Women ; Women ; Check wether they r secretive ?

upulcranga

Member
Nov 9, 2007
2,542
2
0
38
Kandy
(¯`·._.·[Secrets Of Women]·._.·´¯)



දෙකොපුල් දක්වෙන ලක්ෂණ
1. කෘෂ වූ ආකාරයේ ගොරෝසුව ලොම් සහිත වක්වූ කම්මුල් හිමි ඇය අවාසනාවන්තියකි.

2. මසින් පිරුණු මොලොක් වටකුරු ආකාරයේ කොපුල් තරමක් උස්ව පිහිටි ඔ් තොමෝ යහපත් ස්ත්*රීයකි.



කාන්තා දෙකන් ලක්ෂණ
1. සවභාවයෙන් දෙකන් එල්ලෙන වට වූ ආකාරයේ පිහිටි ස්ත්*රීය වාසනාවන්තියකි.

2. වැහැරුණු සවභාවයෙන් නහර පිරුණු දෙකන් හිමි තැනැත්තී අවාසනාවන්තියකි.



කාන්තා හිසකේ ලක්ෂණ
1. පිරුණු බවින් යුතු කොණ්ඩය ඇති තැනැත්තී මානාධික වන්නී වැරදි ඇසුර කැමතිවන්නීය.

2. දීප්තිමත් පෙනුමකින් හිසකේ අග මදක් වක්*රාකාරව නැමී පිහිටියේ නම් ඇය සම්පත් ලබන්නීය.




පයෝධර ලක්ෂණ
1. එකිනෙකට සමානව අතශයින් දැඩිව වටකුරු පියයුරු ඇත්තී තම සවාමියාට සිත් සේ කම් සැප ලබා දෙන්නීය.

2. එකිනෙකට දුරස් වූද සිහින් වූද අඟ මහත් දෙපියයුරු පිහිටි ස්ත්*රීය අයහපත් ය.

3. පයෝධර දකුණට උස්ව පිහිටියේ නම් ඇය පිරිමි දරුවන් ලබන්නියකි.

4. පියයුරු දෙක අතර පරතරය පුළුල් නම් සුබ ඵල අහිමි වන්නීය.

5. මුල මහත් අඟ සිහින් පියයුරු පිහිටා තිබෙන කාන්තාව තරුණියක කළ සැප ලබන්නී නමුත් පසු කාලයේ දුකින් පීඩා විදින්නීය.



ළැමෙහි ලක්ෂණ
1. ස්ත්*රියකගේ ළය වළ ගැසී නොමැතිව ලෝම රහිතව සමානව දිගින් පිහිටියේ නම් ඇය හැමදාමත් සම්පත් ලබන්නීය. එමෙන්ම තම සවාමියා අතැර යන්නීය.

2. පුළුල් ළැම ඇත්තී අන් පුරුෂයන් සමඟ සතුටු වන්නීය.

3. ලෝම රහිත විශාල ළය ඇත්තී භාග්*යමත් ස්ත්*රියකි.

4. උසින් යුක්ත පිරුණු ළැම හිමි කාන්තාව සම්පත් ලබන්නීය.

5. නොපිරුණු විශාල ළය ඇත්තී අවාසනාවන්ත වන්නීය.



සංකීර්ණ ස්ත්*රී ලක්ෂණ
1. වඩා උස් නොවූද, වඩා මහත් නොවූද වටොර තරමක් ගෝලාකාර වූද ගැහැණිය භාග්*යවත් වන්නීය.

2. තද කළු වර්ණයෙන් යුතු හිසකේ ද ගැඹුරු නොවූ ළය මඩල ද එකිනෙකට තද වී ඇත්තා වූ පියයුරු ද ගමන් කරන විට පාද සම්පූර්ණයෙන් ම බිම ස්පර්ශ කරන්නා වූද ස්ත්*රිය අප්*රමාණ සම්පත් ලබන්නීය. සවකීයන් අතර නායිකාවක් වන්නීය.

3. පහළට එල්බෙන උදරය සහිත පඩු පැහැයෙන් යුතු ලෝම ඇති ස්ත්*රීය පළිගන්නා සුළු සිත් ඇත්තියක වන අතර දුරාචාරයෙහි හැසිරෙන්නියකි.

4. තරමක් වටකුරු මුහුණ ද ගැඹුරු නාසය ද රැළි ගැසුණු හිසකේ ද ඇති කාන්තාව බොහෝ දරුවන් ලබන්නීය.

