woodworking help | The bolt is used to fix wood plank to the cement wall

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    The bolt is used to fix wood plank to the cement wall in this video .

    මචන්ලා මට අගල ගනකම ලැල්ලක් තියනවා එක සිමෙන්ති බිත්තියකට හයි කරගන්න ඕනේ උළුවස්සක් දාන්න බැරි තැනක දොරක් දාන්න ඔන්න ඔය තියනවා වගේ , මේක සිමෙන්ති බිත්තියට හයි කරගන්න ගන්න ඕනේ ඇන වර්ගය මොකද්ද
    ඔන්න ඔය video එකේ තියන ඇනේ නම මොකද්ද ,

    මේක ගන්න කොට විදින්න ඕනේ කටුවත් ඒ සයිස් එකෙන්මද ගන්න ඕනේ , ගන්න තියන මොස්ට් කොමන් ඇනේ සය්ස් එක මොකද්ද
    ලීය අගල 1 ගනකම මහෝගනී අරටුවක් අගල් 6 පළල

    CRGPPef.jpeg

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,967
    73,858
    113

    54p0J3q.jpeg

    @PHBhagya

    ඕකට හරියන්නෙ anchor bolt කියන ජාතිය. ඔලුව උඩට ඉන්න තියන්නෙ නැත්තන් අනිවා විදින්න ඕනා පෙන්නෙ නැති වෙන්න. ඒ කියන්නෙ අඟලෙනුත් ඇනේට අහුවෙන්නෙ අඟල් 3න්කාල වගේ. බර දොරක්නම් ටිකක් මදි වගේත් හිතෙනවා.

    උඹට ලස්සන වැඩක් නැත්තන් ලීයට උඩින් නට් එක පෙන්න ගහපන්. එතකොට අඩුම ගානේ හයිය තියෙනවා.

    මූ ඔය ගහන්නෙ wall plug කියන එක. ඕක හයිය නෑ, උඹට මොනාහරි එච්චර බර නැති දෙයක් අල්ලන්න ඕක හොඳයි. බර වැඩට anchor bolt තමා හරියන්නෙ.

    එළකිරි බන් anchor bolt ගහන්නේ කොන්ක්‍රීට් බිත්තිවලටද මේක මචන් සිමෙන්ති බිත්තියක් මේ video එකේ ඉන්න එකා කියන්නේ මේක තමයි හොද අර wall plug වලට වැඩිය කියල , අර ලීයේ ඇනේ ඔලුව පෙන්නේ නැතිවෙන්නේ බස්සන්න විදින කටුවට කියන නම මොකද්ද
     
    දොර බර නැත්තන්, wall plug ගහපන්, ඒවා heavy duty වැඩ වලට හරියන්නෙ නෑ. උඹට ඕනම් zig zag විදියට ලෑල්ල පලල නිසා අයින් දෙකේ වොල් ප්ලග් ගහන් පලයන්.

    ඇන්කර් බොල්ට් නම් ඉතින් කොන්කිරීට් වලට තමා හදලා තියෙන්නෙ. ඒත් සිමෙන්ති වලටත් අවුලක් නෑ. ටිකක් හීනි දිග එකක් අරන් යටට විදලා දාපන්.

    ලංකාවෙ උන්නම් බිට් වල නම් දන්නෙ නෑ කොල්ලො, photo එකක් අරන් පල

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    දොර බර නැත්තන්, wall plug ගහපන්, ඒවා heavy duty වැඩ වලට හරියන්නෙ නෑ. උඹට ඕනම් zig zag විදියට ලෑල්ල පලල නිසා අයින් දෙකේ වොල් ප්ලග් ගහන් පලයන්.

    ඇන්කර් බොල්ට් නම් ඉතින් කොන්කිරීට් වලට තමා හදලා තියෙන්නෙ. ඒත් සිමෙන්ති වලටත් අවුලක් නෑ. ටිකක් හීනි දිග එකක් අරන් යටට විදලා දාපන්.

