Windows 8 වලදී දෙවියන්ගේ සහය ලබා ගැනීම...

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Windows 8 වලදී දෙවියන්ගේ සහය ලබා ගැනීම...

    මේ කියන්න යන්නේ Windows 8 වලදී වගේම අනෙකුත් Windows සංස්කරණ වලදී අපට සුලභව හමු නොවන එහෙත් අප Control Panel හරහා භාවිතා කරන විවිධ වෙනස් කම් කිරීමේ හැකියාව හා එහිදී හමුනොවන තවත් ක්‍රියාකාරකම් රැසක් ඉටුකරගත හැකි God Mode කියන පහසුකම සක්‍රීය කර ගන්නා ආකාරයයි.

    මුලින්ම කියන්නම් වැඩි විස්තර වලට යන්නේ නැතුව GodMode Enable කර ගන්නා ආකාරය Desktop එකේදී අලුතෙන් Folder එකක් හදා එය මෙන්න මේ නමින් Rename කරන්න GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} දැන් එම Folder එක තුළට ගියාම වෙනදා ඔබ දුටු විධිවිධාන මෙන්ම කිසිදා දැක නැති විධිවිධාන රැසක එකතුවක් දැකගැනීමට වගේම ලේසියෙන් විවිධ කාර්යයන් කර ගැනීමේ හැකියාව ඇතිවී තිබෙන අයුරුත් දැක ගනීවි.

    දැන් මෙම GodMode ගැන යමක් කියන්නම්. මෙම නමින් මෙය ජනප්‍රිය වුණාට මෙම විශේෂිත වූ සැඟවී පවතින ගොනුව නිරාවරණය ගැනීමට සැබැවින්ම වැදගත් වන්නේ සඟළ වරහන් තුළ ඇති කේතයයි. එයට පෙර ඇති GodMode යන්න වෙනුවට කැමති නම් ඔබට ඔබගේ නම වුණත් යොදා ගැනීමට හැකියාව තිබෙනවා.
    read more.....http://madhawavishwanath.blogspot.com/search/label/softwares
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ස්කර්විය දැක්කොත් තෝව හොයං ඇවිත් තට්ටෙ ගාල මන්නෙන් කොටනව උගෙ නම වැරදි විදිහට යොදාගත්ත කියල :baffled:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මටත් තේරුන්නේ නෑ බං මොකෑ වෙන්නේ කීකෝ :eek: