Windows 7 සිංහල අනුවාදය

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
Windows 7 සිංහල අනුවාදය

Windows 7 සිංහල අනුවාදයේ අකුරු අභිරුචි



sinhala-unicode-1.jpg
වින්ඩෝස් 7 සිංහලෙන් ආපු බවත්, බාගන්න හැටිත් මේ ලිපියෙන් කියවන්න ඇතිනේ? W7 සිංහලෙන්

හැබැයි ඒක දා ගත්තට පස්සේ W7 වල Dialog box, task bar ආදියේ size එක ටිකක් වැඩිවෙනවා. හරියට නිකං Screen Resolutionවල අවුලක් වගේ පේනවා. ඒක මේ සිංහල අකුරු නිසා ඇතිවුණ ප්‍රශ්ණයක්. හැබැයි මේකට පොඩි ගොඩ වෙදකමක් මම හොයාගත්තා.
මුලින් ම වැඩතලය (Desktop) Right Click කරලා ‘පුද්ගලකරණය’ වෙත යන්න. එහි යටින් ම ඇති ‘කවුළු වර්ණය’ යන්න ක්ලික් කරන්න. එවිට පහත ආකාරයේ දසුනක් පෙනේවි.
%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%98%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%96.png

දැන් ‘වැඩිදියුණු කළ පෙනුම් සිටුවීම්….’ යන්න ක්ලික් කරන්න. එවිට පහත පරිදි ‘කවුළු වර්ණය සහ පෙනුම’ නමැති කවුළුවක් දිස්වේවි.
Capture.PNG

මෙමගින් GUIහි සියළුම අකුරු වර්ග, ප්‍රමාණය සකසා ගත හැකියි. සිංහල අකුරු සඳහා ප්‍රමාණය ’10′ක් පමණ සෑහේ. ඔබට අවැසි නම් Malithi Web හෝ Thambaru_Uni ෆොන්ටයන් ද ස්ථාපනයෙන් පසු තෝරාදිය හැකියි.
ඒවා මෙතැනින් බාගන්න:

  1. Thambaru_Uni
  2. Malitih Web
මේ විදියට කළා ම කවුළුවල ප්‍රමාණය සාමාන්‍ය ඉංග්‍රීසි අකුරු වෙළුමට ආසන්නව සමාන වන පරිදිම සකසාගත හැකියි.






by Thambaru Wijesekara
http://thambaru.wordpress.com/2011/05/14/windows-7-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%85%E0%B6%B7/
 
  • Like
Reactions: රත්තරං