අරංගල හන්දියෙන් හෝකන්දර පැත්තට වෙන්න මම කාලයක් හිටියා, ටව්න් එකෙන් ටිකක් ඈත නිසා ගණන් පොඩ්ඩක් අඩුයි,
වටපිටාවත් අව්ලක් නෑ ශේප්.
ඒ පාරේ මාලබේ-කොට්ටාව සහ මාලබේ-මහරගම බස් තියෙනවා නිතරම.
ටිප් එකක් දෙන්නම්, ඔය පැත්තේ පාරම්පරිකව ඉන්න අය ඉන්නවා, පොඩ්ඩක් සර්ච් එකක් දෙන්න එහෙම අයගෙන් ගමේ වැදගත් සහ ගමේ අය ගරු කරන පිළිගන්නා අය ගැන, ඒ කෙනෙක්ගේ ගෙයක් හරි ඇනෙක්ස් එකක් හරි ගත්තොත් අර අයිති එක්කෙනාට ගමේ ලැබෙන සපෝර්ට් එක ඔයාලටත් ලැබෙනවා (ආ මේ අරගොල්ලන්ගේ ගෙදර ඉන්න අයනේ.. කියලා) උඩ අනිත් අය කියලා තිබ්බ ප්රශ්න ගොඩක් අඩු වෙනවා ඕකෙන්.
මම හිටියේ ඒ වගේ තැනක සහ ඒ ගෙදර අන්කල් පොලීසියේ වැඩ, ඉතින් අපිත් ඒ කාලේ පොලිසියේ වගේ හිටියේ
