ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අතිරේක රාජ්‍ය වියදම් සම්පූර්ණයෙන්ම අඩු කිරීම නිසා පසුගිය මාසය තුළ රජයට රුපියල් කෝටි 2000කට ආසන්න මුදලක් ඉතිරි කරගැනීමට හැකි වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ආරක්ෂක සේවය, ප්‍රවාහන අංශය, කාර්ය මණ්ඩලය අවම කිරීම සහ අමාත්‍ය මණ්ඩලය අවම කිරීම මෙන්ම රජයේ ආයතනවල නිල තනතුරු අවම කිරීමද මෙසේ මුදල් ඉතිරි කරගැන්මට හේතු සාධක වී වී ඇති බවයි සඳහන් වන්නේ.
එසේම මැති ඇමතිවරුන් සඳහා කිසිදු වාහනයක් අලුතින් මිල දී නොගැනීම නිසාද මෙසේ සැලකිය යුතු මුදලක් ඉතිරි කරගන්නට හැකියාව ලැබී ඇති අතර ඉදිරියේදීත් අතිරේක රාජ්‍ය වියදම් සම්පූර්ණයෙන්ම අඩු කර ගැනීම මඟින් වසරක් ඇතුළත රජයට බිලියන ගණනක මුදලක් ඉතිරි කරගැනීමට හැකි වනු ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාල තොරතුරු වැඩිදුරටත් අනාවරණය කර තිබෙන්නේ.









