X කණ්ඩායමට මොකද වුණේ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපේ අදහස් පළ කරපු “මාතොට” සඟරාවේ මුල් හිමිකම තිබ්බේ එවකට රජයේ අමාත්‍යවරයෙක් වුණු මංගල සමරවීර මහතාටයි. ඒ කාලේ අපි විශ්ව විද්‍යාල අධ්‍යන කණ්ඩායමක් විදිහටයි අලුත් අදහස් ගැන කතා කළේ. මුල් කාලයේදී දීප්ති අපිට වැඩිදුර ශාස්ත්‍රීය කාරණා ඉගැන්නුවා වගේම සාකච්ඡා කළා. මේ අලුත් වැඩේට සහ අලුත් අදහස් වලට මංගල කැමති වුණා. හැබැයි අපි කවදාවත් මංගලගේ දේශපාලනයට එක් වුණේ වත් අනුමත කළේ වත් නෑ. ඔහුගේ දේශපාලනයට අපිව සම්බන්ධ කරගන්න මංගලට අවශ්‍යතාවයක් තිබ්බෙත් නෑ. නමුත් මංගල අපේ විකල්ප දේශපාලනික අදහස් වලට කැමති වුණා. ඒ නිසා පසු කාලීනව “මාතොට” සඟරාවේ මුල් සාමාජිකයින් අයින් වෙද්දී ඒක පවත්වාගෙන යන එක 1996 සැප්තැම්බර් මාසේ අපි භාර ගත්තා. සුමිත් චාමින්ද, බුද්ධික බණ්ඩාර, බස්නායක, දීප්ති, නිර්මාල් සහ මාත් ප්‍රමුඛ අපේ කණ්ඩායම තමයි සංස්කාරක මණ්ඩලය විදිහට ඒකේ වැඩ කළේ. සඟරාවට ලැබුණ අධික ඉල්ලුම නිසාම මාසෙකට සඟරා පිටපත් 3000කට අධික ප්‍රමාණයක් අලෙවි වුණා.

    මංගල මංගල මංගල මංගල

    මේ ඉන්නේ හොරා වගේ....මෙයා තමයි කතාවේ ප්‍රධාන චරිතය වියයුත්තේ
     
    • Haha
    Reactions: raamuwa

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    වයස පහලොවේදී විතර තමයි මට මුලින්ම ලන්ඩන් මැග් එකක් පේව්මන්ට් එකේ විකුණමින් තිබිල ලැබුණෙ. ඒ වෙනකොට නලින් ද සිල්වගෙ ' මගේ ලෝකය' කියවලා යම් මට්ටමකට සල්ලං වෙලා හිටිය මට නිකන් ලන්ඩන් මැග් එක පොළු පහරක් දුන්න වගේ උනා. ලාංකීය යථ, චතුස්කෝටික චින්තනය, මනෝ විශ්ලේෂණය වගේ සබ්ජෙක්ට්ස් මගේ චින්තනය මාර විදිහට පුළුල් කරා. ඇතුලෙ අන්තර්ගතය මොක උනත් එලියෙ කවර නිසා ගෙදරින් හංගං තමයි තියා ගත්තේ මේ මැගසින්ස්.

    ගොඩාක් ස්තූතියි මේ පෝස්ට් එකට. ලන්ඩන් මැග්ස් සියලු පිටපත් ගත හැකි තැනක් තිබේද? ඉලෙක්ට්‍රෝනික පිටපත් නම් වඩා හොඳයි.
    එහෙම නැත්තං කල්‍යානන්ද පෙරේරා මහතාව දිරිමත් කරන්න පුළුවන්ද ඒවා නැවත ඉලෙක්ට්‍රෝනිකව පල කරන්න? ඩිජිටල් ලෝකෙ සැරිසරන ලංකාවේ තරුණ මොළ වලට මේවා අවශ්‍යයි!

    යමකට විරුද්ධ වීමට හෝ පක්ෂ වීමට ඒ ගැන ප්‍රමාණාත්මකව දැනගෙන සිටිය යුතුයි. නලින්ද සිල්වා ජෝක් එකක් කියලා කියන්න කලින් නලින්ගේ දෘෂ්ටිවාදය දැනගෙන සිටිය යුතුයි. එක්ස් කණ්ඩායම ගැන මත පල කරන්න කලින් ඒ අයගේ දැනුම් පද්ධතිය ගැන දැනගෙන සිටිය යුතුයි.

    අද ලංකාවේ තරුණ ලමයින්ගේ චින්තනය පුළුල් වෙන්නෙ කොහොමද කියන එක මට ප්‍රශ්ණයක්. සමහර විට හොඳ දේවල් ගොඩක් වෙනව ඇති. මා නොදැනුවත්ව. නමුත් මා කතා බහ කරන තරුණ පරපුර ඉන්නෙ පිපාසයෙන් කියල මට හිතෙනව.
    Machan ona problem ekakata sarala wisadumak tyenawa. Eka final answer nowenna puluwan. Habai eka thama starting point eka. Onna oka catch nokarapu eka thamai auala. Therory monawa tibbath ewa yatai practical walata. Practical waladi apita theory yam yam widiyata wenas karannath wenawa. Onna okai jvp wage radical theories tyena unta ada kela wela tyenne. Un kyana words 99% pure (WORDS ONLY) habai untawath un kyana widiyata wada karanna baha. Eka polawe paya gahala inna ona minihek dannawa . Habai mata ara degree me degree tyenawa kyala oluwa udummagena theory matha idagena wade goda danna baha kawadawath. Eka nisa wade karanna one nam mulinma samajeta bahala inna one. Jeewithe hodama kale campus walatai job walatai kaburupu apita hugak dewala miss wela tyenawa real life eke. Ethakota apita 80% manussaya inna thana hitha ganna amarui.
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මේවා ගැන මෙලෝ දෙයක් දන්නේ නැත්තෙ මන් විතරද🙄🙄

    තෙඩ් එකේ තියෙන video ටික බලන්න අදහසක් ගන්න පුළුවන් වේවි
     
    • Like
    Reactions: EnIgma001

    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    Machan ona problem ekakata sarala wisadumak tyenawa. Eka final answer nowenna puluwan. Habai eka thama starting point eka. Onna oka catch nokarapu eka thamai auala. Therory monawa tibbath ewa yatai practical walata. Practical waladi apita theory yam yam widiyata wenas karannath wenawa. Onna okai jvp wage radical theories tyena unta ada kela wela tyenne. Un kyana words 99% pure (WORDS ONLY) habai untawath un kyana widiyata wada karanna baha. Eka polawe paya gahala inna ona minihek dannawa . Habai mata ara degree me degree tyenawa kyala oluwa udummagena theory matha idagena wade goda danna baha kawadawath. Eka nisa wade karanna one nam mulinma samajeta bahala inna one. Jeewithe hodama kale campus walatai job walatai kaburupu apita hugak dewala miss wela tyenawa real life eke. Ethakota apita 80% manussaya inna thana hitha ganna amarui.


    සහතික ඇත්ත! මං ඔබ කියන දේට එකඟයි. සිද්ධාන්ත හා ප්‍රායෝගික කියන අන්ත දෙක අතර පරතරය ගොඩාක් වැඩි වීමෙන් සිද්ධාන්ත වල ඵලදායීතාවය අඩු වෙනෙව. සැප පුටුවකට වෙලා සංකල්ප දාහක් ගොඩ නඟන කෙනාට වඩා වී ඇටයක් හරි පැල කරපු ගොවිය ඇත්තටම වටිනව. හැබැයි අනිත් අතට මාස්ලොව්ගේ අවශ්‍යතා ධූරාවලිය වගේ සංකල්පයක් අනුව බලද්දි චින්තකයින්ගෙත් ලොකු වටිනාකමක් තියෙනව. සමහර විට ඒ සිද්ධාන්ත තත්කාලීනව ප්‍රායෝගික නොවෙන්න පුළුවං, නමුත් ඒ සංකල්ප පසු කාලීනව
    ප්‍රායෝගිකව මාර විදිහට වැදගත් වෙන්න පුළුවං.

    උදාහරණ විශාල වශයෙන් තිබුණත් මා දැනට එකකින් නවතින්නම්. 1922 දි බ්‍රිතාන්‍ය ගනිතඥයෙක් වන ලුවිස් ෆ්‍රයි කාලගුණ අනාවැකි කියන්න පුළුවන් ගණිතමය සිද්ධාන්තයක් ගෙනාව. ඒක කොච්චර ප්‍රායෝගික නොවන සිද්ධාන්තයක්ද කිව්වොත් ගොඩක් අය ඒක දිහා බැලුවෙ උපහාසාත්මක විදිහට. නමුත් අවුරුදු සීයකට පස්සෙ අද අපි කාලගුණ අනාවැකි කියන්නෙ ලුවිස්ගේ ක්‍රමය පදනම් කරගෙන (දැන් තව කාර්යක්ෂම ගණිත ක්‍රම තියනව නමුත් මෙයාගෙ ක්‍රමය තමයි පදනම ) . ඒ කාලෙ ඒක ජෝක් එකක් වුණාට අද අතිශය වැදගත් දෙයක්. සමාජ සිද්ධාන්තත් ඒ වගේ තමයි කියල මට හිතෙනව.

    ජෙප්පො කියන සිද්ධාන්තත් මොනවද කියල අපි දැනගන්න ඕනි. එක්ස් කණ්ඩායම, නලින්ද සිල්වා, බොදු බල සේනා, අයිසිස්, නව පරපුර, ජිජැක්, නීට්ෂේ, තෝල්ස්තෝයි, මාක්ස්....

    මේ හැම දැනුම් පද්ධතියක්ම අපේ චින්තනය පුළුල් කරනව. වඩා හරවත් අපේම පෞද්ගලික චින්තනයක් ගොඩනගාගන පුළුවං ඒ විදිහට පමණයි කියල මම හිතනව.

    නමුත්... මේ මම හිතන විදිය. මගේ මේ කොමෙන්ට් එක කියවලා කවුරු හරි "ඒ හු**ට පිස්සු!" කියල කිව්වොත් ඒකේ කිසිම අවුලක් නැහැ. වැරැද්දකුත් නැහැ. ඒ එම පුද්ගලයාගේ පෞද්ගලික චින්තනය ගොඩ නැගිල තියන විදිහ. අපි හැමෝම මේ ජීවිතය කියන්නෙ මොකද්ද? අපේ අරමුණ මොකද්ද කියල තේරුම් ගන්න උත්සාහ කරන අසරණ පිරිසක්.


    සංවාදයට ස්තූතියි. :)

    ප.ලි. මා ජෙප්පෙකු හෝ සමාජවාදියෙකු හෝ නොවෙමි. අපක්ෂග්‍රාහික නිරීක්ෂකයෙකි. දැනුම සොයා යන්නෙකි.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔයා යාළුවා, ඔය අතීතය හරියට දන්නේ නැහැ. හරියට කියවල ඉන්න. ඔයාට තියෙන්නේ චම්පික ගැන වෙන ප්‍රශ්ණයක් එකයි චම්පික කිව්ව ගමන් හැම ත්‍රෙඩ් එකේම දුවන් ඇවිත් මඩ ගහන්නේ. :baffled:
    Godak eun taraha mahindawa gahuwa nisa mahinda wattapu nisa natiwa miniha gana hari awabodayak ne.man nam mula idalama dannawa tama kelin kata karana eka manussaya trust karanna puluwan ekama desapalakay. Godak eun champikage katatai moletatai bayay MODAYO wadiyen inna ratame 😂🤣😂😂
     
    • Like
    Reactions: saturn

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    X කියන්නේ උන්ට තියෙන්නේ තුනෙන් එක යි🤣🤣🤣

    උඹව හිරිකොතේ කොළු කාරයන්ට එපා උන නිසානේ කොළු කාරයෝ උඹව එලෙවුවම එරෝසන් ලඟට ගිහිං පුක දෙන්න පටන් ගත්තේ