    ලංකාවෙ උන්නම් බිට් වල නම් දන්නෙ නෑ කොල්ලො, photo එකක් අරන් පල

    Thanks bro
     
    • Like
    Reactions: tharakaf

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,384
    19,515
    113
    Colombo
    ඔය වැඩේට Wall plugs ඇති, Wall plugs වල සයිස් එයි ඩ්‍රිල් කටු සයිස් එකයි එකමයි
    10 හරි 8mm wall plugs ඇති. ඇණේ ලීය ඇතුලට බස්සවන්න පුලුවන් වෙන්න ඇනේ ඔලුව සයිස් එකේ ඩ්‍රිල් කට්ටකින් ඇනේ ඔලුව ගනකමට විතරක් විදලා පස්සෙ ලී පොටි වලින් හරි ලී කුඩු වලට කෙම්ෆික්ස් දාල හරි ඇනේ වහලා දාන්න පුලුවන් ( google/youtube "how to counter sink")
    wall plugs කීපයක් දාන්න, දොරක් හයි කරනවා නං සරනේරු හයිවෙන කිට්ටුවෙන් වැඩිපුර දාන්න. ගල් කුඩු වලින් ගහපු බ්ලොක් ගල් වලින් නම් බිත්තිය බැඳලා තියෙන්නෙ සමහර වෙලාවට wall plugs/anchor bolt තද කරද්දි ගල කුඩු වෙලා තද වෙන්නෙ නැති සීන් එකක් තියනවා (මේක 80%ක් විතර වෙලාවට අපි ඔය එක එක තැන් වලින් ගනිපු බ්ලොක් ගල් වලට වෙනවා, පොඩි wall plugs වලට ඔය අවුල වෙන්නෙ නැහැ මොකද ඒව කපරාරුවෙන් ඇතුලට යන්නෙ පොඩි ප්‍රමානයක්, හැබැයි ලොකු wall plugs වලට ඔය වැඩේ ගොඩක් වෙලාවට වෙනවා), එහෙම වෙනවා නං ඇනේ සම්පූර්නයෙන් තද කරාම අන්තිම ටිකේ ඇනේ wall plug එකත් එක්ක කැරෙකෙන්න ගන්නවා, බැරි වෙලා හරි එහෙම උනොත් විදපු සිදුර ඇතුලට සිමෙන්ති කොලපු ටිකක් දාල wall plug එක ඔබලා තියන්න දවසක් විතර ගියාම ඇනේ තද කරන්න

    anchor bolt කොන්ක්‍රීට් වලට හොඳටම සෙට් උනාට සිමෙන්ති බිත්ති වලට හරියන්නෙන නැති වෙලාවල් තියනවා, පලවෙනි හේතුව අර උඩින් කියපු ගල් කුඩු දාල ගහපු බ්ලොක් ගල් වලින් හදපු බිත්ති වල වෙන අවුල
    අනෙක් එක ඇන්කර් බෝල්ට් එකේ බෝල්ට් එක එලියට එනවා තද කරාම, ඒක ඔය ලීයෙන් එලියට එනවා ඒක counter sink කරන්න පොඩි කට්ටක් කන්න වෙනවා, අනික් අවුල ඒකෙ නට් එකක් තියෙන්නෙ ඒක ටිකක් මහත නිසා කවුන්ටර් සින්ක් කරද්දි ඒකත් අවුලක් වෙනවා
    ඇන්කර් බෝල්ට් එකේ සයිස් එකයි ඩ්‍රිල් කට්ටෙ සයිස් එකයි වෙනස්, සයිස් 12 ඇන්කර් බෝල්ට් එකක් 14mm කට්ටෙන් වගේ විදින්න ඕන, මේක හැමතිස්සෙම 2mm වැඩි කට්ටක් හරියන්නෙ නැහැ, ඒක නිසා බෝල්ට් එක ගනිද්දි ඩ්‍රිල් කට්ට බලලා ගන්න වෙනවා ගෙදර එක එක සයිස් වල කටු නැත්තං
    අනික ඇන්කර් බෝල්ට් සහ ඩ්‍රිල් කටු metric සහ imperial වර්ග දෙකේම measurement වලින් ගන්න තියනවා ඒක නිසා ඔය දෙක මික්ස් උනත් වැඩේ අමාරු වෙනවා. පරන හාඩ්වෙයා වල තාමත් සමහර බඩු විකුනන්නෙ imperal measurement වලින්.
     
    Last edited:

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ඔය වැඩේට Wall plugs ඇති, Wall plugs වල සයිස් එයි ඩ්‍රිල් කටු සයිස් එකයි එකමයි
    10 හරි 8mm wall plugs ඇති. ඇණේ ලීය ඇතුලට බස්සවන්න පුලුවන් වෙන්න ඇනේ ඔලුව සයිස් එකේ ඩ්‍රිල් කට්ටකින් ඇනේ ඔලුව ගනකමට විතරක් විදලා පස්සෙ ලී පොටි වලින් හරි ලී කුඩු වලට කෙම්ෆික්ස් දාල හරි ඇනේ වහලා දාන්න පුලුවන් ( google/youtube "how to counter sink")
    wall plugs කීපයක් දාන්න, දොරක් හයි කරනවා නං සරනේරු හයිවෙන කිට්ටුවෙන් වැඩිපුර දාන්න. ගල් කුඩු වලින් ගහපු බ්ලොක් ගල් වලින් නම් බිත්තිය බැඳලා තියෙන්නෙ සමහර වෙලාවට wall plugs/anchor bolt තද කරද්දි ගල කුඩු වෙලා තද වෙන්නෙ නැති සීන් එකක් තියනවා, එහෙම වෙනවා නං ඇනේ සම්පූර්නයෙන් තද කරාම අන්තිම ටිකේ ඇනේ wall plug එකත් එක්ක කැරෙකෙන්න ගන්නවා, බැරි වෙලා හරි එහෙම උනොත් විදපු සිදුර ඇතුලට සිමෙන්ති කොලපු ටිකක් දාල wall plug එක ඔබලා තියන්න දවසක් විතර ගියාම ඇනේ තද කරන්න

    anchor bolt කොන්ක්‍රීට් වලට හොඳටම සෙට් උනාට සිමෙන්ති බිත්ති වලට හරියන්නෙන නැති වෙලාවල් තියනවා, පලවෙනි හේතුව අර උඩින් කියපු ගල් කුඩු දාල ගහපු බ්ලොක් ගල් වලින් හදපු බිත්ති වල වෙන අවුල
    අනෙක් එක ඇන්කර් බෝල්ට් එකේ බෝල්ට් එක එලියට එනවා තද කරාම, ඒක ඔය ලීයෙන් එලියට එනවා ඒක counter sink කරන්න පොඩි කට්ටක් කන්න වෙනවා, අනික් අවුල ඒකෙ නට් එකක් තියෙන්නෙ ඒක ටිකක් මහත නිසා කවුන්ටර් සින්ක් කරද්දි ඒකත් අවුලක් වෙනවා
    ඇන්කර් බෝල්ට් එකේ සයිස් එකයි ඩ්‍රිල් කට්ටෙ සයිස් එකයි වෙනස්, සයිස් 12 ඇන්කර් බෝල්ට් එකක් 14mm කට්ටෙන් වගේ විදින්න ඕන, මේක හැමතිස්සෙම 2mm වැඩි කට්ටක් හරියන්නෙ නැහැ, ඒක නිසා බෝල්ට් එක ගනිද්දි ඩ්‍රිල් කට්ට බලලා ගන්න වෙනවා ගෙදර එක එක සයිස් වල කටු නැත්තං
    අනික ඇන්කර් බෝල්ට් සහ ඩ්‍රිල් කටු metric සහ imperial වර්ග දෙකේම measurement වලින් ගන්න තියනවා ඒක නිසා ඔය දෙක මික්ස් උනත් වැඩේ අමාරු වෙනවා. පරන හාඩ්වෙයා වල තාමත් සමහර බඩු විකුනන්නෙ imperal measurement වලින්.
    තැන්ක්ස් බ්‍රෝ ඔය video එකේ තියන ඇනේ නම් Wall plugs එකක් නෙමෙයි නේද හැබැයි , Wall plugs වලට දාන්න මේ වැඩේට හොද මොනවගේ ඇනයක්ද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,384
    19,515
    113
    Colombo
    තැන්ක්ස් බ්‍රෝ ඔය video එකේ තියන ඇනේ නම් Wall plugs එකක් නෙමෙයි නේද හැබැයි , Wall plugs වලට දාන්න මේ වැඩේට හොද මොනවගේ ඇනයක්ද
    wall plug එකක් තමයි
    ඒව එක එක රටවල එක එක විදියෙ ඒව තියනවා

