What is Love? ආදරය පිළිබඳ වූ විද්‍යාත්මක විග්‍රහය

JeevanaCP

Member
Apr 17, 2016
35
6
0
What is Love? ආදරය පිළිබඳ වූ විද්‍යාත්මක විග්‍රහය

ආදරය යනු පැහැදිලිවම බොරුවකි. මානව වර්ගයාම අත් විදින මුළාවකි. මන්ද ඇත්ත වශයෙන් ම ආදරය කියා දෙයක් නොමැත. මා එසේ පවසන්නේ ඇයි? මෙහිදී ආදරය යන නිර්වචන ගැහැණියකගේ ආදරය සහ පිරිමියෙකුගේ ආදරය ලෙස ආකාර දෙකකට හදුනා ගත හැකි වීම ආදරය යනු හිතලුවක් බවට තහවුරු කීරීමට ඇති පළමු සාක්ෂිය සපයයි. Because if there is love is true ,, there has to be only one meaning . there hasn’t to be double meaning for single world. So then it shows this love is just a myth it’s just an imagination of human mind and not a reality . love is not exist . look at the following two explanations .
• සමාජ තත්ත්වය ( බලය , ප්‍රසිද්ධිය යන සාධක මත ගොඩනැගෙන සමාජ තත්ත්වය මින් අදහස් වේ. )
• සුව පහසු ජීවිතය ( ධනය )
• ඉහත කරුණු දෙක ඒකරාශී වීමෙන් තමා තුල ගොඩ නැගෙන අභිමානය
• ලිංගික ආශාව
යන කාරණා සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගනිමින් ගැහැණිය “ ආදරය “ යන වචනය භාවතා කරමින් පිරිමියෙකු වෙත සමීප වීම ආදරය ලෙස හදුනා ගත හැක.
ඉහත අංග අවශේෂ වශයෙන් ප්‍රත්‍ය විම හෝ නොවී ප්‍රධාන වශයෙන් ලිංගික ආශාව මුදුන් පණුනුවා ගැනීමේ අරමුණින් පිරිමියෙකු “ආදරය” යන වචනය භාවිතා කරමින් ගැහැණිය වෙත සමීප විම පිරිමියෙකු සතු ආදරය ලෙස හදුනා ගත හැක.

දෙවන සාක්ෂිය.
තරුණ කාලයේ මහත් වූ ස්නේහයකින් බැදී සිටියත් විවාහ වසරින් වසර දෙදෙනා අතර ඇදහිය නොහැකි සිදුවන දුරස් භාවය . එය එසේ සිදුවන්නේ ඇයි ද යන්න ඉතාම අපැහැදිලි කාරණයකි. එයට ප්‍රධාන හේතුවක් ලෙස ඉහත ආදරය ඇති වීමට පදනම් වූ යම් ඒක හේතුවක හෝ දුර්වල වීමක් ඇති වුව හොත් එම බැදීම අඩපන වීම සිදු වීම දක්නට ලැබේ. ආදරය ලෙස දෙදෙනකු අතර ඇති වන්නේ ඇත්ත ලෙසම ආදරයක් නොව ඉහත අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ අරගලයක් නිසාය මෙවන් වූ ඉරණමක් සෑම අදරයකටම අත්වන්නේ. ඉහත සාධක වලින් ස්වායත්තව දෙදෙනෙකු අතර යම් බැදීමක් හට ගත්තේ නම් එය මෙසේ කෙලවර නොවනු ඇත.

