World Cup නිසා Rupavahiniයට​ කෙලවිලා

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
World Cup නිසා Rupavahiniයට​ කෙලවිලා

Source: gossip lanka

ක්‍රිකට් කුසලානෙන් රූපවාහිනිය හිග​මනට වැටෙන ලකුණු

නව දේශපාලන අධිකාරියේ බලපෑමෙන් සී එස් එන් රූපවාහිනිය සතුව තිබූ ක්‍රිකට් තරග විකාශන අයිතිය ජාතික රූපවාහිනිය වෙත ලබා ගැනීමට කඩිමුඩියේ කටයුතු කළද, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය විකාශය සම්බන්ධයෙන් ජාතික රූපවාහිනිය මූල්‍ය අර්බුදයකට මුහුණපා ඇතැයි වාර්තා වේ.
මීට හේතුවී ඇත්තේ ඔවුන්ට ප්‍රමාණවත් තරම් අනුග්‍රාහයකයන් සොයා ගැනීමට නොහැකි වීමයි.

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ විකාශන අයිතිය වෙනුවෙන් ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 300කට ආසන්නය.

එහෙත්, රූපවාහිනි සංස්ථාවේ වෙළෙඳ අංශයේ නොහැකියාව සහ නොදැනුවත්කම නිසා අදාළ වියදම හෝ උපයාගත නොහැකි වනු ඇතැයි රූපවාහිනි සේවකයෝ පවසති.

2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තත්ත්පර 30ක වෙළෙඳ දැන්වීමක් සඳහා අවම මිල රුපියල් එක්ලක්ෂ විසි පන්දහසකට නියම කර ඇති අතර අවසන් තරගයේ තත්ත්පර 30ක වෙළෙඳ දැන්වීමක් මිල කර ඇත්තේ රුපියල් තුන්ලක්ෂ පනස්දහසක අති විශාල මිලකටය.

මෙතරම් විශාල මිලක් මින් කවරදා හෝ නොතිබූ හෙයින් බොහෝ දැන්වීම් නියෝජිත ආයතන සහ අනුග්‍රාහකයන් මේ දක්වා වෙළෙඳ දැන්වීම් මිලදී ගැනීමට කැමැත්ත පළ කර නැත.

අදාළ මුදල උපයාගත නොහැකි වනු ඇතැයි බියට පත්ව සිටින රූපවාහිනි සභාපතිවරයා, ප්‍රධාන වෙළෙඳ අංශය දැන්වීම් ලබාදෙන්නැයි රජයේ ආයතනවලට බලපෑම් කරන්නට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම අනවශ්‍ය පීඩනය බොහෝ දැන්වීම් නියෝජිත ආයතන හා අනුග්‍රාහකයන්ගේ නොරිස්සුමට හේතුවී ඇතැයිද වාර්තා වේ.
 

Similar threads