5. සිරුර රන්වන් පැහැයෙන් ද අත්ල රත් පැහැයෙන් ද යුතු ස්ත්*රිය ආගම භක්තිය ඇති කරුණාබර හිත් ඇති පතිවත රකින්නා වූ තැනැත්තියකි.

6. සම්පූර්ණයෙන් විවෘතවූද පැහැදිලිවූද ඇස් පිහිටි කාන්තාව ඉතා සතුටින් ජීවත් වන්නියකි.

7. ළය ඉඟටිය සහ ලලාට පිරුණු ආකාරයෙන් පිහිටියේ නම් එම කාන්තාව මනා ගති පැවතුම් ඇති භාග්*යවන්ත ධනවත් භාර්්*යාවක් වන්නීය.

8. උකුල සහ උකුල් සන්ධිය පිරුණු ආකාරයෙන් යුතු වූයේ නම් ඇය ජාත්*යාන්තර කීර්තිය ලබන පින්වත් දරුවෙකු ලබන්නීය.

9. තරමක් වක්*රාකාර ඇස් බැමි දෙක නාසය මුලදී එකිනෙකට සම්බන්ධ නොවී පිහිටි ඈ තම සවාමියා ගේ ගෞරවය ආරක්ෂා කරන්නීය.

10. මාපටැඟිල්ල සහ වෙදැගිල්ල සාමාන්*ය ප්*රමාණයට වඩා උසට පිහිටි ස්ත්*රීය පර හිමියන් සමඟ එක්වී තම සවාමියාට විරුද්ධව ක්*රියා කරන්නීය.

11. තරමක් වටකුරු වූ සාමාන්*ය ප්*රමාණයේ දෙතොල් රත් පැහැයෙන් යුක්ත වූ කාන්තාව තම සවාමියා ගේ ගෞරවය රකින්නීය.

12. උකුල කෘෂ වූ ආකාරයෙන් පිහිටි ස්ත්*රිය ජීවිතය ඇති තුරා දිළිඳු වන්නීය.

13. ළය මඩල රෝම වලින් යුතුවද දත් එකිනෙකට අසමානවද පිහිටි ඇය සවාමියා හැර යන්නීය.

14. උඩු තොල සාමාන්*ය ආකාරයට වඩා උස්ව පිහිටියේ නම් ඈ කළහ කාරිය. කතාකරන විට ගොතගසන්නීය

15. යම් කාන්තාවකගේ පිටිකර සක්ගෙඩියක් සේ දැඩිව ඇත් නම් ඇය යහපත් වන්නීය.

16. ස්ත්*රීයකගේ උරහිස් කෙටිව සහ ගැඹුරුව පිහිටියේ නම් ඈ සවාමියාට සැප ගෙන දෙන්නීය.[/b]



දෙතොල් ලක්ෂණ
1. වද මල් බදු සිනිදු තොල් සහිත ස්ත්*රීය අප්*රමාණ පැසසුම් ලබමින් සතුටින් කල් හරින්නීය.

2. පිටතට නෙරා ගිය ගොරෝසු දෙතොල් හිමි කාන්තාව දිළිඳු වන අතර වාචාල කතා ඇති ඊර්ෂ්*යා සහගත වන්නීය.

3. කළු පාටින් යුතු තොල් ඇත්තී කනවැන්දුම් භාර්්*යාවක් වන්නීය.




කාන්තා දත් ලක්ෂණ
1. උඩු තල්ලෙහි හා යටි තල්ලෙහි එක සමාන වූ කුඩා කිරි වන් දත් දෙතිසක් පිහිටි ස්ත්*රීය
බොහෝ සම්පත් ලබන්නීය.

2. රන් පැහැයෙන් සක් කැබැලි සේ පිහිටි දත් පිහිටි තැනැත්තී ඉතා දිළිඳු වන්නීය.

3. තුනී දත් විකාර ආකාරයට පිහිටි කාන්තාව හිතුවක්කාර වන්නීය.



නැහැයේ හැඩ දැක්වෙන ලක්ෂණ
1. එක හා සමාන කුඩා සිදුරු සහිත වට වූ නැහැ පුඩු ඇති ස්ත්*රීය පැසසුම් ලබමින් දිගු කාලයක් සුවසේ් දිවි ගෙවන්නීය.

2. අග මහත්ව නැමීගිය ආකාරයෙන් පිහිටි ලා රත් පැහැ නාසය හිමි කාන්තාවගෙන් සවාමියා වෙන් වන්නේය.

3. පහළට එල්බුනා වූ පිහිටි නැහැය ඇති තැනැත්තී සවාමියා නොතකන්නා වූද අන් හිමියන් ඇසුර කැමති වන්නීය.