එසේ නම් සත්‍ය වශයෙන්ම ආදරය වශයෙන් දෙයක් දෙදෙනකු අතර ගොඩ නැගීම සිදු නොවන්නක් ද?
පිළිතුර නම් සිදුවේ. එවන් වූ ආදරයක පැවැත්මක් ලෝකයේ පවතී. මෙතනින් එහා කියවීමට පෙර ඔබ මදක් නැවතී සිතා බලන්න. එවන් ආදරයක් පිළිබඳ ඔබට සිතා ගත හැකිද කියා.
දෙමව්පියන් තම දරුවන් උදෙසා දක්වන ආදරය සත්‍ය වශයෙන්ම ලෝකයේ පවතින් ආදරයට හොදම උදාහරණයකි. මදක් සිතා බලන්න.දෙමාපිය ආදරය ඉහත කි එකදු අරමුණක් හෝ සාක්ෂාත් කර ගැනීම උදෙසා ඇති වන්නක්ද? නැත. එය හුදෙක් දරුවාගේ සතුට ඔහුගේ යහපත ම පමණක් අරමුණු කර ගනිමින් ඔවුන්ගේ සිත තුල ගොඩනැගෙන ලද හැගීමක්ම පමණි.
ඔබට සත්‍ය වශයෙන්ම ආදරය යනු කෙබඳු දෙයක් ද යන්න වටහා ගැනීමට අවැසි නම් ලෝකය පුරා ආදරය යනු කුමක්දැ යි කියා සෙවීමට වෙගෙස විය යුතු නොවේ. ගෙදර සිටින ඔබගේ මව දෙස බලන්න. පියා දෙස බලන්න.ඔවුන් ඔබට ආදරය කරන්නේ ඔබගෙන් කුමක් බලාපොරොත්තු වද? ඔබ මොන වරද කලත් ඔවුන් ඔබව කිසිම දාක අත් හරිනවා ද? ඔබට ඇරෙන්න වෙන දරුවෙකු සොයා යනවා ද ? ඔබට ආදරය කරන එක නවතනවා ද? කවදා හෝ දිවියෙන් සමු ගන්නා තුර ඒ ආදරය අංශු මාත්‍රයක හෝ වෙනසක් කාලයත් සමග සිදු වනවා ද? පිළිතුරැ සෙවීම ඔබට බාරය. ආදරයේ නියම අරුත එම පිළිතුරු අතර සැඟවී පවතින බව ඔබට වැටහෙනු ඇත. සත්‍ය ආදරය නම් එයයි. ඔබත් සත්‍ය ලෙසම ආදරය කරන පුද්ගලෙකු වන්න. මවක හා පියෙකු මෙන් ආදරය කරන්න. එම ආදරය තුල කිසිවෙකු කිසිදාක හුදකලා නොවනු ඇත.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    හොඳ නූලක්.
    මෙහ් ඒක නෙවෙයි උබ කෑවා නේද හොඳ බූටක් :confused::confused:

    උබ කියන විදිහට ආදරය තියෙන්නේ දෙමාපිය දූදරු සමාගමේ විතරයි. ගැහැණියක් සහ පිරිමියෙක් අතර ඇතිවෙන්නේ ආදරයක් නෙවෙයි කියලනේ? ඒත් එතන පැහැදිලි බැඳීමක් තියෙනවනේ. අවසානය ලිංගික ආශාව වෙන්න පුළුවන්. ඒත් ලිංගික ආශාවටත් එහා ගිය බැඳීම් තියෙනවනේ. කෙල්ල ලෙඩ ඇඳේ මැරෙන්න ඔන්න මෙන්න, කොල්ලා දන්නවා කෙල්ල මැරෙනවා කියලා. කෙල්ල එක්ක සහවාසයක් ගැන කිසිම අදහසක් නෑ. ඒත් කොල්ලා කෙල්ලව දාලා යන්නේ නෑ. ඒකට වෙන වචනයක් තියෙන්න එපෑය. උබ මොකක්ද යෝජනා කරන නම?
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Kiyala thiyena de hari athi.eth 2k athare PREMAYAK athi unoth eyala oya hamadema lassanata wisadagannawa.adarayak kipa sarayak athi unath premayak athi wenne 1 parai.ganu porimi oni kenekta.api hamotama adare kalath prema karanna.ewagema premayak labannath wasanawantha wenna oni.me mage adahasa
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    ආත්මාර්ථය නොතකා තවත් කෙනෙකුගේ යහපත සහ සුබ සිද්ධිය ප්‍රාර්ථනා කරමින් ඔහු හෝ ඇය වෙත දක්වන ඇල්ම සහ ලෙන්ගතුකම සැබෑ ආදරය වේ. දෙමාපිය සෙනෙහස හැරුනු විට අද සමාජය තුල මෙය පවතින්නේ ඉතාමත් අල්ප වශයෙන්ය.

