ගොඩක් අය දැන් Wordpress වෙනුවට Ghost දාගන්නවා . ඇත්තටම ඒ Wordpress වලට වඩා speed එක වැඩි නිසා. ඉතින් මේ post එක දාන්නේ පොඩි Idea එකක් දෙන්න. Wordpress වගේ එක එක විදියේ සයිට්ස් වලට නෙවේ මේකෙන් වෙන්නේ ගොඩක්ම බ්ලොග් එකකින් වෙන වැඩේ ඒ නිසා article විතරක් ලියන අයට මේක ගොඩාක් ගැලපෙනවා.
මොකක්ද මේ ghost cms එක?
Ghost කියන්නෙත් CMS එකක් Wordpress වගේම හැබැයි ගොඩක් light weight. ඉතින් සරලව ලස්සනට දෙයක් කරන්න හදන අයට මේක වටිනවා. කොටින්ම කිවොත් වැඩිය අටෝප නැතිව ලේසියෙන් කරගන්න පුළුවන්
දෙයක් හොයනවනම් Ghost තමයි හරියන්නේ. එත් ඉතින් gigantic සයිට් එකක් නම් Ghost හරි යන්නේ නෑ . මොකද ghost වල ටින්කරින් අඩුයි.
ඇයි කට්ටිය ගොඩක් ghost පාවිච්චි කරන්නේ?
සරලවම කිව්වොත් ranking වලට. මේක ඔයාලා ටෙස්ට් සයිට් එකක දාලා කොහේ හරි location එකක host කරත් ගොඩක් වෙලාවට GTMATRIX එකෙන් එහෙම සයිට් එක රෑන්ක් කරන්නේ කෙලින්ම
A Grade හැටියට. මොකද wordpress වල වගේ SEO වලටයි Social Sharing features වලට plugins දදා නටන්න ඕනි නෑ. Ghost Core එකටම ඒ feature set එක එනවා. එකයි site ranking එකත් high.
Ghost වල Themes දාන්න පුලුවන්ද?
ඔව් පුළුවන් ලේසියෙන්ම.
Ghost වල Integrations තියනවද?
ඔව් කීපයක්ම තියනවා. ඒ හැමදේම https://ghost.org/integrations/ සයිට් එකේ තියනවා.
Ghost Free ද? ගෙවන්න ඕනද
Ghost වල Version දෙකක් තියනවා. එකක් Self Hosted Free එක ඒ කියන්නේ තමන්ගේ hosting එකක දාගන්න එක.
Free එකට එහා ගිය කෙනෙක්ට තියනවා Ghost Pro එක, ඒක වෙනවා මාසෙට $9ක්
ඕනෑම Shared Hosting එකක දාන්න පුලුවන්ද Ghost ?
ඕනෑම එකක බෑ මොකද ඒ නිසා ඔයාලා hosting ගත්ත තැනින් අහන්න ghost support කරනවද කියල node.js උඩ තමයි දුවන්නේ මේක ඉතින් node.js support කරන එවල නම් වැඩ. මොකද මේකේ wordpress වල වගේ one click installation නෑ.
මොනාහරි දැනගන්න ඕන නම් comment එකක් දාන්න.

Epa sir