මහ බැංකුව ඩොලර් මිලියන 60ක් (රුපියල් බිලියන 10.2ක්) විසිකර අද රුපියල රැකගනී..
ඇමරිකානු ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ සුළු ශක්තිමත් වීමක් පෙන්නුම් කලේය.
අද දිනයේ මහ බැංකු වාර්තාව ඩොලරයක ගැනුම් මිල 166.52 වූ අතර විකිණුම් මිල 170.39ක් විය.
සිකුරාදා දිනයේ මෙම අගයන් දැක්වූනේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 166.78ක් හා විකිණුම් මිල රුපියල් 170.65ක් ලෙසයි.
කෙසේ වෙතත් රුපියල පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අද දිනයේ මැදිහත් වීම සිදු කර ඇත.
ඒ අනුව අද දිනයේ මහ බැංකුව සතු සංචිතවලින් ඩොලර් මිලියන 60ක මුදලක් (රුපියල් බිලියන 10.2ක්) වෙලදපලට මුදා හැර තිබේ.
source:lanka cnews