිටියි. අනාත්ම දේශනාවක් දේශනා කර ඇති එකම දහම බුදු දහමයි.

ලෝකයේ අනෙක් සෑම ආගමක් ම මරණින් මතු පැවැත්මක් පෙන්වමින් ආගම් භක්තිකයින් බිය වද්දමින් ඔවුන්ගෙන් ලාභ සත්කාර ලබා ගනී. නවීන විද්‍යාව අනුවත් මෙම ආත්ම සංකල්පය මිත්‍යාවක් බව පැහැදිලිවම ඔප්පු වේ. මිනිසා වර්තමානයේ සිටින දියුණු ජීවියා දක්වා පැමිණ ඇත්තේ ඒක සෛලික ජීවියාගේ සිට අවුරුදු මිලියන ගණනක ජීවයේ පරිණාමයේ ප්‍රතිඵලයක් විදියට ය. අපට පරිසරයේ ඇති දෑ දැක ගත හැකි වන්නේත්, ශබ්ද ඇසිය හැකි වන්නේත් ඇස, කණ ආදී ඉන්ද්‍රියන් තුළ ආලෝකය හා ශබ්ද ගමන් කිරීමෙන් පසු ඇතිවන සංකීර්ණ ක්‍රියාවලියකින් පසුව ය.

අජීව ද්‍රව්‍ය වන පුටුවකට, මේසයකට, ගලා යන ජලයට හෝ හමා යන සුළගට අනෙක් වස්තූන් දැකීමේ හෝ ඇසීමේ හැකියාවක් නැත. ඒ සදහා මෙම අජීවී ද්‍රව්‍යවලට ඉන්ද්‍රියන් පිහිටා නැත. හෘදය වස්තුවේ කාර්යය රුධිරය සිරුර පුරා පොම්ප කිරීම යි. ඒ වාගේ ම මොළයේ කාර්ය සිතීමයි. සිතිවිලි යනු ශරීරයෙන් වියුක්තව පවතින දෙයක් නොවේ. අපට ඇති වන තරහ, දුක, සතුට වැනි හැගීම් පවා ඒවාට අදාළ මොළයේ ස්ථාන උත්තේජනය කිරීමෙන් කෘතීමව ඇති කළ හැක. මතකය යන්නත් එසේ ම ය. දිගු කාලීන මතකය හා කෙටි කාලීන මතකය මොළයේ ඒ ඒ ස්ථාන ආශ්‍රිතව පවතී. සමහර අනතුරු වලින් මොළයේ ඒ ස්ථාන වලට හානි පැමිණීමේ දී ඒ මිනිසුන්ගේ දිගු කාලීන මතයන් නැති වී ඇති බවට බොහෝ වාර්තා ඇත. මිනිසෙකු මිය ගිය පසු මොළයත් මිය යයි. ශරීරයෙන් වියුක්තව පැවතිය හැකි කිසිවක් ශරීරයේ ඉතුරු නොවේ. අන්ධ ආගමික භක්තිකයන් පවසන ආකාරයට ශරීරයෙන් පිටවන දුමකට හෝ ශක්තියකට මතකයන් රඳවා ගත නොහැක.

මතකය යනු මොළයේ සංකීර්ණ ක්‍රියාවලියකි. දැනටත් 1% පමණ ක්‍රිස්තියානි බටහිර විද්‍යාඥයින් මරණින් මතු පැවැත්මක් පැවතිය හැකි බවට කිසිම විද්‍යාත්මක සාධකයක්, සාක්ෂියක් ඉදිරිපත් නොකර තර්ක ඉදිරිපත් කරයි. ඔවුන් එසේ කරන්නේ කුඩා කළ සිට දැඩි ලෙස මනසට කා වැදී ඇති ආගමික දෘෂ්ඨීන් හේතුවෙනි. එහෙත් එය කිසිදා ඔප්පු කළ නොහැකි හිතලුවක් පමණි. බොහෝ මිනිසුන් මතු ආත්මයක් විශ්වාස කිරීමට පෙළඹෙන අනෙක් කාරණය නම් ආශාවයි. ලාංකිකයන් බුදු දහම විකෘති කර නිවන යනු නැවත ඉපදීමක් නැති වීම යයි දැඩි ලෙස විශ්වාස කළ ද, නැවත ඉපදීමක් නැති බව විද්‍යාත්මකව පෙන්වා දීමේ දී බොහෝ මිනිසුන් තැති ගැනීමකට ලක් වේ. යථාර්ථය නම් නිවන් අරමුණු කරමින් පූජා තියන කිසිම ලාංකික බෞද්ධයෙක් ( බොරු බෞද්ධයන් ) නැවත ඉපදීමක් නැති වීමට කැමති නැත. සෑම ආගමකම පූජකයින් ( භික්ෂූන් ) මෙම ආශාව දඩමීමා කර ගෙන විවිධ පුද පූජා පවත්වා ඔවුන් සැපවත් ජීවිත ගත කරති. නිවන නම් කිසිවකට නොඇලී සිටීමයි. එය ඉතා සරල ලෙස පෙනුන ද, පහසුවෙන් කළ නොහැක්කකි. සැබෑ සතුට පවතින්නේ යාන වාහන හෝ වෙනත් දේපල මත නොවේ. එය පවතින්නේ තමන් ඒ ඒ දේ දෙස බලන ආකාර ය තුළයි. යමෙකුට තාවකාලිකව ටික වේලාවකට බාහිර දේට නො ඇලී සිටිය හැක. එහෙත් එය දිගට කළ නොහැක. කිසිදා වෙනස් නොවන ලෙස ඇලීම් ගැටීම් වලින් ඉවත් වීම නිවනයි.

