What is this “Torrent” (නොදන්නා අය වෙනුවෙන්)

akila1988

Member
May 11, 2015
138
46
0
What is this “Torrent” (නොදන්නා අය වෙනුවෙන්)

Torrent Files ගැන.ගොඩක් අය අහල තිබුනට ටොරෙන්ට් කියන්නේ මොනාද කියලා දන්නේ නෑ.
ටොරෙන්ට් කියන්නේ file sharing වලට ලොකේ තියෙන ප්‍රසිද්ධම ක්‍රමයක්.
Internet Traffic එකෙන් 50%ක් ම ඇති වෙලා තියෙන්නේ ටොරෙන්ට් ෆ්යිල් බාගන්න යන පිරිස වැඩි නිසා.

ඒක කොච්චර ලෝකේ පුරා පැතිරිලා තිබ්බත් එකේ traffic එක නිසා Torrent වලට අලුතෙන් එකතු වෙන්න ඉන්න අය ටිකක් බය වෙනවා.ඒත් අද අපි කියලා දෙන්න යන්නේ එහෙම බය නොවී ලෙසියෙන්ම විනාඩි කිහිපයකින් ඔයලාට ටොරෙන්ට් පාවිච්චි කරන හැටි ගැන සම්පූර්ණ දැනුමක් දෙන්න.ඔයාලා මෙතන ඉදන් මේ ටික follow කරලා ටොරෙන්ට් ගැන සම්පූර්ණ දැනුමක සාඩම්බර හිමිකරුවෙක් වෙන්න.

ටොරෙන්ට් භාවිතා කරන්නේ ඇයි?
වාසි:-
01. අපි download කරන්නේ ලොකු size file එකක්නම් අපි normal download කරන
විදිහට download කරද්දි හදිස්සියේවත් net connection fail , download fail උනොත් ආයි අපිට ඒ file එක මුල ඉදන් download කරන්න වෙනවා.
ගොඩක් වෙලාවට අපේ data නාස්ති වෙනවා.ඒත් torrent විදිහට කරනකොට කවදාවත් එහෙම වෙන්නේ නෑ.

02. අපිට කැමතිනම් එකම file එක මාසයක් තිස්සේ හරි download කරන්න පුලුවන්. අපිට කැමති වෙලාවක download start, stop, pause, resume කරන්න පුලුවන්.

අවාසි:-
1.Normal download speed එකට වඩා torrent වල download ස්පීඩ් එක අඩුයි.
2.Download වෙලා ඉවර උණාම ආයි ඒක seed වෙන්න ගන්නවා. ඒක ස්ටොප් කරේ නැත්තම් අපේ data නාස්ති වෙනවා.

Step 1:ටොරෙන්ට් ගැන මූලික දැනුමක් ලබාදීම
ටොරෙන්ට්ස් ඔයාලට ඇත්තටම මේ ලෝකේ තියෙන ඕනම ෆයිල් එකක් download and share කරගන්න ඉඩ ලබාදෙනවා.
ටොරෙන්ට් එකෙන් ඔයලට ඕන කරන ෆයිල් එක චූටි චූටි කෑලි වලට කඩනවා.
ඔය ඒක බාගන්න යනකොට ඒ චූටි චූටි කෑලි store වෙලා තියෙන servers වලින් ඔයගේ computer එකට එවනවා.
ඔක්කොම කෑලි ටික සම්පූර්න වුනාම ටොරෙන්ට් ක්ලයන්ට්, ඒ ටික එක ෆයිල් එකක් විදිහට හරවල ඔයට ඕන කරන ෆයිල් එක දෙනවා.

මොනවද මේ seeds & leech කියන්නේ?
ඔයා ටොරෙන්ට් ෆයිල් එකක් බානකොට, ඒ කියන්නේ ටොරෙන්ට් ෆයිල් එකක් download කරනකොට ඔයා leech කෙනෙක්..
ඒක ආපහු upload කරනකොට ඔයා seed කෙනෙක්.


step 2 :ටොරෙන්ට් ක්ලයන්ට් (torrent client) එකක් ඉන්ස්ටෝල් කරගන්න.
1. uTorrent
ලෝකේ දැනට ගොඩක් දෙනා හොදම විදිහට අවිවාදයෙන් පිලිගන්නේ uTorrent කියන ටොරෙන්ට් software එක.
Download (බාගන්න මේ link එකට යන්න)

2. qBittorrent
Download (බාගන්න මේ link එකට යන්න)

3. MediaGet
MediaGet එකේ තියෙන වාසිය තමයි අපිට ඒක ඇතුලෙ ඉදන්ම ඕන කරන හැමදෙයක්ම(software, games, musics, videos..)
search කරලා torrent download කරගන්න පුලුවන්.
Download (බාගන්න මේ link එකට යන්න)

4. BitTorrent Free
Download (බාගන්න මේ link එකට යන්න)

5. Vuze
Download (බාගන්න මේ link එකට යන්න)

ඔයා නිතරම ටොරෙන්ට් කරන්නේ නැත්තම් ඔයා වෙනම software එකක් install කරගන්න ඕන නෑ. මොකද ඔපෙරා browser එකයි torch browser එකයි in-built torrent managers තියෙනවා.



