වේරහැර Trial ගිය අය තමන්ගෙ අත්දැකීම් විස්තර කරන්නකෝ.....
කොහොමද Trial එක පටන් ගත්තෙ.....
කොහෙද ගියෙ.....
අහපු ප්‍රශ්න......
මොනවද වෙච්ච වැරදීම්.......
උදේ 8.30ටම පටන් ගන්න වෙලාව හම්බෙලා තියෙන අයට මොනවද කරන්න වෙන්නෙ,,,,,,
මුලින්ම රිවර්ස් එක ගහන්න තියෙන්නේ ත්‍රිවිල් / වාහන දෙකේම. ඒක කරන්න තියෙන්නේ ඇතුලේමයි. බයිකුත් ගන්නවා නම් අට ගහන්න තියෙන්නෙත් ඇතුලේ. පස්සේ වාහන පාරේ පදින්න දෙනවා. ඒ යන ගමන් එක්සමිනර් බයික් එකේ ට්‍රයිල් යන උන්ට ඉස්සර වෙලා යන්න කියනවා. ඒකත් එනවා එක වාහනේක. ඊට පස්සේ ත්රිව්ල් එකට මාරු කරනවා ඒක අවුලක් නැත්තං. ඊට පස්සේ වාහනේට. ( මම මේ කියන්නේ 2012 ලර්නස් හරහා යද්දී උන දේවල් )
* ත්‍රිවිල් සෙරප්පු දාලා එලවද්දී කේස් ( කෙලින්ම කපනවා ) -
*නැග්ග හැටිය බෙල්ට් දාගන්න ඕන වාහනේ. ( අමතක කලොත් ඒත් එළියේ)
* උන් කියනවා ඉක්මනට අයින් කරලා නවත්තන්න කියල. ලෝඩ් වගේ අයින් කලොත් එළියේ. ඉඩ තියෙන තැනක් බලලා එහෙම නවතන්න ඕන. ( අනිවාර්යෙන් සයිඩ් කන්නාඩි බලලා. දාන්න කියන පැත්ත ඩබල් ඉරි බලලා සිග්නල් දාලා බබා වගේ අඩු ගියර් දාලා දෙන්න ඕන. )
* නවත්තද්දී අනිවාර්යෙන් නිවුටල් / හෑන්ඩ් බ්රේක් කරලා බහින්න.
* කොට කොට යද්දී කියනවා ලොකු ගියර් එහෙකට දාපන් කියල
* උබව කතාවට අල්ලගන්නවා. ඒවාට වැඩිය attention දෙන්න යන්න එපා. පාරට වැඩි අවදානේ දීපන්
තිවිල් කෙස් එක තමා මට ආවේ. ඒක ආයෙ දෙන්න උනා.
