කෙල්ලෙක්ගේ කකුල් වලින් කියවෙන අනාවැකි

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    කෙල්ලෙක්ගේ කකුල් වලින් කියවෙන අනාවැකි

    එන්න එන්න එන්න



    20170421-pada-yugmayen.png











    අංග සම්පුර්ණ වූ රූමත් ස්ත්‍රියක් ගෘහපතියෙකුගේ නිවසේ වෙසෙනවා නම් ඔහු හැමදාම සතුටින් සිටි. කාන්තාවන් හරිම කැමතියි ලස්සනට ඉන්න. උත්පත්ති පිහිටිම අනුව කාන්තාවන්ගේ අංග ලක්ෂණ එකිනෙකාට වෙනස්. ඉතිං අද අපි හිතුවා කාන්තාවන්ගේ පාද යුග්මය තුලින් කියවෙන දේහ ලක්ෂණ පිළිබද කතාකරන්න.

    - මසින් පිරි වද මලක පැහයෙන් යුක්ත වූ, උණුසුමින් යුක්ත පා යුගලක් හිමි නම් යම් ස්ත්‍රියකට, ඇය රාජ මහේෂිකාවක් බදු වසනාවන්ත ගුණයක් ඇති තැනැත්තියක් වේ.

    - යම් ස්ත්‍රියකගේ පිට පතුලේ නහර ඉල්පී ඇත්නම්, අදුරු පැහැයෙන් යුතු, වියලි ස්වභාවයෙන් පිරි, රළු සමක් පිහිටා ඇත්නම්, විසිරුණු රෝම තිබෙනවා නම් එවන් ස්ත්‍රිය ප්‍රතිපත්තියක් නැති, ධන ධාන්‍ය ආදී සම්පත් හිමි නැති, තර්කානුකූල නොවන ආකාරයෙන් මුඛරි ලෙස බොහෝ සිත් රිදවන කෙනෙක් වෙයි. දැඩි උත්සහයකින් කටයුතු කරන බව දක්වන නමුත් මෙවන් ස්ත්‍රීන් කල යුක්ත පසෙකලා නොකල යුක්තම කරති. මහත් සේ දුක් විදිමින් වෙහෙස මහන්සි වන නමුත් ඉන් කිසිදු ප්‍රතිපලයක් නොලබති. තමන්ද දුක් විදිමින් අන් අන්‍යයන්ද දුකට ඇද දමයි.

    - යම් ස්ත්‍රියකගේ පා ඇගිලි එකපිට එක සේ පිහිටියේ නම් ඇය සිය හිමියාගේ පරිහානියට හේතු සාධක සපයන්නියක් වේ. බොහෝ විට අන්‍ය පුරුෂයන්ගෙන් තෘප්තිමත් වීමට උත්සහ කරන්නා වුද, තමන්ගේ දරුවන්ටද ස්නේහ නැත්තා වූද, ස්වාමියාගේ විනාශය සිතින් පතන්නා වුද, කෘර හිත් ඇති, ධනයෙන්ද, වාසනාවෙන්ද එකසේම හීන වන්නා වු ස්ත්‍රියක් වෙයි.

    - යම් ස්ත්‍රියකගේ පාදයේ මහපටැහිල්ල වටකුරුව මනා ලෙස පිහිටියේ ද, එය මදක් උස්ව පිහිටා ඇත්තේ ද, ඇය තමන්ගේ ස්වාමියාට බෙහෙවින් ප්‍රේම කරන්නියක් වෙයි. අනුරාගී හැගීම් වලින් තමන්ගේ සැමියාට නොඅඩුව සතුට ලබා දෙන්නීය.

    - යම් ස්ත්‍රියකගේ සුළගිල්ල බිම ස්පර්ශ නොවේ නම් ඇය සිය සැමියා රවටන්නීය. අන් පුරුෂයන් සමග සුව විදින්නීය. ඉක්බිති ඉතා සිල්වත් පත්තිනියක සේ සැමියා දාසයකු බවට පත්කර ගන්නීය

    - යම් ස්ත්‍රියකගේ පයෙහි වෙදගිල්ල (සුලගිල්ලත් මැදගිල්ලත් අතර වු ඇගිල්ල) හෝ මැදගිල්ල පොලොවෙහි ස්පර්ශ නොවේ නම් ඇය ස්වාමියාගේ ආදරය නොලබන්නීය. ස්ව උත්සහයෙන් කටයුතු කිරීමටත්, නිතර සිත් තැවුලින් ගත කිරීමටත් ඇයට සිදුවනු ඇත.

