What is Duckworth - Lewis (D/L) Method in Cricket?

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    වර්ෂාවට හසුවන ක්‍රික්‍රට් තරඟවල ප්‍රථිපලය ගන්නට යොදන ක්‍රමය ගැන අපි සියලු දෙනා දන්නවා... ගින්නක් නෑ!! :lol:
    ඩක්වර්ත් ලුවිස් න්‍යාය... :)
    ඔව් ඒක තමා...
    අපිට මතක කා‍ලේ ඉදලා තියෙන්නේ ඒකමයි. ඒත් ඊට කලින් ඒකට යොදා ගත්ත ක්‍රමත් තියෙනවා..
    ලංකාවේ මේ දවස් වල වැස්ස හින්දම මැච් වලට වෙන දේ දැක්කම “චාමිකයටත්” හිතුනා මේ තරඟ කනපිට හරවන්නට සමත්
    D/L method එක ගැන හොයලා බලන්න... :)

    Chamikawpblogspotcom7-38.jpg

    තොරතුරු පින්තූර සියල්ල අන්තර්ජාලයෙන් තමා හොයාගත්තේ!! කියවලා බලන්න අදහසක් දාන්න...:)
    එය 1992 ඕස්ට්‍රේලියාවේ පැවතුනු ලෝක කුසලාන තරඟාවලියට යොදා ගත් අතර සිඩ්නි ක්‍රීඩාංගනයේ පැවති අර්ධ අවසාන තරඟයේ දී එම ක්‍රමය නිසා කිරීමට නොහැකි කටයුත්තක් නිසා දකුණු අප්‍රිකානු කණ්ඩායමට එංගලන්තය ඉදිරියේදී පැරදුම හිමිවුනි. :shocked:
    වර්ෂාවට ප්‍රථම කඩුලු 04 ඇතිව පන්දු 13 කට ලකුණු 22 ඉලක්කයක් හඹා ගිය ඔවුනට වර්ෂාවට පසුව Worst overs method න්‍යාය මගින් පන්දු 1 ට ලකුණු 21 ඉලක්කයක් හිමිවිය. :shocked:

    Chamikawpblogspotcom5-46.jpg
    එම ක්‍රමයෙන් ලකුණක් අඩු වෙද්දී පන්දු 12ක් අඩු වී තිබුනි. :baffled:
    එය මෙම අපි දන්න මේ ක්‍රමය යේ ආරම්භයට බොහෝ විට මග පැදුනි. :)

    විශේෂඥ සංඛ්‍යාලේඛඥයකු හා බ්‍රිතාන්‍ය රාජකීය සංඛ්‍යාලේඛණ මාසික සඟරාවේ කතෘ වන බ්‍රිතාන්‍ය ජාතික Frank Duckwarth 1994 පැවැති සංඛ්‍යාලේඛණ සමුළුවේදී ඉදිරිපත් කරන ලද ගණිත ක්‍රමය පිලිබඳ යම් අදහසක් ලද බටහිර එංගලන්ත විශ්වවිද්‍යාලයේ පරිගණක හා ගණිතය පීඨයේ ගණිත කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන Tony Lewis එය ව්‍යාපෘතියකට සුදුසු බව වටහාගනිමින් එය නිර්මාණය කරන ලදි. :)
    මොවුන් දෙදෙනා 2010 ජුනි මස දී ක්‍රික්‍රට් ක්‍රීඩාව වෙනුවෙන් කල සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ රැජිණගේ ගෞරව සම්මානයට ලක්විය. :):)

