We are brain washed part 4

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
නිවන කල් දැමිය නොහැක.

නිවන කල් දැමිය නොහැක, එය මේ ආත්මයේ දී ම අත්විදිය යුතු දෙයකි (ඕන නම්), මන්ද අප කිසිවෙකු නිවන් සුව විදීමට නැවත නූපදින බැවිනි.

ඉපදුන සෑම මිනිසෙකු ම මැරෙනවා එය පරම සත්‍යයකි. එහෙත් කිසිවෙකු නැවත උපදින්නේ නැත. සැබෑ බුදු දහමේ ඉගැන්වීම අනාත්මය යි. එනම් හින්දූන් විසින් උගන්වන ලද පෙර භවය, මතු භවය ප්‍රතික්ෂේප කරයි. විකෘති කරන ලද බුදු දහමක් අදහන ලාංකිකයන් නැවත ඉපදීමක් ඉහලින් ම අදහයි. ලාංකික රූපවාහිනී සහ අනෙකුත් මාධ්‍යයත් මෙම මිත්‍යාව නිරන්තරයෙන් සමාජ ගත කරයි. පාසල් සිසුන් පවා එය විද්‍යාත්මක සත්‍යයක් යැයි කියන තරමට මාධ්‍ය විසින් මෙම බොරු සමාජ ගත කරමින් සිටියි. අනාත්ම දේශනාවක් දේශනා කර ඇති එකම දහම බුදු දහමයි.

ලෝකයේ අනෙක් සෑම ආගමක් ම මරණින් මතු පැවැත්මක් පෙන්වමින් ආගම් භක්තිකයින් බිය වද්දමින් ඔවුන්ගෙන් ලාභ සත්කාර ලබා ගනී. නවීන විද්‍යාව අනුවත් මෙම ආත්ම සංකල්පය මිත්‍යාවක් බව පැහැදිලිවම ඔප්පු වේ. මිනිසා වර්තමානයේ සිටින දියුණු ජීවියා දක්වා පැමිණ ඇත්තේ ඒක සෛලික ජීවියාගේ සිට අවුරුදු මිලියන ගණනක ජීවයේ පරිණාමයේ ප්‍රතිඵලයක් විදියට ය. අපට පරිසරයේ ඇති දෑ දැක ගත හැකි වන්නේත්, ශබ්ද ඇසිය හැකි වන්නේත් ඇස, කණ ආදී ඉන්ද්‍රියන් තුළ ආලෝකය හා ශබ්ද ගමන් කිරීමෙන් පසු ඇතිවන සංකීර්ණ ක්‍රියාවලියකින් පසුව ය.

අජීව ද්‍රව්‍ය වන පුටුවකට, මේසයකට, ගලා යන ජලයට හෝ හමා යන සුළගට අනෙක් වස්තූන් දැකීමේ හෝ ඇසීමේ හැකියාවක් නැත. ඒ සදහා මෙම අජීවී ද්‍රව්‍යවලට ඉන්ද්‍රියන් පිහිටා නැත. හෘදය වස්තුවේ කාර්යය රුධිරය සිරුර පුරා පොම්ප කිරීම යි. ඒ වාගේ ම මොළයේ කාර්ය සිතීමයි. සිතිවිලි යනු ශරීරයෙන් වියුක්තව පවතින දෙයක් නොවේ. අපට ඇති වන තරහ, දුක, සතුට වැනි හැගීම් පවා ඒවාට අදාළ මොළයේ ස්ථාන උත්තේජනය කිරීමෙන් කෘතීමව ඇති කළ හැක. මතකය යන්නත් එසේ ම ය. දිගු කාලීන මතකය හා කෙටි කාලීන මතකය මොළයේ ඒ ඒ ස්ථාන ආශ්‍රිතව පවතී.

