What is Love? ආදරය පිළිබඳ වූ විද්‍යාත්මක විග්‍රහය

JeevanaCP

Member
Apr 17, 2016
35
6
0
ගැහැණිය ස්වභාවයෙන්ම දැඩි ආත්මාර්ථකාමී ස්වභාවයක් ගන්නේ ජිව විද්‍යාත්මක හේතුවක් නිසා ද?
 

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    ඔව් ඇත්ත.. මේ දවස් වල මගේ ජීවිතේ ගෙවෙන සම්බන්ධය ගත්තොත් ඒක ආදරයක් නෙමේ.. මගේ හිතේ ඇය ගැන තිබෙන්නේ 20% ක ආදරයක් වගේම අනුකම්පාවක්... ඒ හැර මට ඇය ගැන ඇත්තේ ලිංගික ආශාවක්... ඇයටත් මා සම්බන්ධව තියෙන්නේ ලිංගික ආශාවක්.. නමුත් අප දෙදෙනා බොරුවට ආදරෙයි මෙන් රඟ පානවා... වලි ගිහින් වෙන් වෙන්න ගිය වාර අනන්තයි අප්‍රමාණයි.. ඒත් එතනදි මම ලබපු ලිංගික තෘප්තිය නැති වෙයිදෝ කියන බයක් තමයි තියෙන්නේ... නැවත ලබා ගැනීමේ චේතනාව ආදරය නෙමේ... ලිංගික ආශාව...

    අතීතය ගත්තොත් මම අවංක ආදරයක් ලබලා තියෙනවා... යම් යම් හේතු මත අප වෙන් උනත්... ඇය මට ගොඩක් ආදරෙන් සැලකුවා.. ඒ ගෞරවය මට ඇය වෙනුවෙන් අදටත් තියෙනවා... මගේ ළඟ නොහිටියත් මම හිතනවා ඒ හැඟීම සෑබෑ ආදරයක් වෙන්න ඇති...

    ආදරය කියන්නේ විශ්වාසය සහ අවබෝධය... එහෙම කෙනෙක් මමත් හොය හොය ඉන්නේ... බලමු ඉස්සරහට..

    ලිංගික තෘප්තිය ලබන්න ආදරයක් අවැසි නැහැ. මට යෞවන කාලයේදී ඒ වගේ සම්බන්ධතා තුනක් තිබුනා (මම කියන්නෙ වේසියො ගැන නෙමෙයි, මම ජීවිතේට වේසියෙක් ළඟට ගිහින් නෑ).

    ඒත් මේ වගේ සම්බන්ධතා වලින් අන්තිමේදි ඉතිරි වෙන්නෙ පසුතැවිල්ල විතරයි. මට පණ වගේ ආදරය කරන බිරිඳක් අද ඉන්නවා. ඒ වුනත් අර ඉස්සර ලිංගික ආශාව මූලික සම්බන්ධතා නිසා මට ඇති වුනා මානසික පීඩනයෙන් මම අදත් විඳවනවා. මේක මගේ අත්දැකීම. හැමෝටම මෙහෙම වෙන්නෙ නැති වෙන්න පුලුවන්.

    මට හිතෙන විදියට මේ 'ආදරය' කියන එකත් ආත්මාර්ථය පාදක කොට ඇති වුන දෙයක් කියල. මම මේ ගැන කලින් පෝස්ට් එකක් දාල තියෙනවා.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම දකින හේතුව මේකයි...

    ආදරය කියලා දෙයක් තියනවා... ඒත් සැබෑ ලෙස ආදරය කරන්නන් දෙදෙනෙක් මුන ගැසීමේ සම්භාවිතාව ඉතාමත් අඩුවීම තමයි මේකට හේතුව...

    ඇත්තට ආදරේ කරන කොල්ලෙක්ට ලැබෙන්නේ බොරුවට ආදරේ කරන කෙල්ලෙක්...

    ඇත්තට ආදරේ කරන කෙල්ලෙක්ට ලැබෙන්නේ බොරුවට ආදරේ කරන කොල්ලෙක්...

    නැත්තම් දෙන්නම ආදරේ කරන්නේ බොරුවට...

    ඉතින් මේ හැම සම්බන්ධයක්ම ඉවර වෙන්නේ ආදරේ බොරුවක් කියලා පෙන්නලා...

    ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් හම්බවුනොත් ඒ සම්බන්ධය කවදාවත් ඉවර වෙන්නේ නෑ... ඒත් එහෙම හම්බවෙන්නේ 99.9% වඩා අඩු පිරිසක් වීම දුකට කාරනයක්..

    ආදරේ කියන්නේ බොරුවක් කියන්න කාටවත් බෑ... ආදරේ නිසා පිස්සු හැදුන, සියදිවි නසා ගත්ත, ජීවිත කාලෙම තනියෙන් ගෙවපු මිනිස්සු මේ මහපොලොවේ ඉන්නවා...

    ඒත් ආදරයක් සම්පූර්න වෙන්න ආදරෙන් පිරුනු හිත් දෙකක් අවශ්ය වෙනවා... ඒකයි සීන් එක...

    බුදු දහම තුල මා කල අධ්‍යනයකදී මෛත්‍රියක් , කරුණාවක් , මුදිතාවක් හා උපේක්ෂාවක් පවතී නම් පිරිසිදු සම්භන්ධතාවක් දෙදෙනකු තුල ගොඩ නැගීමට එය හේතු වෙන බවක් සොයා ගත හැකි විය . ඒ සදහා ගැලපෙන තනි වචනය ආදරය දැයි මා නොදිමි. එය සෙනෙසහස කියා මට සිතේ. එය ආදරය නම් සබැ ආදරයක තිබිය යුතු ගුණාංග හතර මේවා විය හැකි යයි මට සිතේ. නමුත් ඒවා අද සමාජයේ දෙදෙනකු තුල දකින්නට ලැබේද යන්න මා නොදනිමි. ඉදින් ඔබ කවරකු හෝ සැබෑ ආදරයක ලබන්නේ නම් ඒ වාසනාවන්ත මිනිසා අප දැනුවත් කරතවා..
    මෛත්‍රිය : එකිනකා වෙනුවෙන් පවතින අසීමිත වූ මිත්‍රශීලී හැගීම්.
    කරුණාව : අනෙකා දුකට පත් ව සිටි නම් ඒ දුක තමන් ද මුහුණ පෑවා සේ ඇති වන හැගිමෙන් සිතීම
    හා ක්‍රියා කිරීම.
    මුදිතාව : අනිකාගේ දියුණුවම පමණක් ඉත සිතින් ප්‍රාර්ථනා කිරීම. කිසිවිටෙකත් ඊර්ෂ්‍යා නොකිරීම
    උපේක්ෂාව : අනෙකාගේ හොද නරක දෙකෙහිදීම උපේක්ෂාවෙන් මුහුණ දීම.

    :yes::yes::yes: