ලොකු සීන් දානව නෙමේ බන්. ඌ කියනදේ ඇත්තක් තියෙනව. බට් මචන් මේක තේරුම් ගනින්. හැම එකාටම සල්ලි නෑ බන්. ඕව කරන්න පට්ට සල්ලියක් යනව. ඉතින් අපේ ගොඩක් උන්ට කරන්න තියෙන එකම දේ කොහොම හරි ඒලෙවල් ගොඩදාගෙන කැම්පස් ගිහන් ජොබක් හොයාගන්න එක. ලංකාවේ ඒලෙවල් පාස්, උපාදියක් තියෙන එකෙක්ට අදටත් එහෙම නැති එකෙක්ට වඩා කොච්චර නෑ කියන හැදුවත් තැනක් තියෙනවා. හැමරෙද්දකටම අහන්නේ ඒලෙවල් කොහොමද? ඩිග්රියක් තියෙනවද අනම් මනන්. නැත්නම් ඉතින් දේෂපාලුවෙක්ගෙ මාර්ගයෙන් යන්න ඕන. ඒත් අධ්‍යාපන සුදුසුකම් නැතිව ජොබකට ගියත් පට්ට චා. ඒ පරිසරයෙන් ලැබෙන දේ අන්තිම කුජීතයි. මේක බන් ලංකාවේ මානසිකත්වය වෙන්න පුලුවන්. ඒත් බන් අපිට බෑ මුලු සමාජයම වෙනස් කරන්න. අපිටත් අකමැත්තෙන් උනත් ඒ විදියට හැඩගැහෙන්න වෙනව.
උබට සල්ලි තියෙනව නම් පිටරට යුනි එකක ඩිග්රියක් කරන්න පුලවන්. මිලියන ගානක් යට කරල. ඒත් කීයෙන් කීදෙනාටද බන් ඒක පුලුවන්?
අනික බන් ඒලෙවල් හොඳට ගොඩදාගත්ත එකෙක්ට මගේ ගෞරවයක් තියෙනව. මොකද මමත් ඔය කට්ට කෑව බන්. මචන් ඒ දේ කරන උන් අනිත් උන්ට වඩා වෙනස්. දක්ෂ කම කෙසේ වෙතත් , ආත්ම විශ්වාස, විනය, දෛරිය වගේ ගොඩක් දේවල් උන්ගේ තියෙනව.