අපේ ගෙදරට අලුතෙන් ෆයිබර් කනෙක්ෂන් එකක් ගත්තා. අල්ලපු ගෙදර පොඩි උන් දෙන්නෙක් ඉන්නවා ඉස්කෝලෙ යන. උන්ට online පාඩම් වැඩකරගන්න ඩේටා දාගන්නෙ හරි අමාරුවෙන්. අපේ ගෙදර ෆයිබර් කනෙක්ෂන් එක පාවිච්චි වෙන්නෙ ස්කයිප් වලට විතරයි. ඉතින් ගොඩක් ඩේටා ඉතුරු වෙනවා. අපේ ගෙදර wifi නෙට්වර්ක් එක අල්ලපු ගෙදරට එක්ස්ටෙන්ඩ් කරන්න තියන ලේසිම ලාභදායකම ක්රමේ මොකද්ද? අපේ රවුටර් එක තියන තැන ඉඳල අල්ලපු ගෙදර පොඩි අය වැඩ කරන තැනට මීටර් 20 විතර ඇති.
කේබල් එක අපේ ගෙදර රවුටර් එකට ගහල උන්ගෙ ගෙදර මොකේටද බන් ගහන්න ඕන? උන් ළඟ දැන් තියෙන්නෙ SLT 4G රවුටර් එකක්. උන්ට wifi විදිහටම දෙන්න පුලුවන්නම් වටිනවා.
Wifi Extender එක වැඩ කරන්නෙ එකම පවර් සර්කිට් එක ඇතුලේ විතරයි නේද බන්? ගෙවල් දෙකකට වෙන වෙනම ප්ලග් කරන්න බෑ නේද? එහෙම උනොත් වයර් එකක් ඇදල හරි දෙන්න බැරි කමක් නෑ.
මොකද්ද බන් Wifi Repeater එකක් කියන්නෙ? SLT එකේ ගන්න තියනවද?
1. හොදම විසදුම තමයි LAN කේබල් එකක් ඇදල එහා පැත්තේ ගෙදරට wifi access point එකක් දාන එක. (එකට පරණ wifi රූටර් එකක් වගේ හොයා ගත්ත නම් එකේ රූටර් ෆන්ෂන් එක නැතුව wifi access point එකක් විදිහට යූස් කරන්න පුළුවන්. මම ඕවගේ එකක් කරා පරණ BT හරි vodafone හරි රූටර් එකකින්.)
2. wifi extender එකක් පාවිච්චි කරන එක. ඔකේ ජාති කිහිපයක් තියනවා.
a. Powerline Adapter - ඔකේ තමයි current line එක දිගේ සිග්නල් එන්නේ. මේක හරියන්නේ නෑ වැඩේට මොකද ගෙවල් දෙකක් නිසා.
b. නෝමල් wifi extender - ඕකක් අරගෙන ගහන්න පුළුවන්. හැබැයි දුර නිසා සාර්ථකත්වය පොඩ්ඩක් ෂුවර් නෑ. ඕකෙත් තියනවා cable එක ගහන්න පුළුවන් එකකුත්.