WhatsApp සහ Messenger යළි ක්‍රියාත්මකයි
දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව අත්හිටුවා තිබූ වට්ස්ඇප් සහ මැසෙන්ජර් දුරකතන යෙදවුම් යළි කි‍්‍රයාත්මක කර තිබෙනවා. දෛනිකව සිදු කෙරෙන පණිවිඩ හුවමාරු සඳහා පමණක් මෙම අවස්ථාව ලබාදී ඇති බවයි ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියාසිටියේ.
ව්‍යාපාරික සහ වෙනකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් මෙම ජාල පණිවිඩ හුවමාරු සඳහා පමණක් අවසර දී ඇති අතර ඡායාරූප සහ වීඩියෝ යැවීම සඳහා තවම එම අවස්ථාව හිමිව නැත.
ලබාදී ඇති සහනය විධිමත් ලෙස පරිහරණය කරන මෙන් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වට්ස්ඇප් සහ මැසෙන්ජර් ග්‍රාහකයන්ගෙන් ඉල්ලා සිටියි.
Last edited:




