Machan ona problem ekakata sarala wisadumak tyenawa. Eka final answer nowenna puluwan. Habai eka thama starting point eka. Onna oka catch nokarapu eka thamai auala. Therory monawa tibbath ewa yatai practical walata. Practical waladi apita theory yam yam widiyata wenas karannath wenawa. Onna okai jvp wage radical theories tyena unta ada kela wela tyenne. Un kyana words 99% pure (WORDS ONLY) habai untawath un kyana widiyata wada karanna baha. Eka polawe paya gahala inna ona minihek dannawa . Habai mata ara degree me degree tyenawa kyala oluwa udummagena theory matha idagena wade goda danna baha kawadawath. Eka nisa wade karanna one nam mulinma samajeta bahala inna one. Jeewithe hodama kale campus walatai job walatai kaburupu apita hugak dewala miss wela tyenawa real life eke. Ethakota apita 80% manussaya inna thana hitha ganna amarui.
සහතික ඇත්ත! මං ඔබ කියන දේට එකඟයි. සිද්ධාන්ත හා ප්‍රායෝගික කියන අන්ත දෙක අතර පරතරය ගොඩාක් වැඩි වීමෙන් සිද්ධාන්ත වල ඵලදායීතාවය අඩු වෙනෙව. සැප පුටුවකට වෙලා සංකල්ප දාහක් ගොඩ නඟන කෙනාට වඩා වී ඇටයක් හරි පැල කරපු ගොවිය ඇත්තටම වටිනව. හැබැයි අනිත් අතට මාස්ලොව්ගේ අවශ්‍යතා ධූරාවලිය වගේ සංකල්පයක් අනුව බලද්දි චින්තකයින්ගෙත් ලොකු වටිනාකමක් තියෙනව. සමහර විට ඒ සිද්ධාන්ත තත්කාලීනව ප්‍රායෝගික නොවෙන්න පුළුවං, නමුත් ඒ සංකල්ප පසු කාලීනව
ප්‍රායෝගිකව මාර විදිහට වැදගත් වෙන්න පුළුවං.
උදාහරණ විශාල වශයෙන් තිබුණත් මා දැනට එකකින් නවතින්නම්. 1922 දි බ්‍රිතාන්‍ය ගනිතඥයෙක් වන ලුවිස් ෆ්‍රයි කාලගුණ අනාවැකි කියන්න පුළුවන් ගණිතමය සිද්ධාන්තයක් ගෙනාව. ඒක කොච්චර ප්‍රායෝගික නොවන සිද්ධාන්තයක්ද කිව්වොත් ගොඩක් අය ඒක දිහා බැලුවෙ උපහාසාත්මක විදිහට. නමුත් අවුරුදු සීයකට පස්සෙ අද අපි කාලගුණ අනාවැකි කියන්නෙ ලුවිස්ගේ ක්‍රමය පදනම් කරගෙන (දැන් තව කාර්යක්ෂම ගණිත ක්‍රම තියනව නමුත් මෙයාගෙ ක්‍රමය තමයි පදනම ) . ඒ කාලෙ ඒක ජෝක් එකක් වුණාට අද අතිශය වැදගත් දෙයක්. සමාජ සිද්ධාන්තත් ඒ වගේ තමයි කියල මට හිතෙනව.
ජෙප්පො කියන සිද්ධාන්තත් මොනවද කියල අපි දැනගන්න ඕනි. එක්ස් කණ්ඩායම, නලින්ද සිල්වා, බොදු බල සේනා, අයිසිස්, නව පරපුර, ජිජැක්, නීට්ෂේ, තෝල්ස්තෝයි, මාක්ස්....
මේ හැම දැනුම් පද්ධතියක්ම අපේ චින්තනය පුළුල් කරනව. වඩා හරවත් අපේම පෞද්ගලික චින්තනයක් ගොඩනගාගන පුළුවං ඒ විදිහට පමණයි කියල මම හිතනව.
නමුත්... මේ මම හිතන විදිය. මගේ මේ කොමෙන්ට් එක කියවලා කවුරු හරි "ඒ හු**ට පිස්සු!" කියල කිව්වොත් ඒකේ කිසිම අවුලක් නැහැ. වැරැද්දකුත් නැහැ. ඒ එම පුද්ගලයාගේ පෞද්ගලික චින්තනය ගොඩ නැගිල තියන විදිහ. අපි හැමෝම මේ ජීවිතය කියන්නෙ මොකද්ද? අපේ අරමුණ මොකද්ද කියල තේරුම් ගන්න උත්සාහ කරන අසරණ පිරිසක්.
සංවාදයට ස්තූතියි.
ප.ලි. මා ජෙප්පෙකු හෝ සමාජවාදියෙකු හෝ නොවෙමි. අපක්ෂග්‍රාහික නිරීක්ෂකයෙකි. දැනුම සොයා යන්නෙකි.