Wenasa sepadha? Kappam dhunnada hamuduruwane?

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    වයඹ පළාතේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ සහෝදරයකු ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන ව්‍යාපාර සමාගම්වලින් කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කිරීමට පටන්ගෙන ඇතැයි වාර්තා වෙයි.

    කලක් දේශපාලනයේද නිරතව සිටි මෙම රාජ්‍ය ඇමැති සොහොයුරා බිංගිරිය, හලාවත, පුත්තලම, මාදම්පේ ආදී ප්‍රදේශවල ඇතැම් දෙස් විදෙස් ආයෝජකයන්ගේ දායකත්වයෙන් ස්ථාපිත කර තිබෙන ඇඟලුම් කම්හල් හා ව්‍යාපාර සමාගම් ගණනාවකින් කප්පම් මුදල් ඉල්ලා තර්ජනය එල්ල කරන්නට පටන්ගෙන ඇතැයි කියැවේ.

    මේ ගැන ප්‍රකාශයක් කළ නම් සඳහන් කිරීමට අකමැති වූ සමාගම් ප්‍රධානියකු ප්‍රකාශ කළේ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් පවා මේ ගැන තොරතුරු දන්නා නමුත් පොලිසියට කරුණු දැන්වූ විට මොහු සමඟ සමථයකට පත්ව ක්‍රියා කරන්නැයි උපදෙස් දුන් බවය. ඔවුන් මෙම තැනැත්තා සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බවත් හෙතෙම පැවැසීය.

    තම ඇමැති සොයුරා තම පදවිය භාරගෙන සතියක් යනවිට මොහු මෙම කටයුතු ආරම්භ කර ඇති අතර සේවකයන් දහසකට වැඩි ගණනක් සේවය කරන සමහර සමාගම්වල ව්‍යාපාරික කොන්ත්‍රාත්තු තමන්ට පවරන ලෙසද තර්ජනය කරන්නට පටන්ගෙන ඇතැයි තතු දත් ආරංචි මාර්ග කියයි.


    Source - Lankacnews
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හා හා නාඩා ඉදපන්..... ඔය වගේ පොඩිපොඩි දේවල් ගානට මැනේජ් කරයි. උඔලත්දැන තමි ඇහැරල තියෙන්නේ නේද?