මතු ආත්මයක් නැත්නම් ලෝකයේ අපරාධ වැඩි වෙයි ද?
අප මිනිසෙකුට උදව්වක් හෝ හානියක් කරන්නේ ලබන ආත්මකයක ලැබෙන දෙයක් සිතාගෙන නම් සැබවින් ම එය තමන්ගේ වාසියට වැඩ කිරීමකි. අපට ලබන ආත්මයක් නැත්නම් ඕනෑම පාහර වැඩක් කළ හැකි යැයි කියන මිනිසෙක් කිසිසේත් ම මිනිස් කමට නොගැලපෙයි. ලෝකයේ අපරාධ කරන අයගෙන් අති බහුතරයක් ලබන ආත්ම විශ්වාස කරන මිනිසුන් බව ඒ ගැන සමීක්ෂණ කර ඇති බොහෝ සංවිධාන හෙළි කර ඇත. ලෝකයේ භාවිතයේ ඇති සෑම ආගමකම මිනිසුන් ලබන ආත්මයක් විශ්වාස කරයි. ( බුදුන්ගේ සැබෑ ඉගැන්වීම අනාත්මය වුවත්, මිනිසුන්ට ලබන ආත්මයක් පෙන්වා භය කර තමන්ට ලාභ සත්කාර ගැනීමට ක්‍රියා කළ භික්ෂූන් නිසා අද බෞද්ධයින් පවා ලබන ආත්මයක් විශ්වාස කරයි) සෑම ආගමකම ලබන ආත්මයක් විශ්වාස කර ද ඒ හේතුවෙන් අපරාධ අඩු විමක් සිදු වී නැත. බොහෝ විට ලබන ආත්මයක් විශ්වාස නොකරන්නේ කුඩා කළ සිට දෙමාපියන් සහ පූජ්‍ය පක්ෂය විසින් බලහත්කාරයෙන් තමාගේ සිතට ඇතලු කරන ලද විකාර අදහස් වලට වහල් නොවී සිතිය හැකි ඉතාමත් සුළු පිරිසකි. මේ පිරිස මිනිසුන්ට පෙනෙන්නට සුදු ඇද ගෙන පන්සල් යන පොහොයට සිල් සමාදන් වෙන ( ශීලය ඇත්තේ කහ රෙද්දක හෝ සුදු රෙද්දක යැයි සිතන ) මිනිසුන්ට වඩා සැබවින්ම සදාචාරවත් ජීවත ගත කරයි. මිනිසුන් යහමගට ගත හැක්කේ බොරු ආත්මයක් කියා දීමෙන් නොවේ. කුඩා කළ සිට ම තමාටත් අනුන්ටත් යහපතක් වන ආකාරයට සමාජයේ ජීවත් වන ආකාරය කියා දීමෙන් සහ අවංකත්වය සහ සත්‍යය සියල්ලට වඩා වටිනා බව අවබෝධ කර දීමෙනි.
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉපදුන සෑම මිනිසෙකු ම මැරෙනවා එය පරම සත්‍යයකි. එහෙත් කිසිවෙකු නැවත උපදින්නේ නැත. :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉපදීම හා මරණය කියන්නෙ චක්‍රයක්. උපදින අපි කවදා හෝ මරණින් කෙළවර කරනවා. ඒත් අපේ ආත්මය මිහිදන් වන්නෙ නෑ. ඒක තව උපතක් එක්ක සම්බන්ධ වෙනවා. පස්සෙ පසුගිය ආත්මේ කරපු පව් පින් එක්ක ගෙවන ජීවිතය තීරණය කරනවා. ඒක තමයි සදාකාලික ඇත්ත.
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Ethakota Niwan dakinawai kiyala dakinne mokadda machang? Rahath wenawai kiyanne mokadda? e kohomada? Matanam penne ubenam moka hari brain wash karala kiyalai.
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඉපදීම හා මරණය කියන්නෙ චක්‍රයක්. උපදින අපි කවදා හෝ මරණින් කෙළවර කරනවා. ඒත් අපේ ආත්මය මිහිදන් වන්නෙ නෑ. ඒක තව උපතක් එක්ක සම්බන්ධ වෙනවා. පස්සෙ පසුගිය ආත්මේ කරපු පව් පින් එක්ක ගෙවන ජීවිතය තීරණය කරනවා. ඒක තමයි සදාකාලික ඇත්ත.

