world's happiest countries 2017 ලංකාවට හිමි තැන මෙන්න
සතුටින් ඉන්න අපි හැමෝම කැමතියිනෙ. ඒ විදියට ලෝකෙ රටවල් 155 ක් උපයෝගී කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වැඩිපුරම සතුටින් ඉන්න රටවල් ගැන සමීක්ෂණයක් කරා.
ඒ අනුව ලොව සතුටින්ම සිටින රටවල් අතර පලවෙනි තැන ඉන්නෙ නෝර්වේ රාජ්‍යය.ඒ ලකුණු 7.537 ක් ලබාගෙන. මෙම ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානය ඩෙන්මාර්කය හිමිකරගෙන තිබෙන අතර අයිස්ලන්තය තුන්වෙනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.ඒ වගේම මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන දහය අතරට පත්වීමට ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ස්වීඩනය සමත් වෙලා තියෙනවා.
ලකුණු 5.269 ක් ලබාගෙන පාකිස්තානය ලොව සතුටින්ම සිටින රටවල් අතර 80 වැනි ස්ථානය ලබා ගනිද්දි ලකුණු 4.608ක් ලබාගෙන බංග්ලාදේශය ලොව සතුටින්ම සිටින රටවල් අතර 110වැනි ස්ථානයට පත්ව තිබෙනවා. අපගේ අසල්වැසි ඉන්දියාව ලකුණු 4.315 ක් හිමි කරගනිමින් මෙම ලැයිස්තුවේ 122 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
දැන් ඔබ බලාගෙන ඉන්නෙ මේ ලැයිස්තුවෙ ශ්‍රී ලංකාවට හිමි තැන කීයද කියලනෙ.ලොව සතුටින්ම සිටින රටවල් අතර 120 වැනි ස්ථානයට පත්වෙන්න ශ්‍රී ලංකාවට හැකියාව ලැබිලා තියෙනවා.ඒ ලකුණු 4.440 ලබාගනිමින්.
ලෝකෙ සතුටින්ම ඉන්න රටවල් අතර ලංකාවට හිමි තැන මෙන්න..