වින්ඩෝස් ෆෝන් ගන්න එකේ වාසි ගොඩක් තියෙනවා
1. සතියකට ඇප් 1ක් 2ක් එන නිසා අලුතින් එන හැම ඇප් එකම හොදට ස්ටඩි කරනන පුළුවන්
2. ඇපල් වලට ඇප් එකක් එකක් ආවම ඒක වින්ඩෝස් වලටත් එයි කිය කිය බලන් ඉන්න දෙයක් නැහැ , මොකද මලාට එන්නේ නැති නිසා Ex: Prisma
3. ඉතාමත්ම සුළුතරයක් පාවිච්චි කරන නිසා වටිනාකම වැඩි (ලම්බෝග්රිනි වගේ )
4. ගොඩක් උන් ඔ එස් එක ගැන පුරුද්දක් නැති නිසා ෆෝන් එක අතට අරන් අස්සේ මුල්ලේ රිංගන්නේ නැහැ
5. කෝල් රෙකෝඩ් නැති නිසා " උබ මගේ කෝල් එක රෙකෝඩ් කරලා මාව අරුට පාවා දුන්නා නේද " වගේ අබුත චෝදනා වලින් බේරෙන්න පුළුවන් වීම
6. ගේම්ස් නැති නිසා පොඩි උන්ගෙන් ෆෝන් එක බේරීම
7. ක්ලාෂ් ඔෆ් ක්ලාන් වගේ සුපර් හිට්ස් නැති නිසා කාලය ඩේට ඉතුරු වීම
8. නොටිෆිකේෂන් එන්නෙත් පැයකට පස්සේ නිසා කරදර වලින් බේරීම
9. ඇප් නැහැ කියල කවුරු හරි කින්ඩිය දැම්මොත් අපෝ මගේ වැඩ ඔක්කොටම මේක ඇති කියා ශේප් විය හැක , නැත්නම් ඔරිජිනල් ඇප් එකට වඩා මේක හොදයි කියා ආතක් පාතක් නැති ඇප් එකක් පෙන්විය හැක
10. කැමරා ඔප්ෂන් ටික ඇප් සීයකට විතර කඩා ඇති නිසා මේක තමයි හොදම කැමරා ෆෝන් එක කියා පැවසිය හැක Lumia Camera, Lumia Panorama, Lumia selfie
11. විකිණීම අපහසු නිසා අවුරුදු ගණනක් අකමැත්තෙන් වුව බාවිත කල හැක . මුදල් ඉතුරු වේ
12. ඊලග අප්ඩේට් එක එනකන් වසර 2ක් හෝ 3ක් ටෙක්නිකල් ප්‍රිවිව් දමාගෙන ආතල් ගත හැක
ඇපල් පැපොල් ඇන්ඩ්‍රොයිඩ් ලඩි තියෙන උන්ට රිදෙයි