    8-10 ඒවට Philips screws සෙට් වෙන්නෙ නැහැ, අර වහලවල ඇස්බෙස්ටස් ශීට් හයි කරන ඇණ 10 ප්ලග් එකට හරියටම සෙට් වෙනවා, ගනිද්දි පොඩ්ඩක් සයිස් එක බලලා ගන්න ප්ලග් එකට ටිකක් තදවෙන්න ඇනේ අහුවෙනවද කියලා
    ඇනේ දිග ගනිද්දි ප්ලග් එකේ දිගයි ලීයෙ අහුවෙන ගනකමයි එකතුවට වඩා පොඩ්ඩක් (1cm) වැඩියෙන් ගන්න. ඔය ඇනේ ඔලුව පොඩ්ඩක් පොඩයි පුලුවන් නම් පොඩි තුනී වොශර් එකක් දාන්න එතකොට ඒ ගානට counter sink කරන්න ඕන.
     
    • Like
    Reactions: lkfunboy

    Thanks bro you helps as always..
     
    • Like
    Reactions: NEMISIS

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    @PHBhagya

    ඕකට හරියන්නෙ anchor bolt කියන ජාතිය. ඔලුව උඩට ඉන්න තියන්නෙ නැත්තන් අනිවා විදින්න ඕනා පෙන්නෙ නැති වෙන්න. ඒ කියන්නෙ අඟලෙනුත් ඇනේට අහුවෙන්නෙ අඟල් 3න්කාල වගේ. බර දොරක්නම් ටිකක් මදි වගේත් හිතෙනවා.

    උඹට ලස්සන වැඩක් නැත්තන් ලීයට උඩින් නට් එක පෙන්න ගහපන්. එතකොට අඩුම ගානේ හයිය තියෙනවා.

    මූ ඔය ගහන්නෙ wall plug කියන එක. ඕක හයිය නෑ, උඹට මොනාහරි එච්චර බර නැති දෙයක් අල්ලන්න ඕක හොඳයි. බර වැඩට anchor bolt තමා හරියන්නෙ.

    ඕක උලුවස්සක් විදිහට පේන්න අල්ලන ලීයක් නේද. එහෙනම් මේ ඇන්ක බෝල්ට් එක හරියන්නෙ නෑ.
    තව ඇන්කර් බෝල්ට් වර්ගයක් තියෙනව, බෝල්ට් ඇණේ අල්ලන්න තියෙන වර්ගයක්. නට් එක තමයි බිත්තියට බස්සන්නෙ.
    එහෙම නැත්තං,
    ලොකු රෝල් ප්ලග් දාල, හෙක්ස් හෙඩ් එක තියෙන ඇණ දාන්න ඕනෙ.
    නැත්තං එළියට ෆිනිශින් ගන්න බෑ.