Windows 8.1 මයික්‍රොසොෆ්ට් වෙතින්ම නොමිලේ

lvsankalpa

Member
Jun 28, 2007
45
27
0
Windows 8.1 මයික්‍රොසොෆ්ට් වෙතින්ම නොමිලේ

Microsoft (මයික්‍රොසොෆ්ට්) සමාගම සිය නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 8.1 හි සංස්කරණයක් නොමිලයේ නිකුත් කිරීමට සැරසේ. මෙලෙස නොමිලයේ නිකුත් කිරීමේ අරමුණ වන්නේ වින්ඩෝස් මෙහයුම් පද්ධතිය භාවිත කරන පිරිස වැඩි කරගැනීමට බවයි පැවසෙන්නේ. මයික්‍රොෙසොෆ්ට් වෙතින් නිකුත් වන නවතම තොරතුරු අනුව මේ දිනවල ඔවුන් ”Windows 8.1 with Bing” නමින් හැඳින්වෙන, මයික්‍රොෙසාෆ්ට් ඇප් හා සේවාවන් භාවිත කළ හැකි නව මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරමින් සිටී. මීට ප්‍රථම මෙම නව මෙහෙයුම් පද්ධතියේ පෙර සංස්කරණ අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟ “Windows 8.1 with Bing” මෙහෙයුම් පද්ධතිය මිලෙන් අඩු Windows මෙහෙයුම් පද්ධතියක් වනු ඇති බවට මත පළවුනා.

SEE ALSO: ජාත්‍යන්තර Nokia Windows app තරඟයෙන් ලංකාවට විශිෂ්ඨ ජයක්!

කෙසේ නමුත් තවමත් මෙම මෙහෙයම් පද්ධතියේ මිල පිළිබඳව නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් වී නැතත්, වින්ඩෝස් 7 භාවිත කරන්නන්ට Windows 8 වෙත upgrade විමට රුකුල් දීමක් ලෙස නව මෙහෙයුම් පද්ධතිය නොමිලයේම හෝ ඉතා සුළු මුදලකට නිකුත් වනු ඇත. මීට සමගාමීව Windows Phone සඳහා වන Winodws Phone මෙහෙයුම් පද්ධතියේ සංස්කරණයක්ද නොමිලයේ හෝ අඩු මුදලකට නිකුත් කිරීමටද සැලසුම් ක්‍රියාත්මක වන බව පැවසේ.

Bing powered apps මේ වන තෙක් නිකුත් වූයේ Windows 8.1 සමඟ පමණක් වන අතර අන්තර්ජාලය වෙත අහම්බෙන් නිකුත් වුණු ”Windows 8.1 with Bing” හි පෙර සංස්කරණ වලට දැනට සැලකිය යුතු වෙනසක් දකින්නට නැත. මේ පිළිබඳ වැඩි විස්තර අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිත Developer Conference හී දී නිල වශයෙන් ප්‍රකාශයට පත් වනු ඇත. මීට අමතරව Windows RT මෙහෙයුම් පද්ධතිය හා Windows Phone මෙහෙයුම් පද්ධතිය එක්කාසු කිරීමටද සැලසුම් ඇති බවත් ඒ පිළිබඳවද අප්‍රේල් මාසයේ දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවත් මයික්‍රොෙසාෆ්ට් ආයතනය පවසයි.

Source: Syco Me
 

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Win 7 Pro indan Win 8.1 bing edition ekata maaru wena eka nam paadu wadak ban :P also US un arenna wena kohewat un Bing use karanawawathda? :rolleyes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,048
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම ආය වින්ඩෝස් 7 දාගත්ත..වින් 7 එකේ ලේසියෙන් වැඩකරගන්න පුලුවන් ටික එහේ මෙහේ කරල අවුල් කරල..මුන් ඩෙස්ක්ටොප්/ලැප්ටොප්,ටැබ්/මොබයිල් එක්ක පටලවන් වගේ..චිකේයිය :dull:
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    මම ආය වින්ඩෝස් 7 දාගත්ත..වින් 7 එකේ ලේසියෙන් වැඩකරගන්න පුලුවන් ටික එහේ මෙහේ කරල අවුල් කරල..මුන් ඩෙස්ක්ටොප්/ලැප්ටොප්,ටැබ්/මොබයිල් එක්ක පටලවන් වගේ..චිකේයිය :dull:
    mata nam ehema aulak naha machan Lap ekai dekstop ekai dekama mama use karanne 8.1 patta
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,048
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mata nam ehema aulak naha machan Lap ekai dekstop ekai dekama mama use karanne 8.1 patta
    ඔව් ස්පීඩ් එහෙම හොඳයි ග්ලාස් ඉෆෙක්ට්ස් එහෙම නැති නිසා වෙන්න ඕනි..හොඳට බැලුවොත් වින් 7 එක්ක වැඩි වෙනසක් නෑ තිබ්බ දේවල් තියෙන තැන් වෙනස් කරල මිසක්..