    බිරිඳක් තම ස්වාමි පුරුෂයාට දක්වන 'ආදරයත්' ස්වාමි පුරුෂයෙකු තම බිරිඳට දක්වන 'ආදරයත්' හොඳින් විමසා බැලුවොත් එය බොහෝ අවස්ථාවලදී ආත්මාර්ථයේ දැවැන්ත සෙවනැල්ල මත ගොඩ නැගුනු බැඳීමක් පමණි.

    ඇය ඔහුට ආදරය කරන්නේත්, ඔහුගේ සුබ සිද්ධිය ප්‍රාර්ථනා කරන්නේත් ඔහු නැතිවීමෙන් ඇයට ඇතිවන පාඩුව ගැන සිතා ඇතිවන බියෙන් හට ගන්නා ආත්මාර්ථකාමි හැඟිම නිසාය. ඔහු නැති වුවහොත් ඇයට සමාජයෙන් ගැරහුම් නොලබා ලිංගික ආශාවන් සන්සිඳවා ගත නොහැකිය. දරුවන් නිසි පරිදි ඇති දැඩි කොට ගත නොහැකිය. ඇගේ භෞතික අවශ්‍යතා සපුරා ගත නොහැකිය. ඇගේ තනිකම, පාලුව මහ හරවා ගත නොහැකිය. ඇය සැමියාට දක්වන සෙනෙහස ජනිත වන්නෙ මෙම කරුණු පාදක කොට ගෙනය.

    ඔහු ඇයට සෙනෙහස දක්වන්නේද මෙම කාරණා හේතු සාධක කොට ගෙනය.
     
    • Like
    Reactions: awjas2621

    JeevanaCP

    Member
    Apr 17, 2016
    35
    6
    0
    මා මෙහිදී අදහස් කරන්නේ දෙදෙනකු අතර දෙමාපියන් දරුවන් අතර ඇතිවන ආකාරයේ ආදරයක් ඇති නොවෙන බව නොවේ. ආදරයක් ඇති විය යුතු නම් එය එවන් ආකාරයේ බැදීමක් වන්නේ නම් අසු වයස් වුවද ඒ දෙදෙනා අතර ආදරය මිය නොයන බවයි. එවන් යුවලක් කළා තුරකින් මා දැක ඇත්තෙමි. හැම දෙදෙන්කුම ඒක වන්නේ එවන් ආදරයක් ගොඩනැගීමේ අරමුනනින් වුවත් අවසාන එය ඉච්චාභංගත්වයකින් කෙලවර වන්නේ ආදරය ලෙස ඉහත මා සදහන් කල කරුණු මත පාදනම් වන නිසාවෙන් බවයි මාගේ අදහස. එම කාරණාවන්ගෙන් පරිභාහිරව ආදරයක් ගොඩ නැගෙන්නේ නම් එය ප්‍රේමය සෙනෙහස ලෙස නිර්වචනය කල හැකි යයි මට සිතේ. මෙය මාගේ අදහසයි. පුළුල් සංවාදයක් ගොඩ නැගීම මාගේ අරමුනයි.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,008
    113
    tracing Geo-location.. ... ...
    ආදරය තියනවා.. දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ අතර.. එච්චරයි මම දැකල තියෙන්නේ අවංක ආදරයක්.. අනිත් හැම එකාම මොකක්හරි හේතුවක් නිසා තමයි ආදරෙයි කියන්නේ සහ ආදරයක් පෙන්නන්නේ.. අදාළ හේතුව උබ ළඟ නැති උන දාට ආදරෙත් නෑ.. ඔන්න ඕකයි ඇත්ත..
     
    ranjana disasekara

    Well-known member
  • ආත්මාර්ථය නොතකා තවත් කෙනෙකුගේ යහපත සහ සුබ සිද්ධිය ප්‍රාර්ථනා කරමින් ඔහු හෝ ඇය වෙත දක්වන ඇල්ම සහ ලෙන්ගතුකම සැබෑ ආදරය වේ. දෙමාපිය සෙනෙහස හැරුනු විට අද සමාජය තුල මෙය පවතින්නේ ඉතාමත් අල්ප වශයෙන්ය.