    - යම් ස්ත්‍රියකගේ යටි පතුලේ මැද බෙහෙවින්ම වල සහිත වුයේ නම්, ඇය බෝහෝ දුකට පත්වන ස්ත්‍රියක් වේ. මුළු ජීවිතයම යුද්ධයක් වැනි වේ.

    - පලල් වු විලුඹ සහිත වු යම් ස්ත්‍රියක් සිටී නම් ඇය ස්වාමියාගේ ද්වේෂයට ලක්වන්නියක් වේ. සමාජයේ බොහෝ අපවාද අසන්නට සිදු වේ.

    - විලුඹ උස්ව පිහිටියේ නම් ඇය සිය සැමියාට, දු දරුවන්ට වගේම ඥාතින්ටද හිතවත් වු ද, කරුණාව දක්වන්නා වුද ස්ත්‍රියක් වේ. අනුරාගී ගති ලක්ෂණ සහිත වු ඇය තමන්ගේ ස්වාමියාට බෝහෝ සතුට ලබා දෙන්නීය. සමජශීලි ගති ලක්ෂණ දක්වන්නා වු ද, පොදු කටයුතු වලදි නායකත්වය ගෙන කටයුතු කරන්නා වුද, සමාජයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වන්නීය.

    - දික් වු විලුඹක් පිහිටි ස්ත්‍රිය දුර්වල සෞඛයය තත්වයකින් යුක්ත වන්නීය. හේතුවක් ඇතිවද, නැතිවද නිරන්තරයෙන්ම කෝප සහගත සිතුවිලි වලින් ඇලි ගැලී සිටී. අන් අයගේ අප්‍රසාදයට ලක්වන්නීය. තම ස්වාමියාගේ ගෞරවය පවා බිද දමන ස්ත්‍රියක් වන ඇය නිරන්තර මැසිවිලි නගන්නියක්ද වෙයි.

    - වලලුකර ප්‍රදේශය ඉතා පැහැපත්වද, රෝම රහිතව පිහිටියේ නම් ඇය බුද්ධිමත් තැනැත්තියක් වෙයි. විවිධාකාර ශිල්ප ශාස්ත්‍රයන් වල හසල දැනුමක් ලබන ඇය ප්‍රසිද්ධ වු කීර්තිමත් වු ස්ත්‍රියක් වන්නීය. අඩු වයසින්ම විවාහයට පත් වේ. මෙවන් ස්ත්‍රීන් ප්‍රීතිමත් ජීවිත ගත කරන අය වේ.

    - නහර ඉලිප්පුණු වලලුකරින් යුක්ත ස්ත්‍රීන් බොහෝ කත බහ කරන්නා වුද, ප්‍රයොජනවත් කාර්යයක නොයෙදෙන්නා වුද ස්ත්‍රියකි. මෙවන් ස්ත්‍රීන් අන් අයගේ දොස් දකී. ඒ වගේම ආත්ම වර්ණනාවෙන්ද, අධිමානයෙන්ද,සමන්විතයි. මෙවැනි ස්ත්‍රීන් නිබදවම සිහින ලොවක ජීවත්වන අයට සමානයි.

    - පාද තලය රළු බවකින් යුක්ත නම්, ගැට සහිත වුයේ නම් ඇය බිදවැටෙන බලාපොරොත්තු සහිත වුද, නොසිතු විරූ අයුරින් විවිධ කරදර වලට ලක්වන්නා වූ ස්ත්‍රියක් වේ. අන් අයගේ උපදෙස් ගරු නොකිරීම මෙවැනි ස්ත්‍රීන් සතු ලක්ෂණයකි.

    සටහන : සමන්ති චතුරාණි
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    oya kakule angli issila tiyena seen wala nam yamkisi sathya thawayak tiyenawa kiyanawa mama ahala tiyenawa