    Chamikawpblogspotcom6-42.jpg
    මෙයට පෙර විවිධ ක්‍රම ඒ සඳහා යොදා ගෙන තිබුනි. :eek:
    Average run rate method එයින් එක ක්‍රමයකි. :)
    එහිදී ලබා ගත් ලකුණු දළ ලකුණු ලබා ගැනීමේ වේගයෙන් බෙදීමෙන් ප්‍රතිඵලය ලබා ගනී.
    Worst overs method - හොදින්ම පන්දු යවා ඇති ඕවර ගණන (නිලකුණු ඕවර) ගණනට සමාන පන්දු ගනණ පන්දුවට පහර දෙන කණ්ඩායමෙන් අඩු කරනු ලැබේ. :shocked:
    Parabola Method නැමති ක්‍රමයක් වු අතර එය D/L method ආසන්න කඩුලු ගැන අවධානය යොමු නොකරයි. :eek:
    1996 ලෝක කුසලාන තරඟාවලියට යොදා ගනු ලැබුවේ එහිදි එහිදි වැස්සෙන් බාධා නොවු නිසා යොදා ගැනීමක් සිදුවී නොතිබුනි. :)
    ඊට අමතරව Clark Curves නැමැති ක්‍රමයක්ද යොදා ගෙන තිබී ඇත.
    1996/97 එංගලන්ත සිම්බාබ්වේ තරඟ මාලාවක දෙවන තරඟයේදී මුල් වරට මෙම ක්‍රමය යොදා ගත් අතර එහිදි කඩුලු 6ක ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ පිලට හැකියාව ලැබුනි. :)
    ඉන් පසුව ICC කුසලාන තරඟාවලිය වෙනුවෙන් මැලේසියාවේදී අනුගමනය කල අතර 1998 දි රටවල් කිහිපයක තරගාවලි සඳහා යොදා ගත් අතර 1999 දි එංගලන්තයේ පැවති ලෝක කුසලානයටත් යොදා ගැනීමට සිටියත් එහිදි කිසිදු තරඟයකට වර්ෂාව නොවැටීම නිසා එය මඟහැරුණි. :)
    ජාත්‍යන්තර ක්‍රික්‍රට් කවුන්සිලය 2001 සැප්තැම්බර් මස 01 වන දින සිට මෙම ක්‍රමය ආදේශකයක් ලෙස භාවිතා කරන්නට යොදා ගන්නා ලද අතර 2004 සිට සම්මත ක්‍රමය ලෙස භාවිතා කිරීමට විය. :)
    2012 වෙද්දී එය ජාත්‍යන්තර ක්‍රික්‍රට් කවුන්සිලය එය යොදා ගැනීම අරඹා වසර 11ක් සපිරේ.
    11.gif

    2009 ජුනි මාසයේ සිට 20 – 20 තරඟ සඳහා යොදා ගැනීම ආරම්භ කරන ලදි.
    11.gif

    ඕවර 50ක් ක්‍රීඩා කරන එක්දින තරඟයක දෙපිලම ඕවර 20 වැඩියෙන් ක්‍රීඩා කොට ඇත්නම් මෙම ක්‍රමය යොදා ගන්නට පුළුවන්... :)
    20-20 තරඟයක නම් අවමව ඕවර 05ක් ක්‍රීඩා කොට ඇත්නම් ඒ සඳහාද මෙය යොදා ගත හැකියි. :)
    ඩක්වර්ත් ලුවිස් ක්‍රමයේදී සලකා බැලෙන ප්‍රධානම කරුණු දෙක වන්නේ පිතිකරනයේ යෙදෙන පිලට තවත් කොපමන ඕවර ප්‍රමාණයක් ලැබෙන්නට තිබේද හා ඔවුන් සතුව ඉතිරිව ඇති කඩුලු ප්‍රමාණයයි. :)
    ඉහත කරුණු සලකමින් ඒ සඳහා ලබා දී ඇති වගුව ආධාරයෙන් හා කුඩා ප්‍රමාණයේ කැල්කියුලේටරයක ආධාරයෙන් පහසුවෙන් ලබා ගත යුතු ලකුණු හා ඒ සඳහා ලැබෙන පන්දු ප්‍රමාණය ගණනය කර ගත හැකිය. :eek::eek:
    එහි ප්‍රභේද දෙකක් පවතී. එය 2004 දී හදුන්වා දුන් පරිගණකයෙන් ඉටු කරන පන්දුවෙන් පන්දුවට ගණනය කරන ක්‍රමය හෙවත් Proffesional ක්‍රමයත්, සාමන්‍ය ක්‍රමය( Standerd) වන වගුවෙන් ගණනය කරන ක්‍රමය ‍යන දෙකයි. :)
    ජාත්‍යන්තර තරඟයන්හි Proffesional ක්‍රමය බොහෝ විට යොදා ගන්නා අතර පහල මට්ටමේ තරඟ සඳහා සම්මත වගු ක්‍රමය යොදා ගනු ලබයි. නිතර සංස්කරණය කරන මෙහි මෑතකදි හදුන්වා දුන් අලුත්ම සංස්කරණය වන්නේ 2004 දී කල සංස්කරණයයි.