    බිරිඳක් තම ස්වාමි පුරුෂයාට දක්වන 'ආදරයත්' ස්වාමි පුරුෂයෙකු තම බිරිඳට දක්වන 'ආදරයත්' හොඳින් විමසා බැලුවොත් එය බොහෝ අවස්ථාවලදී ආත්මාර්ථයේ දැවැන්ත සෙවනැල්ල මත ගොඩ නැගුනු බැඳීමක් පමණි.

    ඇය ඔහුට ආදරය කරන්නේත්, ඔහුගේ සුබ සිද්ධිය ප්‍රාර්ථනා කරන්නේත් ඔහු නැතිවීමෙන් ඇයට ඇතිවන පාඩුව ගැන සිතා ඇතිවන බියෙන් හට ගන්නා ආත්මාර්ථකාමි හැඟිම නිසාය. ඔහු නැති වුවහොත් ඇයට සමාජයෙන් ගැරහුම් නොලබා ලිංගික ආශාවන් සන්සිඳවා ගත නොහැකිය. දරුවන් නිසි පරිදි ඇති දැඩි කොට ගත නොහැකිය. ඇගේ භෞතික අවශ්‍යතා සපුරා ගත නොහැකිය. ඇගේ තනිකම, පාලුව මහ හරවා ගත නොහැකිය. ඇය සැමියාට දක්වන සෙනෙහස ජනිත වන්නෙ මෙම කරුණු පාදක කොට ගෙනය.
    ඔහු ඇයට සෙනෙහස දක්වන්නේද මෙම කාරණා හේතු සාධක කොට ගෙනය.

    meeka fb eke post karanna hitenawa appaa..
    ussannada mama??
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    King Of Love

    bob-marley-quotes-on-love.jpg
     
    • Like
    Reactions: awjas2621

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    ආත්මාර්ථය නොතකා තවත් කෙනෙකුගේ යහපත සහ සුබ සිද්ධිය ප්‍රාර්ථනා කරමින් ඔහු හෝ ඇය වෙත දක්වන ඇල්ම සහ ලෙන්ගතුකම සැබෑ ආදරය වේ. දෙමාපිය සෙනෙහස හැරුනු විට අද සමාජය තුල මෙය පවතින්නේ ඉතාමත් අල්ප වශයෙන්ය.

    බිරිඳක් තම ස්වාමි පුරුෂයාට දක්වන 'ආදරයත්' ස්වාමි පුරුෂයෙකු තම බිරිඳට දක්වන 'ආදරයත්' හොඳින් විමසා බැලුවොත් එය බොහෝ අවස්ථාවලදී ආත්මාර්ථයේ දැවැන්ත සෙවනැල්ල මත ගොඩ නැගුනු බැඳීමක් පමණි.

    ඇය ඔහුට ආදරය කරන්නේත්, ඔහුගේ සුබ සිද්ධිය ප්‍රාර්ථනා කරන්නේත් ඔහු නැතිවීමෙන් ඇයට ඇතිවන පාඩුව ගැන සිතා ඇතිවන බියෙන් හට ගන්නා ආත්මාර්ථකාමි හැඟිම නිසාය. ඔහු නැති වුවහොත් ඇයට සමාජයෙන් ගැරහුම් නොලබා ලිංගික ආශාවන් සන්සිඳවා ගත නොහැකිය. දරුවන් නිසි පරිදි ඇති දැඩි කොට ගත නොහැකිය. ඇගේ භෞතික අවශ්‍යතා සපුරා ගත නොහැකිය. ඇගේ තනිකම, පාලුව මහ හරවා ගත නොහැකිය. ඇය සැමියාට දක්වන සෙනෙහස ජනිත වන්නෙ මෙම කරුණු පාදක කොට ගෙනය.

    ඔහු ඇයට සෙනෙහස දක්වන්නේද මෙම කාරණා හේතු සාධක කොට ගෙනය.

    meeka fb eke post karanna hitenawa appaa..
    ussannada mama??

    කිසිම ප්‍රශ්නයක් නෑ. fb එකේ ඕන නම් දාන්න. මේක මගේ අත්දැකීමෙන් ලියපු එකක්. එහෙම නැතුව කොහෙන්වත් ගත්ත එකක් නෙමෙයි.