    ජනේලෙන් පුක දෙන මල්පොන්නයා , මම අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් , මොකද උඹ නැට්ට පුකේ ගහගෙන හැන්ගෙන්නේ දෙන්න උත්තර නැති නිසා ද


    https://elakiri.com/threads/හර්ෂ-දෙරණ-ඵක්ක-අරගනී😁.1953016/page-2#post-25677992
     
    • Haha
    Reactions: siri_ayya

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    X කණ්ඩායම ගැන කතා කරද්දී රොහාන් ගුණරත්න හා සුචරිත ගම්ලත් කියන චරිත 2කෙන් වුන බලපෑම ගැන සදහන් නොකලොත් ලොකු අඩුවක් ! ඒ වගේම දීප්ති මගෙත් වීරයෙක් , නමුත් ඔහු කිසිදා පලි නොගන්න නමුත් ඔහු තුල ඇති මමත්වයත් හීනමානයත් මෙහි විනාසයට ලොකු දායකත්වයක් දුන්නා ...
     
    • Like
    Reactions: Identity

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,206
    113
    Nugegoda
    මමත් ඒලෙවල් කරන කාලේ පාඩම් කරන ගමන් ඔය ලන්ඩන් සඟරාව කියෙව්වා. අවංකවම කියනව නං ගොඩක් එව තේරුනේ නම් නෑ. හැබැයි එක දෙයක් X එක විනාශ වුනේ ඒක climax එකේ ඉන්දෙද්දිම තමයි. ඕනෑම සංවිධානයකට වර්ධනයටත්, පහුබැසීමටත් රටේ තියෙන වාතාවරණයත් බලපානව.

    අනූවෙ දශකයේ අග හරියෙ වෙනකොට, හමුදාව ආරම්භ කරපු ජයසිකුරු මෙහෙයුම එහෙම්පිටිම්ම අසාර්ථක වුනා හමුදාවට විශාල විනාශයක් අත්කරදෙමින්. ඊට පස්සේ යම් පාර්ශවයන් උත්සාහ කරා ඒල් ටී ටී ටී සංවිධානය යුධමය වශයෙන් පරාජය කරන්න බෑ කියල මතවාදයක් ගොඩනගන්න, ඊට පස්සේ අලිමංකඩ වැටුනා, 2001 විතර මුහමාලේ අල්ලගන්න කරපු අග්නිඛීල මෙහෙයුමත් අති අසාර්ථක වුනා SF කොමාන්ඩෝ සෙබලු ගොඩකට මරණය අත්කර දෙමින්. 2001 කටුනායක ප්‍රහාරයෙන් පස්සේ ලංකාව එහෙම් පිටින්ම අසරණ වුනා. පස්සේ යු එන් පී ආණ්ඩුව ආවෙ මේ තත්වය යටතේ තමයි. එවකට අගමැති රනිල් වික්‍රමසිංහ වුනත් තදින්ම අවධාරණය කරා මේක දිනන්න පුලුවන් යුද්ධයක් නෙමෙයි කිය.

    X එකේ සහ ඒ හා සමාන මතවාදයන් තිබුන හිරු කණ්ඩායම වගේ ඒවයි ස්වර්ණමය යුගය ආවෙ ඔය කාලෙ තමයි (2002 පස්සේ). එක එක නම් වලින් මට මතක විදියට රැඩිකල් කණ්ඩායම් බිහිවෙන්න ගත්ත. ඔවුන්ට නොයෙක් විදියෙ අනුග්‍රහ වුනත් ලැබෙන්න ගත්ත. මට මතකයි දීප්ති වගේ අයට රූපවාහිනී වැඩසටහන් වල වුනත් නිතරම ලැබුනා. ලන්ඩන් එකත් ජනප්‍රිය වුනා, ලංකාවෙ ගොඩක් නගර වල වැඩමුළු තිව්වා, රත්මනානෙ වෙනම පන්තියකුත් තිබුනද කොහෙද. ලන්ඩන් සඟරාව කියවද්දිත් මට ටිකක් තේරුන දෙයක් තමයි ඔවුන්ගෙ අදහස් අතරත් යම් යම් නොගැලපීම් තියෙනව කියල. ඉතින් 2004 සුනාමියෙන් පස්සෙ ගහපු සඟරාවෙන් මට මතකයි දීප්තිට පලු යන්න බැනල තිබුනා. ඔවුන්ගේ විරුද්ධ මතධාරීන් වෙච්ච ජාතික චින්තන වාදීන්ට යහපත් වාතාවරණයක් ඒකාලෙ තිබුනේ නෑ. පැරණි වමට සහ නොයෙක් යුධ විරෝධින්ගෙ ස්වරණ්මය යුගය වුනේ ඒ කාලේ, සමහර පරණ වාමාංශිකයොන්ට එන් ජී ඕ වල වුනත් හොඳට ජොබ් ගන්න වුනත් පුලුවන් වෙලා තිබුනා.