සමහර අනතුරු වලින් මොළයේ ඒ ස්ථාන වලට හානි පැමිණීමේ දී ඒ මිනිසුන්ගේ දිගු කාලීන මතයන් නැති වී ඇති බවට බොහෝ වාර්තා ඇත. මිනිසෙකු මිය ගිය පසු මොළයත් මිය යයි. ශරීරයෙන් වියුක්තව පැවතිය හැකි කිසිවක් ශරීරයේ ඉතුරු නොවේ. අන්ධ ආගමික භක්තිකයන් පවසන ආකාරයට ශරීරයෙන් පිටවන දුමකට හෝ ශක්තියකට මතකයන් රඳවා ගත නොහැක. මතකය යනු මොළයේ සංකීර්ණ ක්‍රියාවලියකි. දැනටත් 1% පමණ ක්‍රිස්තියානි බටහිර විද්‍යාඥයින් මරණින් මතු පැවැත්මක් පැවතිය හැකි බවට කිසිම විද්‍යාත්මක සාධකයක්, සාක්ෂියක් ඉදිරිපත් නොකර තර්ක ඉදිරිපත් කරයි. ඔවුන් එසේ කරන්නේ කුඩා කළ සිට දැඩි ලෙස මනසට කා වැදී ඇති ආගමික දෘෂ්ඨීන් හේතුවෙනි.

එහෙත් එය කිසිදා ඔප්පු කළ නොහැකි හිතලුවක් පමණි. බොහෝ මිනිසුන් මතු ආත්මයක් විශ්වාස කිරීමට පෙළඹෙන අනෙක් කාරණය නම් ආශාවයි. ලාංකිකයන් බුදු දහම විකෘති කර නිවන යනු නැවත ඉපදීමක් නැති වීම යයි දැඩි ලෙස විශ්වාස කළ ද, නැවත ඉපදීමක් නැති බව විද්‍යාත්මකව පෙන්වා දීමේ දී බොහෝ මිනිසුන් තැති ගැනීමකට ලක් වේ. යථාර්ථය නම් නිවන් අරමුණු කරමින් පූජා තියන කිසිම ලාංකික බෞද්ධයෙක් ( බොරු බෞද්ධයන් ) නැවත ඉපදීමක් නැති වීමට කැමති නැත. සෑම ආගමකම පූජකයින් ( භික්ෂූන් ) මෙම ආශාව දඩමීමා කර ගෙන විවිධ පුද පූජා පවත්වා ඔවුන් සැපවත් ජීවිත ගත කරති. නිවන නම් කිසිවකට නොඇලී සිටීමයි. එය ඉතා සරල ලෙස පෙනුන ද, පහසුවෙන් කළ නොහැක්කකි. සැබෑ සතුට පවතින්නේ යාන වාහන හෝ වෙනත් දේපල මත නොවේ. එය පවතින්නේ තමන් ඒ ඒ දේ දෙස බලන ආකාර ය තුළයි. යමෙකුට තාවකාලිකව ටික වේලාවකට බාහිර දේට නො ඇලී සිටිය හැක. එහෙත් එය දිගට කළ නොහැක. කිසිදා වෙනස් නොවන ලෙස ඇලීම් ගැටීම් වලින් ඉවත් වීම නිවනයි.
 

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    1.එඩ්ගාර් කේසිගේ "කියවීම්" සනාත කිරීමට ඇති වෛද්‍ය වාර්තා බලන්න ඔයා හේතුවාදියෙක් නම්.
    2. ඔයා මුස්ලිම් නම් මේ ත්‍රෙඩ් එක බැලුවම අඩුගානෙ තර්කයක් ගොඩනගන්නෙ කොහොමද කියල තේරෙයි.
    :rolleyes:
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    machan uba adahana agama adagagena hitapan bann,nika demadiyo mathak karaganne nathuaa
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උබ නම් බුද්දාගමෙ කෙනෙක් වෙන්න බෑ,කව්ද උබව බ්‍රෙන් වොශ් කලෙ ?