    :yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉපදීම හා මරණය කියන්නෙ චක්‍රයක්. උපදින අපි කවදා හෝ මරණින් කෙළවර කරනවා. ඒත් අපේ ආත්මය මිහිදන් වන්නෙ නෑ. ඒක තව උපතක් එක්ක සම්බන්ධ වෙනවා. පස්සෙ පසුගිය ආත්මේ කරපු පව් පින් එක්ක ගෙවන ජීවිතය තීරණය කරනවා. ඒක තමයි සදාකාලික ඇත්ත.

    kawda theeranaya karanne
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    උඹලගේ තියන අවුල තමයි උඹල මිනිස්සු ගැන හිතන්නේ රොබෝ කෙනෙක් කියන මට්ටමකින් විතරයි . එතනින් එහාට මොකක් හරි දෙයක් තියනවද කියල හොයන්න කැමති නැහැ. මොකද උඹල බයයි උඹලගේ theory එක බොරුවෙයි කියල. මම පිලිගන්නවා මිනිස්සු කියන්නේ සංකීර්ණ පද්ධතියක්. රසායනික වලින් අපේ සිතුවිලි පාලනය වෙනවා කියල එත් මරණය කියන්නේ අපේ අවසානය කියල පිලිගන්නත් බැහැ. විද්‍යාවට විවෘත වෙනවා නම් පහල තියන link එක බලන්න.
    http://www.dailymail.co.uk/sciencet...afterlife-claims-scientist.html#ixzz3D8lSoXGj
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    kawda theeranaya karanne

    එක වෙනේකෙන් තීරණය කිරීමක් නෙමෙයි. උඹ ටෙනිස් බෝලයක් බිත්තියකට ගහනවා. එක ඇවිල්ල උඹේ ඇඟේ වැදෙනවා දැන් කවුද එක තීරණය කලේ ?
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,525
    6,501
    113
    ඔය ගැන තර්ක කිරීමෙන් වෙන්නේ අපේ කාලය නිකරුනේ අපතේ යනවා විතරයි, තමන්ගේ විශ්වාසයන් වලට පහර වදිනකොට මිනිස්සුන්ට ගොඩක් තරහයනවා, මේ post එක දාල තියෙන්නේ fake එකකින් නිසා මීටවඩ මුකුත් නොකිය ඉන්නම්.
     

    geeth92

    Member
    Sep 5, 2014
    52
    1
    0
    niwan dakeema hara api karana kiyana, siduwana,penena, hamadema chakreeyai.e bawa apita nopenenne chakraye size eka wenas nisa.mata danenne ehemai.
     

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    එක වෙනේකෙන් තීරණය කිරීමක් නෙමෙයි. උඹ ටෙනිස් බෝලයක් බිත්තියකට ගහනවා. එක ඇවිල්ල උඹේ ඇඟේ වැදෙනවා දැන් කවුද එක තීරණය කලේ ?

    ප්‍රත්‍යස්තතාවය
     

    sonstage

    Junior member
  • Aug 16, 2007
    50
    5
    8
    Anathmai...

    Nawatha Ipadeemai ekai kiyala kawda kiwwe...

    Uba hitanne Bududahame anathmai kiyana nisa nawatha ipadeemak na.. mokada anik agam wala kiyanne athme gaman karanawa kiyana nisa ne....

    Uba okkoma patalan inne...
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අනාත්ම !== soul එකක් නෑ

    අනාත්ම කියන එකේ තේරුම දැනගෙන කියපන්. උඹ soul එකක් නැහැ කියනේ ඉපදීමක් නැහැ කියන්න . බුදු දහමේ soul එකක් නැහැ කියන්නේ වෙන අරුතක්