    මට මතකයි දීප්තිගෙ කණ්ඩායමේ අය කොළඹ බස්වල බුක්මාර්ක් විකුණන තත්වයට පත්වුනා, පෙරදිග සුලං කියල සඟරාවකුක් කරා, මවුබිම පත්තරේ එක්ක සම්බන්ද වුනා පස්සේ පත්තරේ තහනම් වුනා වෙන සීන් එකකට. ඊට පස්සේ යුද්දෙ දින්නා, කොටි යුධමය වශයෙන් පරාජය කරන්න බෑ කියන මතය පුස්සක් වුනා. එතකොට වාතාවරණය අනිත් පැත්තට හැරුන, සිංහල බෞද්ධ ජාතිකවාදී සංවිධාන එක එක නම් වලින් බිහිවෙන්න පටං ගත්ත. තත්ත්වය කනපිට හැරුණා. රැඩිකල් වාදීන්ගේ හොඳකාලෙ ඉවරවුනා යුද්දෙන් පස්සේ.

    ඉස්සරටහත් ඔය විදියට රටේ තියෙන තත්ත්වය අනුව තමයි රැඩිකල්ස් ල සහ ජාතිකවාදීන් බැලන්ස් වෙන්නේ. හැබැයි මට පුද්ගලිකව හිතෙනව X එකේ බිඳවැටීම රටේ යම් රික්තයක් නිර්මානය කරා කියල
     
    • Like
    Reactions: Gunther

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,051
    113
    එක්ස් එකේ ලොකු වැදගත්කමක් තියෙනව කියල හිතන්නෑ ඒත් අපි සංස්කෘතික ජීවිත වලට එළඹුනු අපේ ෆෝමැටිව් වයස් වල අදහස් හදන්න එක්ස් එක වැදගත් වැඩක් කරා කියල පිළිගන්න වෙනව. මේ අපි ඕලෙවල් කරන කාලෙ- ඒ කාලෙ තියෙන පොලිටිකල් ගැටලු, සෙක්ෂුවල් ගැටලු, පැවැත්ම පිළිබඳ ගැටලු- වලට උත්තර හොයනවනෙ. ගුරුවරුන්ගෙන් ඒවට වැදගත් දෙයක් ලැබෙන්නෙ නෑ උන් ඔක්කොටම වඩා කබ්බො, ආගමෙනුත් අපි නොඅහපු ප්‍රතිවේධයක් ලබල දෙන්නෙ නෑ හෝ එහෙම ලබල දෙන්න සමත් ධර්ම ගුරුවරු නෑ, මොකක්දෝ වාසනාවකට දොරමඬලාව බලද්දි අප්පිරියාවක් දැනුන ඒ කාලෙම. මේව සෙට් නොවීම නිසා මේ ගැටලු විසඳන්න පුලුවන් ෆිලොසොෆි වලින්, පොලිටික්ස් වලින් සහ පොලිටිකල් ඉකොනොමි වලින් කියල තේරුම් ගත්ත කාලෙ ඒ පිපාසාව නිවන්න හිටිය එකම ඉන්ටලෙක්චුවල් කවය එක්ස් එක විතරයි. ඇකඩමියාවෙන් එලියෙ තිබ්බ නිසා කොළඹ ඕනෙම සිවිල් මනුස්සයෙක්ට ඒකට ප්‍රවේශයක් තිබුන.