    ඩක්වර්ත් ලුවිස් නීතිය ගැන වැඩි පුර දැනගන්න මෙතනින් පුළුවන්...

    පහත දැක්වෙන්නේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමය දැක්වෙන කෙටි වගුවයි.
    [FONT=&quot]
    Chamikawpblogspotcom3-53.jpg
    [/FONT]
    මීට අමතරව පන්දුවෙන් පන්දුව දැක්වෙන වගුවක් ඇති අතර එයද යොදා ගැනීමද සිදුකරත් වර්තමානයේ පරිගණකය මගින් මෙය ඉටුකිරීම සුලභ වී ඇත. :)

    ජාත්‍යන්තර තරඟයන්හි Proffesional ක්‍රමය හෙවත් පන්දුවෙන් පන්දුව පිලිබඳ වගුව මෙතනින් ගන්න :)
    ඩක්වර්ත් ලුවිස් නිල වෙබ් අඩවියේ එම ගණනය කරන

    උදාහරණයක් මෙලෙස දැක්විය හැකිය. :)
    01. දෙවන පිල ලකුණු හඹා යාමේදී වැසි වැටුනේ නම්....:)

    Team 1 ලකුණු 250 ක් ඕවර 50 ලබාගන්නා ලදි. දෙවන පිල ඕවර 20 කදි ලකුණු 80 ට කඩුලු 2 තිබියදි වැසි වැටුණි. එමගින් පන්දු ඕවර 10ක යවන වේලාව පාඩු විය. :sorry:
    තරඟය නවතන විට පන්දු ඕවර 30 ක් ඉතිරිව කඩුලු 2ක් දැවි ඇත. එම නිසා වගුවට අනුව ඇති සම්පත් ප්‍රමාණ ප්‍රතිශතය 67.3% කි.
    තරඟය නැවත අරඹන විට ඉතිරිව ඇත්තේ කඩුලු 2ක් දැවි පන්දු ඕවර 20 කි.
    එම නිසා අඩු වෙන ලද වගුවට අනුව සම්පත් ප්‍රමාණ ප්‍රතිශතය 52.4% කි.
    වැස්ස නිසා නැතිවු සම්පත් ප්‍රමාණය 67.3% - 52.4% = 14.9%
    පලමු ඉනිමට සමාන වීමට දෙවන කණ්ඩායම සතුව ඇති සම්පත් ප්‍රමාණය
    100%(පන්දු ඕවර 50 ක්‍රිඩා කල නිසා) - 14.9% = 85.1%
    සුත්‍රයට ආදේශ කල විට
    T= S x R1 / R2
    T= 250 x 85.1 / 100
    T= 212.75
    තරගය ජයග්‍රහණයට ලකුණු 213 ක් ලබා ගත යුතුවේ. :)

    එක ක්‍රමයට අදාල වන ලෙස සැකසු තවත් උදාහරණ දෙකක් තමයි මේ....
    11.gif

    02.පලවෙනි ඉනිමට වැස්සෙන් බාධා සිදුවී නම්..... :eek:

    Chamikawpblogspotcom1-60.jpg


    03.ප්‍රමාද වී ආරම්භ වීමක් නම්.... :eek:
    Chamikawpblogspotcom2-56.jpg
    ගමේ නිවාඩු පාඩුවේ මැච් එකක් ගහද්දී වැස්සොත් එ‍‍හේම කට්ටිය මොකද කරන්නේ??...
    7.gif
    දැන් ඉතින් අවුලක් නෑ නේ... :)
    ගත්තා සුත්‍රය දැම්මා ඕන ටික සිම්පල් තමයි!!
    11.gif
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ගැන ගොඩක් කරුණු දැනගත්ත නොදන්නා දේවල්
    මැක්සා මචන් හැමදාම වගේ ගාල්ලෙන් හොද ලිපියක්