Wimal-taඡන්ද අයිතිය නෑ
ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මෙවර ජනාධිපතිවරණයට අදාලව ඡන්දය පාවිච්චි කර නොමැති බව වාර්තා වේ. පසුගිය කාලයේදී විමල් වීරවංශට පංචිකාවත්ත ප්‍රදේශයේ ඡන්දය ලියාපදිංචිව තිබූ අතර, පසුව කඩුවෙල, තලාහේන, පිට්ටුගල ඡන්දය ලියාපදිංචිව සිටියේය.
නමුත් වාර්තා වන අන්දමට විමල් වීරවංශ විසින් මෙවර ජනාධිපතිවරණයට අදාලව පිට්ටුගලදී ඡන්දය ප්‍රකාශ කර නැත. හේතුව ලෙස වාර්තා වන්නේ විමල් වීරවංශටද මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමයි. පසුගිය දිනක පිට්ටුගල ග්‍රාම නිලධාරීවරයා හමුවී ඇති විමල් වීරවංශ තමාගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකට මාරු කර ගෙන ලෙස ඉල්ලා ඇත.
ඒ අවස්ථාවේදී අදාල ග්‍රාම නිලධාරීවරයා ඡන්ද නාම ලේඛණය පරීක්ෂා කොට පවසා ඇත්තේ විමල් වීරවංශට මෙවර ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව නොමැති බවයි. අද අචල සුරංග ජාගොඩ සමඟ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි විමල් වීරවංශ එහි නිලධාරීන් සමඟ කතාබහේ යෙදී රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශයක්ද නිකුත් කළේය. නමුත් ඡන්දය භාවිත නොකළේය.
එහෙත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නම ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචිවී නැති බව පවසමින්, ඔහුට ලංකාවේ පුරවැසිභාවය නොමැති බව රාජ්‍ය මාධ්‍ය හමුවේ පැවසුවේද තමන්ටද ඡන්ද අයිතිය නැති විමල් වීරවංශය. මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ නීති විශාරදයෙකු පෙන්වා දුන්නේ අනුන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කරන්නේ තමන්ටත් ඡන්ද අයිතිය නොමැති බවවත් නොදන්නා අයෙකු බවයි.