    අපි එක්ස් එකේ පබ්ලිකේෂන් කියවද්දි එක්ස් එක ඉවර වෙලා පෙරදිග සුළං පටන් ඇරගෙනත් එක්ක. නිර්මාල් වෙනම වැඩ කරේ. ඒත් අවුරුදු කීපෙකට කලින් ඒව කියෙව්වා. ඒකෙන් උන තව වාසියක් තමා බය නැතුව ප්‍රයිමරි සෝර්සස් වලට ගිහින් කියවන්න පොළඹවපු එක. කාන්ට්, විට්ගන්ස්ෂ්ටයින් ගෙ පොත් කියවන්න තමයි පටන් ගත්තෙ ඒත් පස්සෙ කාලෙක භෞතික විද්‍යාව ඉගෙනගනිද්දි මුල් පත්‍රිකා සහ පාඨ ග්‍රන්ත කියවන්න චකිතයක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ. තේරුම් ගන්න අමාරුයි බව දන්නව උනත් පොත පෙරලන්න කම්මැලි උනේ නෑ.

    ආ තව දෙයක්...මන් හිතන්නෙ එක්ස් එකෙන් අද දක්වා මන් තුල පවතින එකම ඉන්ෆ්ලුවන්ස් එක තමා ඉතිහාසය දෘශ්ඨිවාදී ප්‍රකාශනයක් හැටියට කියවගන්න පුලුවන් කියල ඉගෙනගත්තු එක. ඒක නම් නිර්මාල් නිසා සිද්ධ වෙච්ච දෙයක්.

    ඕලෙවල් ඒලෙවල් කාලෙ උනන්දු උන අදහස් කරපු දේශපාලනය හැමදාම ඒ විදිහට කරන්න ඕනෙ නෑ. ඒත් ඔය වයසෙදි ඔලුවෙ මලකඩ ටික ගැලවිලා යන විදිහෙ මොනව හරි බ්‍රේන් ෆුඩ් ටිකක් මනුස්සයෙක්ට වැටෙන්න ඕන නැත්තම් අවුරුදු 30 එහෙම පන්නල සිංහල යුට්‍යුබ් චැනල් වලින් තමා ලෝකෙ තේරුම් ගන්න වෙන්නෙ.

    එක්ස් එකේ ඉතිහාසයෙනුත් ඉගෙන ගන්න දේවල් තියෙනව. ලංකාවෙ වම්මු සහ අනිත් මිනිස්සුන්ට සාමූහික වැඩක් කරගන්න බැරි ඇයි කියන එක වගේ.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    X කියන්නේ උන්ට තියෙන්නේ තුනෙන් එක යි🤣🤣🤣
    උබට එකක්වත් නෑ නේ පොන්නයෝ 😂🖕
    උඹව හිරිකොතේ කොළු කාරයන්ට එපා උන නිසානේ කොළු කාරයෝ උඹව එලෙවුවම එරෝසන් ලඟට ගිහිං පුක දෙන්න පටන් ගත්තේ

    ජනේලෙන් පුක දෙන මල්පොන්නයා , මම අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් , මොකද උඹ නැට්ට පුකේ ගහගෙන හැන්ගෙන්නේ දෙන්න උත්තර නැති නිසා ද


    https://elakiri.com/threads/හර්ෂ-දෙරණ-ඵක්ක-අරගනී😁.1953016/page-2#post-25677992
    ඊයා @2osama කියන්නෙ මෙහෙම ලොල්ලෙක් ද 🤮🤮
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    පශ්චාත් නූතනවාදි
    කියන්නෙ යමක් නොතේරෙන්න කියන එකද ?
    උදා . මම ගෙදර යන්නෙ නෑ.
    මම ගෙදර යන්නෙ නැත්තෙ නෑ.
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    පශ්චාත් නූතනවාදි
    කියන්නෙ යමක් නොතේරෙන්න කියන එකද ?
    උදා . මම ගෙදර යන්නෙ නෑ.
    මම ගෙදර යන්නෙ නැත්තෙ නෑ.
    Postmodernism කියන එකට එක තේරුමක් නැ ඕක මුලින් art වල තිබුන එකක් මම තේරුම් අරන් ඉන්නේ postmodern කියන්නේ modern යුගයේ මූලික උනු logic ,reason , science වලින් හැම දෙයක්ම තේරුම් කරන්න බැ කියල ආපු movement එකක් වගේ
     
    • Like
    Reactions: inranasingha