6. Opera
Download (බාගන්න මේ link එකට යන්න)

7.Torch
Download (බාගන්න මේ link එකට යන්න)

step 3: ටොරෙන්ට් ෆයිල් download කරගැනීම
i. tracker site එකක් හොයාගන්න.
tracker site කියන්නේ torrents store වෙලා තියෙන site වලට.
මමනම් වැඩියෙන්ම use කරන site එක තමයි “kickass” එක.
ඒ site එකට යන්න ඔයාලගෙ browser එකේ address bar එකේ kat.ph කියල type කරලා navigate කරන්න.
tracker site වර්ග දෙකක් තියෙනවා. ඒ private and public කියලා.
public tracker sites හැමෝටම open .ඔයාල google එකේ torrent files search කරපු ගමන් උඩින්ම එන්නේ public sites.
ඔයාට google එකේ search කරහම private sites පේන්න නම් ඔයා ඒ sites වල ගිණුමක් හදගෙන ලියාපදින්චි වෙලා ඉන්න ඕනේ.

ii. ඕන කරන එක files සොයාගැනීම
tracker site එකේ තියෙන search bar එකේ ඔයාට ඕන කරන දේ type කරලා search කරන්න.

iii.හරියටම ඕන කරන 1 සොයාගැනීම
ඔයා search bar එකේ search කරාම ඔයාට results ගොඩාක් ලැබෙයි බොහෝ දුරට.
ඔයා දැන් හොයාගන්න ඕනේ ඔයාට ගැලපෙනම result එක මොකක්ද කියලා. ඔයා download කරන්නේ audio video වගේ file එකක්නම් ඔයා බලන්න ඕනේ quality එක ගැන.
download කරන්නේ software එකක්නම් ඔයා බලන්න ඕනේ seeders ලා කොච්චර ඉන්නවද කියලා.
මොකද seeders ලා වැඩිවෙන තරමට තමයි අපෙ file එක ඉක්මන්ට download වෙන්නෙ.
Leeches වැඩීනම් download වෙන්නේ හිමින්.

iv. Download කරන්න
හරි result එක හොයාගත්තට පස්සේ ඒක උඩ click කරන්න.
ඊට පස්සේ download torrent කියන එක click කරන්න.
ඊට පස්සේ චූටිම චූටි ටොරෙන්ට් file එකක් download වේ. ඒක ඔයා ඔයාගේ torrent manager එකෙන් open කරන්න.

v. seed කිරීම
ඔයාගේ file එක download complete වුණාට පස්සේ ඒක ඉබේම සීඩ් වෙන්න, ඒ කියන්නේ අප්ලෝඩ් වෙන්න පටන් ගන්නවා.. ඔයාට කැමතිනම් ඒක ස්ටොප් කරන්නත් පුලුවන්.
 

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Download වෙලා ඉවර උණාම ආයි ඒක seed වෙන්න ගන්නවා. ඒක ස්ටොප් කරේ නැත්තම් අපේ data නාස්ති වෙනවා.

    වැඩේ කැත උනත් මමත් කරන්නෙම ඕක තමා මචන්..
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    ela machan. torrent eka atharamadi newathunoth (0 seeds) unoth apahu resume karanna method ekak nedda
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගුඩ් පෝස්ට් මචං.. සාමන්‍ය දුරකට ටොරන්ට් ගැන දැනන් හිටියා.. එළකිරියෙම ත්‍රේඩ් වලින්.. පැහැදිලිව ලියල තියෙනවා උඹ ලිපිය.. ජය වේවා..!

    මම නම් සමහරක් එව්වා සීඩ්ස් කරනවා.. YiFi වගේ ඒවා නම් සීඩ්ස් කරන්නෑ මලාට.. තේරුමක් නෑ.. උන්ගෙ එක සීඩ්ස් එකක් තිබ්බත් බැවෙනවා පට්ට ස්පීඩ්..:yes:

    REP 33+
     

    Moratu Saman

    Active member
  • Oct 3, 2015
    371
    50
    28
    මොරටුමුල්ලේ
    Download වෙලා ඉවර උණාම ආයි ඒක seed වෙන්න ගන්නවා. ඒක ස්ටොප් කරේ නැත්තම් අපේ data නාස්ති වෙනවා.

    වැඩේ කැත උනත් මමත් කරන්නෙම ඕක තමා මචන්..
    ලංකාවේ අපිට තියෙන 25GB limited connection වලින් මොන සීඩ් ද සිංහලයෝ :no:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ගුඩ් පෝස්ට් මචං.. සාමන්‍ය දුරකට ටොරන්ට් ගැන දැනන් හිටියා.. එළකිරියෙම ත්‍රේඩ් වලින්.. පැහැදිලිව ලියල තියෙනවා උඹ ලිපිය.. ජය වේවා..!

    මම නම් සමහරක් එව්වා සීඩ්ස් කරනවා.. YiFi වගේ ඒවා නම් සීඩ්ස් කරන්නෑ මලාට.. තේරුමක් නෑ.. උන්ගෙ එක සීඩ්ස් එකක් තිබ්බත් බැවෙනවා පට්ට ස්පීඩ්..:yes:

    REP 33+
    Unge seeds thiynawa bng one film ekaka :cool:
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    Download වෙලා ඉවර උණාම ආයි ඒක seed වෙන්න ගන්නවා. ඒක ස්ටොප් කරේ නැත්තම් අපේ data නාස්ති වෙනවා.

    වැඩේ කැත උනත් මමත් කරන්නෙම ඕක තමා මචන්..

    seed karapiya bola..:lol::lol: wade kathai:no::no: ilagata download karana ekata devi pihitai ithin... mama num seed karanawa puth mona nathath...