ෆේස් බුක් පිටුවට like එකක් - ඔබට s4 galaxy ෆෝන් එකක්..!ටී.වී දෙරණ වෙබ් අඩවියේ සංවිධානයෙන් පුරා මාසයක කාලයක් පැවති ෆේස් බුක් වෙබ් පිටුව like කිරීමේ තරගයේ ජයග්‍රාහකයාට අලුත්ම s4 galaxy වර්ගයේ ජංගම දුරකථනයක් පිරිනැමීම අද සිදුවිය.
ජයග්‍රහණය හිමිකර ගත් මොරටුව චාමර හේරත් මහතා, සැම්සුන් මොබයිල් ප්‍රයිවට් ලිමිටඩ්හි ව්‍යාපාර ඒකක ප්‍රධානී අසංග වරුසවිතාරණ මහතා අතින් තමන්ට හිමි ත්‍යාගය ලබා ගත් අවස්ථාවයි මේ.
මෙම අවස්ථාවට සැම්සුන් මොබයිල් ප්‍රයිවට් ලිමිටඩ්හි ව්‍යාපාර සබඳතා ප්‍රධානී ෆුවාඩ් සයිබුකණ්ඩු මහතාත්, දෙරණ මැක්‍රො එන්ටර්ටෙයින්ට්මන්ට් හි ඩිජිටල් අලෙවිකරණ ප්‍රධානී සංජීව් සිවගුරු මහතාත් සහභාගී වූහ.
මෙම තරගයට සාදර අනුග්‍රහය දක්වන්නේ ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් පෞද්ගලික සමාගම වන අතර මීළඟ සැම්සුන් s4 galaxy අලුත්ම ජංගම දුරකථනයේ හිමිකරුවාවීමේ අවස්ථාව උදාකර ගැනීමට ඔබටද හැකියාව ඇත.
ඒ සඳහා www.derana.lk/win වෙබ් පිටුවට පිවිසීමත්,වෙබ් පිටුව ලයික් කිරීමත් පමණක් ප්‍රමාණවත්ය.
http://sinhala.adaderana.lk/news.php?mode=head&nid=2366

Last edited:
